ෆ්‍රෑන්ක්ෆර්ට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මගී පර්යන්ත දොරටුවක නවතා තිබියදී, ඊයේ (4), බෝයිඞ් 787 ගුවන් යානයක ඉදිරිපස රෝදය බිඳී, යානය බිම ඇද වැටීම සම්බන්ධයෙන්, ගුවන් අනතුරු විමර්ශනය පිලිබඳ ජර්මානු ෆෙඩරල් කාර්යාංශය මගින් විමර්ශනයක් ආරම්භ කෙරේ.
එහි අතුරු වාර්තාව ඉදිරි සති අටකින් පමණද, අවසන් වාර්තාව වසරක් ඇවෑමෙන් ද නිකුත් කිරීමට අපේක්ෂිත ය. සිදු වූ අනතුරින් සුළු තුවාල ලද එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ගුවන්තොටුපොළ සේවකයින් කිහිපදෙනකු රෝහල් ගත කිරීමට කටයුතු කළ බව, එම යානය අයත් ලුෆ්තැන්සා ගුවන් සේවය පැවසීය. එසේ රෝහල් ගත කළ එම ගුවන් සේවයේ සේවකයින් දෙදෙනකු, ප්‍රතිකාර අවසන් කර, ඊයේම රෝහලින් පිටව ගොස් ඇතැයි ද සඳහන් ය. විමර්ශන කටයුතුවලින් අනතුරුව, යානය අලුත්වැඩියා කෙරේ. අනතුර සිදු වන අවස්ථාවේ ගුවන් යානයට මගීන් ඇතුළු කිරීම ආරම්භ කර නොතිබි බව ද, එම ගුවන් සේවය වැඩි දුරටත් සඳහන් කළේය.
ඊයේ, එරට වේලාවෙන් ප.ව. 12.45 ට පමණ එම අනතුර සිදු විය. ඒ අවස්ථාවේ, එම මගී ගුවන් යානය, ලොස් ඇන්ජලීස් බලා පියාසර කිරීමට සූදානම් කෙරෙමින් පැවතිණ.
එය, එම ගුවන් සේවයට මෑතකදී එක් වූ ගුවන් යානයකි. මේ වන විට, එම ගුවන් සේවයෙන් මඳ කාර්යක්ෂම යානා ඉවත් කර, ඊට අයත් ගුවන් යානා සමූහය වඩා සරල කිරීමේ වැඩසටහනක් ද දියත් කර ඇත.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)