leader s

ගල්ෆ් ගැටලුව ඊයේ (2) නව මුහුණුවරක් ගත්තේය. බහ්රේන්, කුවේට් සහ කලාපයේ තවත් ඉලක්ක කිහිපයක් වෙත, ඉරාන මිසයිල ප්‍රහාර එල්ල වූ බව, එක්සත් ජනපද හමුදා කියා සිටියහ.

එම ඇතැම් ප්‍රහාර, ඉලක්ක මග හැරීමෙන් අසාර්ථක වූ අතර, ඉතිරිය සාර්ථකව ව්‍යර්ථ කෙරිණි. වොෂින්ටනය සහ ටෙහ්රානය අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්න තව දුරටත් ගිලිහෙමින් පවතී.

කුවේටය දෙසට එල්ල කළ ඉරාන මිසයිල දෙකක් ගුවනේදී දෙකඩව ඉලක්කය වැරදී මග ඇද වැටිණි. කලාපයේ තවත් ඉලක්ක කිහිපයක් වෙත එල්ල කරන ලද ඉරාන  බැලස්ටික් මිසයිල ද අසාර්ථක විය. මේ අතර, බහ්රේනයට එල්ල කළ ඉරාන මිසයිල තුනක් ගුවනේදී ව්‍යර්ථ කෙරිණි.

ඉකුත් පෙබරවාරි අග යුද්ධය  ඇරඹි තැන් සිට, කලාපයේ එක්සත් ජනපද ඉලක්ක වෙත ඉරානය දිගින් දිගටම ප්‍රහාර එල්ල කළේය. ඉන් බහුතරය එක්සත් ජනපද හමුදා කඳවුරු ය.

46yuuu6
ගල්ෆ් සාගර කලාපයේ යාත්‍රා කළ සිවිල් නෞකා සහ කුවේටයේ රඳවා සිටින සිය හමුදා  වෙත එල්ල කළ  ඉරාන ඩ්‍රෝන ප්‍රහාර ද ව්‍යර්ථ කළ බව, එක්සත් ජනපද මධ්‍යම විධානය දැන්වීය. එක්සත් ජනපද හමුදා, හෝර්මුස් සමුද්‍ර සන්ධිය අසල ඛෙෂ්ම් දිවයින වෙත එල්ල කරන ලද ප්‍රහාරයකින්, ඉරාන ප්‍රහාර ප්‍රයත්නයක් වැළකී ගියේය.

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකා භටයින් බහ්රේන් හි පිහිටි එක්සත් ජනපද පස්වන නාවුක බලඇණි මූලස්ථානය වෙත මෙන්ම, කලාපයේ අන් ස්ථානයක පිහිටි එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරක් සහ හෙලිකොප්ටර ඉලක්ක කර  පහර දුන් බව, ඉරාන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කළේය. දකුණු ඛෙෂ්ම් හි වූ ඉරාන සන්නිවේදන කුළුණක් ඉලක්ක කළ එක්සත් ජනපද ප්‍රහාරයන්ට ප්‍රති-ප්‍රහාර වශයෙන් එසේ සිදුකළ බව ද, ඉරාන රාජ්‍ය මාධ්‍ය සඳහන්  කළේය.

g55557

 

සියලු ඉරාන ප්‍රහාර ව්‍යර්ථ කළ බව කී, එක්සත් ජනපද මධ්‍යම විධානය, සිය හමුදා, සමස්ත  ඉරාන සන්නද්ධ ඉලක්ක වැනසීමේ  පූර්ව සූදානමේ පසුවන බව දන්වා සිටියේය. හෝර්මුස් සමුද්‍ර සන්ධිය තවමත් විශාල ලෙස ඉරාන සම්බාධක මධ්‍යයේ පවතී.

යුද්ධය නැවතීම පිණිස,  තාවකාලික මූලික එකඟතාවකට පිවිසි බව, ඉරානය සහ එක්සත් ජනපදය පසුගිය සතියේ කියා සිටියහ. එහෙත්, මේතාක් දෙපාර්ශ්වය විසින්, කිසිදු එකඟතා ගිවිසුමක් අත්සන් තබා නැත. ටෙහ්රානය දින ගණනක් වොෂින්ටනය හා කිසිදු සාකච්ඡාවක් පවත්වා නැතැයි, ඉරාන මාධ්‍ය වාර්තා කළේය. එහෙත්, එම සාකච්ඡා නතරකර නැතැයි, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් කීය.

"අප අතර සාකච්ඡා අඛණ්ඩව සිදු වනවා, උදාහරණ වශයෙන් මීට සිව් දිනකට, තෙදිනකට, දෙදිනකට වගේම දිනකට පෙරත් අප කතා කළා. මේ අදත් ඒකම  සිද්ධ වෙනවා," ඔහු සමාජ මාධ්‍ය සඳහනක පැවසීය.

 

v56u567
සටන් නවතා සාකච්ඡා ආරම්භ කිරීම පිණිස ඉරානය හා එකඟතාවකට ආසන්න බව, ට්‍රම්ප් පවසන්නේ මාර්තු මැද  සිටය. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන එම සාකච්ඡා හි ප්‍රමුඛ මාතෘකාවකි.

 ඉරානය  න්‍යෂ්ටික අවියක් සතු කර ගැනීම වැළකීම සිය ප්‍රධාන අභිමතාර්ථය බව ට්‍රම්ප් කියා සිටී. න්‍යෂ්ටික බෝම්බයක් නිෂ්පාදනය කරන බවට සියළු   'කට කතා', ඉරානය තරයේ ප්‍රතික්ෂේප කරන අතර  සිය න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී අරමුණු පිණිස පමණක් බව,  කියා  සිටී.

සාම කතා බහට අවතීර්ණ වීමට නම්,  ඉරානය, ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක ඉන්දන ආදායම් ඉපයීමේ සිය අයිතීන් ඉල්ලා සිටින අතර, බොර තෙල් අපනයන මත පනවා ඇති බදු  මෙන්ම,  සිය වරාය වෙත පනවා ඇති එක්සත් ජනපද තහනම ඉවත් කළ යුතු බව  ද, යුද්ධයට පෙර ගෝලීය ඉන්දන සහ ස්වභාවික ගෑස්  ප්‍රවාහනයේ පහෙන් එකක්  සිදු කළ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පූර්ණ පාලනය තමන් සන්තකයේ පැවතිය යුතුබව ද, අවධාරණය කරයි.

මේ අතර, හෝර්මුස් ආසන්නයේ වූ ඉරාන නෞකාවකට එල්ල වූ එක්සත් ජනපද හමුදා ප්‍රහාරයකට ප්‍රති-ප්‍රහාර ලෙස, ඉරාන විප්ලවීය හමුදා,  'පනායා' නම් නෞකාවක් වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව, ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
 6/03/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

මුලාශ්‍රය :
Hostilities flare in Iran war, oil jumps with talks at a stalemate

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්