leader s

ඉරානය සහ ඊශ්‍රායලය, දෙරට අතර ප්‍රහාර තාවකාලිකව නවතන බව, ඊයේ (8) දැන්වීය.

එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ ඉල්ලීමක් මත එය සිදු කර තිබේ. එහෙත්, ඊශ්‍රායල හමුදා යළි ලෙබනනයේ හිස්බොල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළහොත්, පෙරළා පහර දෙන බව ටෙහ්රානය විසින් අනතුරු අඟවා තිබේ.

අප්‍රේල් සිට ක්‍රියාත්මක ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, එක්සත් ජනපද - ඉරාන සාම ප්‍රයත්න අඩාල ව පවතී. ඉරාන යුද්ධයට දැන් තෙමසකි.

නව ප්‍රහාර හමුවේ 5%කින් පමණ ඉහළ ගිය ගෝලීය ඉන්දන මිල, ඊශ්‍රායලය වෙත පළමු ප්‍රහාර මාලාව අවසන් බවට ඉරානය විසින් නිවේදනය කිරීමත් සමග යළි පහළ ගියේය.

56u7567u7009

බීරුත් හි හිස්බොල්ලා ඉලක්ක වෙත සිදු කළ ඊශ්‍රායල ප්‍රහාරයන්ට ප්‍රති ප්‍රහාර බව පවසමින් ඉරානය ඉරිදා (7), ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළේය. අනතුරුව, ඊශ්‍රායල හමුදා ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති සොයා පහර දුන්හ. ඉරාන බැලස්ටික් මිසයිල නිෂ්පාදනය කෙරෙන බවට හැඳිනූ පෙට්‍රොරසායන කර්මාන්ත ශාලාවක් ද එම ප්‍රහාරවලට නතු විය. ඊශ්‍රායලයේ හයිෆා හි පිහිටි එවැනිම ඉලක්කයක් වෙත ප්‍රති ප්‍රහාර එල්ල කළ බව, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පැවසීය. දෙපස ප්‍රහාර හේතුවෙන් පුද්ගල මරණ හෝ තුවාළ කරුවන් කිසිවකු වාර්තා නොවීය.

පෙබරවාරි 28 දා, ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඇරඹි ඉරාන යුද්ධය අවසන් කිරීම පිණිස, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දරන සියලු ප්‍රයත්න මෙම නව ප්‍රහාර හමුවේ අඩාලව පවතී. අප්‍රේල් 8 දා නිවේදිත සටන් විරාමයකින්, සියලු ගැටුම් ඉසිඹුවක් ලද ද, ගල්ෆ් කලාපයේ ස්ථාන වෙතින් විටින් විට, දිගින් දිගටම  ප්‍රහාර වාර්තා විය.

g5688989
"නූගත්  සහ අමනකම් මැද, සාමය ගැන අවසන් සාකච්ඡා ඉදිරියට ඇදේ," ට්‍රම්ප් සමාජ මාධ්‍යයේ සඳහන් කළේය.

ඊයේ (8) එක්සත් ජනපද සහ ඊශ්‍රායල නායක දෙපළ අතර සාකච්ඡා සිදු කෙරිණි.

යළි ඉරානය හා සටනට පිවිසියහොත්, එය තනිව සිදු කර ගන්නා ලෙස,  ඊශ්‍රායල නායකයාට අනතුරු ඇඟවූ බව,  ට්‍රම්ප් මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය. "මම කිව්වා, 'බිබී' උඹ ප්‍රවේසම් වෙයං, නැත්තං අතරමං වෙලා තනි වෙන්නයි වෙන්නෙ," ඔහු කීය.

රාජ්‍ය නායක දෙපළ අතර සාකච්ඡා සුහදශීලීව සිදු කෙරුණු බව ප්‍රකාශ කළ එක්සත් ජනපදයේ ඊශ්‍රායල තානාපති, ලෙෂෙල් ලෙයිටර්, නොමග යවනසුළු කථා වාර්තාකරණය පිලිබඳව මාධ්‍යවේදීන්ට දෝෂාරෝපණය කළේය.  

"ඔවුන් දෙදෙනා අතර මිතු දම  අවුරුදු 40කට එහා ගිය ඉතා ගැඹුරු එකක්. ආදරවන්තයින්   අතරත් සමහර වෙලාවට ඔය පොඩි පොඩි අරෝවල්  ඇතිවෙන්නෙ. සාකච්ඡා කාමරේ තත්ත්වෙ ටිකක් උණුසුම් වෙන වෙලාවල් නැත්තේම නෑ," ඔහු කීය.

 

k789

ඕනෑම දිගු කලක් ප්‍රහාරයේ යෙදීමට සූදානම් බව, ඊශ්‍රායලය කියා සිටි අතර ඉරානය ද, දීර්ඝ කාලීන යුද්ධයකට සූදානමින් පසුවන බව දැන්වීය. ඉරානය, කලාපයේ එක්සත් ජනපද ඉලක්ක වෙත පහර දීමට පසුබට නොවන බව ද එහි දැක්වේ. ටෙහ්රානය සහ වොෂින්ටනය අතර පණිවුඩ හුවමාරුව සිදු වුවද, ඉරාන පාර්ශ්වය ඒ පිලිබඳ දැඩි සැකයේ පසුවන බව, ඉරාන විදෙස් අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයෙල් බඝේ පැවසීය.

