leader s

 ඉරාන ප්‍රහාර හමුවේ  විනාශයට පත් වන ගල්ෆ් රටවල යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය සහ යළි ඉදිකිරීම පිණිස, තහනම් කරන ලද ඉරාන වත්කම් භාවිතා කිරීමට  පියවර ගන්නා බව, එක්සත් ජනපද ආරංචි මාර්ග උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.  

කුවේට් සහ බහ්රෙන්  රාජ්‍ය වෙත එල්ල කරන ලද නවතම ඉරාන ප්‍රහාර මාලෙන් අනතුරුව, ඊයේ (6), මේ බව නිවේදනය කෙරිණි.

ඉරාන ප්‍රහාර හේතුවෙන් ගල්ෆ් රටවල සිදුව ඇති විනාශය තක්සේරු කිරීමට එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්, ස්කොට් බෙසෙන්ට් විසින් විශේෂ නියෝජිත කණ්ඩායමක් ද පත් කර තිබේ.

එක්සත් ජනපදය හා සාම ගිවිසුමකට එළැඹීම, තහනම් කරන ලද ඇමෙරිකානු ඩොලර් බිලියන 24 ක  ඉරාන වත්කම් නිදහස් කිරීමේ එක්සත් ජනපද තීරණය  මත රඳා පවතින බව, ඉරාන උත්තරීතර නායකයාගේ උපදේශක, මොහ්සෙන් රෙසායෙල් සී.එන්.එන්. රූපවාහිනී සංවාදයකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

තහනම් කරන ලද ඉරාන වත්කම් අන් දිශාවකට යොමු කිරීම, දැනට නිවේදිත වහා බිඳෙනසුළු  එක්සත් ජනපද - ඉරාන සටන් විරාමය තව දුරටත් අවදානමට බඳුන් කිරීමකි.

දෙරට අතර සාම කතා අඩාලව පවතී. මෙම සතියේද, දෙපසම වෙඩි හුවමාරුවේ පසු විය. සාම කතා බහේ ප්‍රධාන මැදහත් පාර්ශ්වය, පාකිස්ථානය වේ.  ඊයේ (6), එරට අමාත්‍යවරයකු, ඉරාන උත්තරීතර නායකයා වෙත ලිපියක් ද රැගෙන  ටෙහ්රානය බලා පිටත් විය.

ඊයේ අළුයම එක්සත් ජනපද හමුදා, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පිහිටි ගොරුක් සහ ඛෙෂ්ම් දිවයිනේ වෙරළබඩ රේඩාර් පද්ධති සහ එම පරිශ්‍ර සොයා පහර දුන්හ. ඉරානය විසින් මුදාහල ඩ්‍රෝන යානා විනාශ කිරීමෙන් අනතුරුව, එය සිදු කළ බව, එක්සත් ජනපද මධ්‍යම විධානය දැන්වීය. ඉරාන ක්‍රියාකාරකම් හෝර්මුස්  කලාපයේ සිවිල් සමුද්‍රික ප්‍රවාහන කටයුතුවලට තර්ජනයක් සේ සලකා, එම ප්‍රහාර එල්ල කළ බව ද, මධ්‍යම විධානය දැන්වීය. ඊයේ සන්ධ්‍යාවේද, තවත් ඉරාන ප්‍රහාරක ඩ්‍රෝන යානා දෙකක්, එක්සත් ජනපද ප්‍රහාර හමුවේ විනාශ විය.

ඉරාන විප්ලවීය හමුදාවද, ඊට ප්‍රති-ප්‍රහාර දැක්වීය. ඔවුහු කුවේටයේ සහ බහ්රේන් හි පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරු වෙත ප්‍රහාර එල්ල කළහ. කුවේටයේ නේවාසික ප්‍රදේශවලට ඉහළින් ගමන් කළ බැලස්ටික් මිසයිල හතක්  ව්‍යර්ථ කළ බව, එම හමුදා පැවසූහ. එම හුවමාරුවේදී,  අවට යටිතල පහසුකම් හානියට පත් වුවද ජීවිත හානි කිසිත් වාර්තා නොවේ.

බහ්රේන් හි ආරක්ෂක සයිරන් හඬ ක්‍රියාත්මක වූ අතර, නෙවාසිකයින්ට වහා ආරක්‍ෂිත ස්ථාන කරා පලා යන ලෙස දැන්විණි. කුවේට් සහ බහ්රේන් රාජ්‍ය විසින් ඉරාන ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කර තිබේ. දෙරටේම පිහිටි එක්සත් ජනපද කඳවුරු වෙත බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කළ බව, ඉරානය කියා සිටියේය. ඉන් හයක් ව්‍යර්ථ කළ බවත්, හත්වැන්න ඉලක්කය වරදා ගත් බවත් එක්සත් ජනපදය කීය.

එක්සත් ජනපදයේ ද, දින දින  ඉහළ යන ගෑස් මිල හේතුවෙන්,  ඉරාන යුද්ධය අවසන් කිරීමට ජනපති ට්‍රම්ප් වෙත දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී. ඉරානය සතු ඩ්‍රෝන නිෂ්පාදනාගාර මුළුමනින්ම පාහේ විනාශ කළ ද, තවමත් ඔවුන් සිය මිසයිල සංචිතයෙන් පහෙන් එකකට හිමිකම් කියන බව, ජනපති ට්‍රම්ප් NBC පුවත් සේවයට පැවසීය.

"උං ළඟ තව මිසයිල ටිකකුයි, ඩ්‍රෝන කීපෙකුයි තියෙනව. ප්‍රතිශතයක් විදිහට කියනව නම්, තව මිසයිල සියයට 21ක 22 ක ප්‍රමාණයක් එතන ඇති.  ඒක ලොකු ප්‍රමාණයක් තමා. හැබැයි, අපි ගහන්න පටන්ගන්නකොට තිබුණ වගෙ නෙවෙයි," යනුවෙන් ඔහු   කීය.

අද (7),  ඔපෙක් ප්ලස් (OPEC+) කණ්ඩායම, ඉන්දන නිකුත් කිරීමේ ප්‍රමාණය සිව් වන වරටත් වැඩි කිරීමේ අපේක්ෂාවේ පසු විය.

ලෙබනනයේ සිට සිය දේශ සීමා කලාප ඉහළ අවකාශය වෙත කඩා වැදුණු මිසයිල දෙකක් සාර්ථකව ව්‍යර්ථ කළ බව, ඊශ්‍රායලය අද පැවසීය. දකුණු ලෙබනනයේ, හමුදා රථයක් ඉලක්ක කර  සිදු කළ ප්‍රහාරයකින් ලෙබනන හමුදා නිලධාරීන් දෙදෙනකු සහ භටයකු ජීවිතක්ෂයට පත්වීමෙන් දිනකට පසු, එම ප්‍රති-ප්‍රහාර වාර්තා වේ.


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ  උදයකාන්ත පීරිස්)

 6/07/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)


මුලාශ්‍රය :
US eyes Iranian assets for Gulf allies' reconstruction, source says

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්