leader s

ජපානයේ උට්සුනොමියා නගරයේ දොළොස් වතාවකටත් වැඩි වාර ගණනක් දිසි කළු වලසකු සොයා විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.

අද (9), දෙවන දිනටත් එය ක්‍රියාත්මකය. උද්ගත අන්තරායය හේතුවෙන් ඊයේ සහ අද ද, එහි  ප්‍රාථමික සහ කණිෂ්ට පාසල් සියල්ල අඛණ්ඩව  වසා දැමීමට බලධාරීහු පියවර ගත්හ.

කි.ග්‍රෑ. 100ක පමණ බරින් යුත් බවට සැක කෙරෙන මෙම වලසා අවසන් වරට දර්ශනයව ඇත්තේ, එහි විශ්වවිද්‍යාලයට කි.මී.700ක්  පමණ දුරින් අද අළුයම ය. වලසා, එහි මුල් වරට හමුව ඇත්තේ, පසු ගිය සෙනසුරාදා (6) සන්ධ්‍යාවේදීය. තෝකියෝ අගනුවරට කි.මී.100ක් පමණ උතුරින් උට්සුනොමියා නගරය පිහිටා තිබේ.

bearsfds

ජපානයේ නාගරික  කලාප ඇතුළු ප්‍රදේශ රැසක වලස් ප්‍රහාර වර්ධනය ව පවතී. එම සත්ත්ව ප්‍රහාර මැඩලීම පිණිස රජය විසින් විශේෂ කාර්ය සාධක බලකායක් ද ස්ථාපිත කර ඇත. ඉකුත් වසරේ පමණක් එරට පුද්ගලයින් 238 දෙනෙක් වලස් ප්‍රහාරවලට ගොදුරු වූහ.  පුද්ගල මරණ 13ක් ද ඊට ඇතුළත් බව ජපාන පරිසර අමාත්‍යංශය පවසයි.

ආසියානු කළු වලසා ගෝලීයව ද  තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂයකි. එහෙත්, 2012 වසරේ සිට ජපානයේ එම වලස් ගහනය තෙගුණයකින් වර්ධනය ව ඇතැයි වාර්තා වේ. වලස් දඩයම සීමා කිරීම ඊට හේතුව ය.

bv5y5e4455454454567
නගර සභා සහ පළාත් පරිපාලන කාර්ය මණ්ඩල සාමාජිකයින්, ගිනි නිවීමේ  දෙපාර්තමේන්තු කණ්ඩායම් සහ දඩයම්කරුවන්ගේ  සංගමයේ සාමාජිකයින් එක්ව වලසා  සොයා නගරයේ සහ අවට කලාපයේ  අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක ය. වලසා සොයා ගැනෙන ස්ථානය අනුව, එම සත්වයා නිර්වින්දනය කෙරෙන්නේද, වෙඩි තබා මරා දමන්නේද, හෝ වනාන්තරයකට මුදා හැරීම පිණිස උගුල් ගත කෙරෙන්නේද යන්න තීරණය කෙරේ.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Bear hunt continues as Japanese city shuts schools for second day

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්