වහා සියලු ප්‍රහාර අත්හිටුවන ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම්, අන්තෝනියෝ ගුටෙරෙස් ද සියලු පාර්ශව වෙතින් විශේෂ ඉල්ලීමක් කර ඇත.

 

km78o7
ඉරාන ජාතික ආරක්ෂාවට, යේමනයේ හුති සන්නද්ධ කණ්ඩායම ඇතුළු ගල්ෆ් කලාපයේ ඉරාන සන්ධානයට එල්ලවන ඕනෑම තර්ජනයකට නොපසුබටව සන්නද්ධ ප්‍රතිචාර දක්වන බවත්, එහි අලාභහානි අන්කවරදාකත් නොවූ තරම් විය හැකි බවත්, ඉරාන පාර්ලිමේන්තු ජාතික ආරක්ෂක කමිටු ප්‍රධානී, එබ්‍රහිම් අසිසි උපුටා දක්වන එරට මාධ්‍ය ප්‍රකාශ කළේය.

රතු මුහුදේ ඊශ්‍රායල යාත්‍රාකරණය වහා නවතන  ලෙස යේමන හුති කැරලිකරුවන් විසින් දන්වා තිබේ. ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාර එල්ල කළ බවද ඔවුහු පැවසූහ. යේමනය දෙස සිට එල්ල වූ මිසයිල ප්‍රහාරයක් ව්‍යර්ථ කළ බව, ඊශ්‍රායල හමුදා පැවසූහ.

මෙතෙක් කලාපීය ගැටුමින් දුරස්ථව සිටි හුති කල්ලිය, දැන්  දැන්, ඒ වෙත අවතීර්ණ වෙමින් සිටිති. හෝර්මුස් ගැටලුව හේතුවෙන්, දෛනිකව, මැද පෙරදිග බොරතෙල් බැරල මිලියන ගණනක් ප්‍රවාහනයට අතිශය වැදගත් විකල්ප මාර්ගයක් වන රතු මුහුදු මුව දොර විශාල ලෙස, එම සන්නද්ධ කල්ලියේ පාලනය යටතේ පවතී.

ටෙහ්රානයට ඉහළ අහසේ පියාසර කළ ඩ්‍රෝන යානා වෙත ගුවන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වීමෙන්, අගනුවරින් පිපිරීම් හඬ ඇසුණු බව, ඉරාන මාධ්‍ය, වාර්තා කළේය. තුවාළ කරුවන් හෝ දේපළ හානි පිලිබඳ මෙතෙක් වාර්තා නැත.

කෙසේ වෙතත්, මේවන විට ගැටුම් තත්ත්වය සාමකාමී අතට හැරෙමින් පවතී. ඊශ්‍රායලය වෙත ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ පැය 24කට ආසන්න කාලයක් අත්හිටුවා  තිබූ ටෙහ්රානයේ ඉමාම් ඛොමේනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මෙහෙයුම් අද (9) යළි  ආරම්භ විය.

 

krm8r8r

ලෙබනනය වෙත ඊශ්‍රායල ප්‍රහාර ව්‍යාපෘතියේ වෙනසක් නොපෙනේ. එය එක්සත් ජනපද- ඉරාන සාම ගිවිසුමක් කෙරෙහි අදාළ නොවන බව, ඊශ්‍රායල මතය වේ. හිස්බොල්ලා සංවිධානය ද ප්‍රහාර අත්හිටුවා නැත. එක්සත් ජනපදය හා සාම ක්‍රියාවලියකට අවතීර්ණ වීමට ප්‍රථම, ඊශ්‍රායල හමුදා ලෙබනනයේ සිදු කරන සියළු ආකාරයේ ප්‍රහාර අවසන් කිරීම අනිවාර්ය බව ඉරාන කියා  සිටී. ගැටුම් නතර කිරීම පිලිබඳ ලෙබනන - ඊශ්‍රායල සාකච්ඡා ඉදිරියේ දී, වොෂින්ටනයේ පැවැත්වීමට නියමිතය.

ඉරානය හා ගිවිසුමකට පිවිසීමට නම්, න්‍යෂ්ටික අවියක් පිලිබඳ අදහස අත්හළ යුතු බව, එක්සත් ජනපද ජනපති තරයේ කියා සිටී. එවන්   තීරණයක් නැතැයි, ඉරානය පොරොන්දු වුවද,  ඔවුන් සතු සුපෝෂිත යුරේනියම් සංචිතය එක්සත් ජනපදය හෝ වෙනත් මැදහත් පාර්ශ්වයක් වෙත තවමත් ලබා දී නැත. ඉරානය මත පනවා ඇති ජාත්‍යන්තර සම්බාධක සහ ඩොලර් බිලියන ගණනක වත්කම් තහනම ඉවත් කළ යුතු බවත්, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පූර්ණ පාලනයට ඔවුන් සතු අයිතිය තහවුරු කළ යුතු බවත් ටෙහ්රානය අවධාරණය කරයි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)


මුලාශ්‍ර :
Iran and Israel say they have halted strikes on each other for now

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්