leader s

ගාසා නගරයේ අතිශය කාර්යබහුල වෙළෙඳපොළ කලාපයක පිහිටි නේවාසික ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදාව එල්ල කළ

දැවැන්ත ගුවන් ප්‍රහාරයකින්, හමාස් සංවිධානයේ සන්නද්ධ අංශය වන 'අල්-කසාම් බ්‍රිගේඩයේ' (Al-Qassam Brigades) නව අණදෙන නිලධාරී මොහොමඩ් ඔඩේහ් (Mohammed Odeh) ඝාතනය වී ඇති බව ඊශ්‍රායලය නිල වශයෙන් තහවුරු කරයි.

ඉස්ලාමීය උත්සවයක් වන 'ඊද් අල්-අදහා' (Eid al-Adha) උත්සවයට පෙරදින සාප්පු සවාරි යන්නන්ගෙන් වීදි පිරී පවතින මොහොතක ගාසා නගර මධ්‍යයේ පිහිටි 'අල්-කයාල්' (al-Kayali) ගොඩනැගිල්ලේ ඉහළ මහල් තුන වෙත මෙම මිසයිල ප්‍රහාර එල්ල වී ඇත. ඇසින් දුටුවන් පවසන්නේ විවිධ දිශාවලින් පැමිණි මිසයිල පහක් පමණ එකවර මෙම ගොඩනැගිල්ලට පතිත වූ බවයි.

තිදෙනෙකු මියගිහින්..

ප්‍රාදේශීය වෛද්‍යවරුන් සහ සහන සේවා අංශ සඳහන් කරන පරිදි, මෙම ප්‍රහාරය හේතුවෙන් අවම වශයෙන් පලස්තීනුවන් තිදෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත. ප්‍රහාරයෙන් සිදුව ඇති දැවැන්ත හානිය සහ ප්‍රදේශයේ පවතින දැඩි තදබදය හේතුවෙන් සුන්බුන් අතර සිටින පිරිස් මුදාගැනීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය සහ 'ෂින් බෙට්' (Shin Bet) ආරක්ෂක ඒජන්සිය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, මාස කිහිපයක් තිස්සේ සිදුකළ බුද්ධි තොරතුරු නිරීක්ෂණයකින් පසුව ඔඩේහ් සැඟවී සිටි ගොඩනැගිල්ල ඉලක්ක කළ බවයි.

මොහොමඩ් ඔඩේහ් යනු 2023 ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරවල ප්‍රධාන සැලසුම්කරුවෙකු මෙන්ම හමාස් බුද්ධි අංශ ප්‍රධානියා ලෙසද කටයුතු කළ අයෙකි. හමාස් සංවිධානයේ හිටපු සන්නද්ධ අණදෙන නිලධාරි ඉස් අද්-දීන් අල්-හඩාඩ් (Izz ad-Din al-Haddad) මීට දින කිහිපයකට පෙර (මැයි මැද භාගයේදී) මෙවැනිම ප්‍රහාරයකින් මියගිය අතර, ඔඩේහ් එම ධුරයට පත්වූයේ ඉන් පසුවය.

දෙපාර්ශවය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක වුවද ඊශ්‍රායලය මෙම ප්‍රහාරය දියත් කර ඇත. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් හමාස් සංවිධානය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති වුවද, ඔඩේහ්ගේ පවුලේ සාමාජිකයන් සහ සමීප ආරංචි මාර්ග ඔහු මෙම ප්‍රහාරයෙන් මියගිය බව තහවුරු කර තිබේ.


සබැඳි පුවත් :

Israeli strike in Gaza City kills new head of Hamas's military wing

Israeli strike in Gaza City kills new head of Hamas's military wing


 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්