leader s

ඉරානය, න්‍යෂ්ටික අවියක් නොතැනීමට එකඟ වූ බව, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

යූ ටියුබ් නාලිකාව ඔස්සේ එරට පොඩ්කාස්ට් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඉරානය සන්තකයේ න්‍යෂ්ටික අවියක් තබා නොගැනීමට ඔවුන් එකඟ වූ බවත්, ඉරාන උත්තරීතර නායක මොජ්තබා ඛමෙනි එක්සත් ජනපද නියෝජිත පිරිස සමග පැවති  සාකච්ඡා සඳහා සහභාගී වූ බවත්, ට්‍රම්ප් පැවසීය.

සිය පරමාණු බලශක්ති වැඩසටහන සාමකාමී අරමුණු පිණිස පමණක් බව, ටෙහ්රානය මීට පෙර ද අවධාරණය කළේය.

 

r67ir67r6

මේ අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ  දී ඉරාන ඉන්දන නෞකාවක් සහ ඛෙෂ්ම් දිවයිනේ සන්නිවේදන කුළුණක්  වෙත එල්ල කළ එක්සත් ජනපද හමුදා   ප්‍රහාර හෙලා දකිමින් ඉරානය විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.  එය, සටන් විරාම ගිවිසුමේ අවබෝධතා කොන්දේසි සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය  කරමින් එල්ල සිදු කළ ප්‍රහාරයක් බව එහි සඳහන් ය.

කුවේට් සහ බහ්රේන් රාජ්‍ය ද ඊට සෘජුව වග කිවයුතු බව, ටෙහ්රානය දැන්වීය. එම රටවල භූමිය,  සහ ඊට අයත් සාගර සහ ගුවන් අවකාශ එක්සත් ජනපද හමුදා මෙහෙයුම් පිණිස ලබා දීම සම්බන්ධයෙන් ඉරානය චෝදනා කරයි.

එම ප්‍රහාරයන්හිදී ආත්මාරක්ෂාව සලසා ගැනීමේ පූර්ණ අයිතිය යටතේ,   සියලු වැර  යොදා ප්‍රති ප්‍රහාර දක්වන බවට ටෙහ්රානය අනතුරු ඇඟවීය. ඉදිරි ප්‍රහාරයකදී ඊට සම්බන්ධ ඕනෑම ඉලක්කයක් විනාශ කර  දැමීමට කටයුතු කරන බව එහි දැක්වේ.

කුවේට් ගුවන් තොටුපොළට ප්‍රහාරයක්

v6u
අද (3), කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත එල්ල  වූ ඉරාන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් හානි සිදු විය. ගැටුම් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ එහි ගුවන් ගමන් යළි ආරම්භ කරන ලද්දේ මීට දෙදිනකට පෙර ය. මීට ඉහත ද ඉරාන ප්‍රහාර හමුවේ  හානියට පත් 'ටී 1' මගී පර්යන්තයේ ප්‍රතිසංස්කරණ නිම කිරීමෙන් අනතුරුව පසු ගිය සඳුදා (4), එහි පූර්ණ මෙහෙයුම් යළි ඇරඹිණි.  

අද, කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ 'ටී 1' ගොඩනැගිල්ල වෙත යළි එල්ල වූ ඉරාන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් දැඩි අලාභ හානි සිදුව ඇතැයි, කුවේට් රාජ්‍ය සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසීය.

ඒ වෙත ලඟා වෙමින් තිබූ සියලු ගුවන් යානා, අසල වෙනත් ගුවන්තොටුපොළ වෙත හරවා යැවීමට කටයුතු කෙරිණි.  ප්‍රහාරයෙන් අනතුරුව තාවකාලිකව අත්හිටුවන ලද ගුවන් මෙහෙයුම්  මේ වන විට යළි ආරම්භ කර තිබේ. එහි පර්යන්ත 4 ගොඩනැගිල්ලේ සිට එම මෙහෙයුම් ක්‍රියාත්මක ය.

අද,  කුවේට්  ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත එල්ල කරන ලද ඉරාන ප්‍රහාරයෙන් එක් අයකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාළ ලද බව, කුවේට් රාජ්‍ය සිවිල් ගුවන් සේවා අධිකාරිය දන්වා සිටී. එම ප්‍රහාරයෙන් අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සහ රාජ්‍ය තාන්ත්‍රික ගොඩනැගිලි ද විනාශ විය.

කුවේටය සහ බහ්රේනය ඉලක්ක කර සිදු කෙරෙන අඛණ්ඩ ඉරාන ප්‍රහාර සම්බන්ධයෙන් ගල්ෆ් රාජ්‍ය සමූහය එක්ව දැඩි පියවරක් ගත යුතු යැයි, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිලිබඳ ජනපති උපදේශක අන්වර් ගර්ගෂ් පැවසීය. එම ප්‍රහාර හමුවේ කිසිදු රාජ්‍යයකට හුදෙකලා වීමට ඉඩ නොතැබිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.

කුවේටය දෙසට එල්ල කළ ඉරාන මිසයිල දෙකක් ගුවනේදී දෙකඩව ඉලක්කය වැරදී මග ඇද  වැටුණු බවත්,  කලාපයේ තවත් ඉලක්ක  කිහිපයක් වෙත එල්ල කරන ලද ඉරාන  බැලස්ටික් මිසයිල ද අසාර්ථක වූ බවත්,  බහ්රේනයට    එල්ල කළ ඉරාන මිසයිල තුනක් ගුවනේදී ව්‍යර්ථ කෙරුණු බවත්, එක්සත් ජනපද මධ්‍යම විධානය මීට ඉහත දන්වා සිටියේය.

'හෙල්ෆයර්' මිසයිල ප්‍රහාරයක්


එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා ඇති වරාය තහනම නොතකා ඉරාන වරායයක් වෙත යාත්‍රා කරමින් තිබු ඉන්දන නෞකාවක් වෙත ඊයේ (2), එක්සත් ජනපද හමුදා 'හෙල්ෆයර්' මිසයිල ප්‍රහාරයක් සිදු කළේය. මධ්‍යම විධානය විසින් එම ප්‍රහාරයේ දර්ශන ද මේ වන විට   නිකුත් කර තිබේ. බොට්ස්වානා ධජය යටතේ යාත්‍රා කළ, 'එම්.ටී. ලේක්සි' ඉන්දන නෞකාවේ ප්‍රධාන යන්ත්‍රාගාරය ඉලක්ක කොට එම ප්‍රහාරය එල්ල කෙරිණි.

පසුගිය අප්‍රේල් 13 දා සිට ඉරාන වරාය වෙත පැනවූ තහනම මධ්‍යයේ එක්සත් ජපද හමුදා විසින් අක්‍රීය කරන ලද සය වන නෞකාව එය වේ.

අද, බ්‍රෙන්ට් බොරතෙල්  ඉදිරිය 1%කින් ඉහළ ගියේය. ඒ අනුව, බොරතෙල් බැරලයක නව මිල ඇමෙරිකානු ඩොලර් 94.74ක් ලෙස සටහන් විය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
6/03/2026


(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

මුලාශ්‍රය :
Iran war live: Kuwait says 63 injured and airport damaged by Iranian strikes

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්