leader s

අද (ජූනි 08) උදෑසන දකුණු ෆිලිපීනයේ මින්දනාවෝ දූපත් කලාපය කේන්ද්‍ර කරගනිමින් රිච්ටර් මාපක 7.8ක අතිශය ප්‍රබල භූ කම්පනයක් සිදුවීමත් සමඟ සමස්ත පැසිෆික් කලාපීය වෙරළ තීරය පුරා දැවැන්ත සුනාමි අවදානමක් සහ භීතියක් නිර්මාණය වී තිබේ.


භූ අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් වැනි ඉතා නොගැඹුරු මට්ටමක (Shallow depth) මෙම කම්පනය හටගෙන තිබීම හේතුවෙන්, එහි කම්පන තරංග අසල්වැසි ඉන්දුනීසියාව සහ ජපානය දක්වා ද ප්‍රබලව දැනී ඇත.  

"බලා නොසිට වහාම උස් බිම් වෙත යන්න"

c5y45
භූ කම්පනය සිදු වූ වහාම ක්‍රියාත්මක වූ ෆිලිපීන සහ ඉන්දුනීසියානු ආපදා කළමනාකරණ ආයතන වෙරළබඩ කලාපයන් සඳහා මීටරයකට වඩා උස් සුනාමි රළ පැමිණීමේ අවදානමක් ප්‍රකාශයට පත් කරන ලදී.

ජනතාව අමතමින් විශේෂ ප්‍රකාශයක් කළ ෆිලිපීන ජනාධිපති කනිෂ්ඨ ෆර්ඩිනන්ඩ් මාර්කෝස් (Bongbong Marcos) අවධාරණය කළේ, "කිසිවක් දෙස බලා නොසිට වහාම උස් බිම් වෙත ඉවත් වන්න. ඔබ හැරදමා යන දේට වඩා ඔබේ ජීවිතය වටිනවා" යනුවෙනි.

ප්‍රධාන කම්පනයෙන් පසුව ද ප්‍රබල පශ්චාත් කම්පන (Aftershocks) රැසක් අඛණ්ඩව සිදුවීම හේතුවෙන්, බියට පත් දහස් සංඛ්‍යාත ජනතාව සිය නිවාස සහ ගොඩනැඟිලි අත්හැර විවෘත ආරක්ෂිත ස්ථාන වෙත රැස්වෙමින් සිටිති.  

කඩා වැටුණු සන්නිවේදනය සහ මානුෂීය පිරිවැය

q5y45y54y65y5w65w6wu56u56

භූ කම්පනයේ අපිකේන්ද්‍රයට ආසන්නතම ප්‍රදේශය වන සරන්ගානි (Sarasgani) පළාතේ විදුලි බලය, ජලය සහ අන්තර්ජාල සන්නිවේදන සබඳතා සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ. ආරක්ෂක පියවරක් ලෙස කලාපයේ සියලුම පාසල් සහ අධ්‍යාපන ආයතන වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත. ප්‍රදේශයේ විපත් ප්‍රධානී රෙනේ පුන්සාලන් ප්‍රකාශ කර ඇත්තේ, උස් ගොඩනැඟිලි සම්පූර්ණයෙන්ම කඩා වැටීමක් පිළිබඳව මෙතෙක් වාර්තා නොවුණ ද, ප්‍රාදේශීය රාජ්‍ය ගොඩනැඟිලි සහ නිවාස රැසක බිත්ති සහ ව්‍යුහයන් පුපුරා දැඩි හානි සිදුව ඇති බවයි.  

භූගෝලීය වශයෙන් ‘පැසිෆික් ගිනි වළල්ල’ (Pacific Ring of Fire) මත පිහිටීම හේතුවෙන් මෙවැනි ස්වාභාවික ව්‍යසනයන්ට නිතර මුහුණ දෙන මෙම කලාපයේ, පද්ධතීන් බිඳවැටෙද්දී මිනිස් ජීවිත සුරැකීම වෙනුවෙන් සහන සේවා කණ්ඩායම් සහ සාමාන්‍ය ජනතාව දක්වන සාමූහික සහයෝගීතාවය දෙස ලෝකයම බලාපොරොත්තු සහගතව බලා සිටියි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
 6/08/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

මුලාශ්‍රය :
Earthquake of magnitude 7.8 strikes off southern Philippines

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්