ලෙබනනයේ සූර් (Tyre) නගරයෙන් වහා ඉවත්වන ලෙස, ඊශ්‍රායල හමුදා අද (9), නවතම දැන්වීම් නිකුත් කළහ.
එහි කිතුණු පෙදෙස වෙත ද එම නිවේදන දීර්ඝ කෙරිණි. ඊශ්‍රායල පාර්ශ්වයෙන් ඒ වෙත දරුණු ප්‍රහාරයක් අපේක්ෂා කෙරේ.
මීට පෙර සිදු කරන ලද දැනුම්වත් කිරීම් හිදී, කිතුණු පෙදෙස හැර අන් පෙදෙස් වෙතින් ඉවත් වන ලෙස දැන්විණ. එහෙත්, අනපේක්ෂිත ලෙස එම පෙදෙස්හි ද, හිස්බොල්ලා සන්නද්ධ කල්ලි සාමාජිකයින් ක්‍රියාත්මක බව, ඊශ්‍රායල හමුදා පැවසූහ. ඒ අනුව, එම සන්නද්ධ කල්ලිය එහි සිට මෙහෙයුම් සිදු කරන බවට අනාවරණය වුවහොත්, එම පෙදෙස වෙත ද ඉවත්වීමේ නියෝග නිකුත් කරන බව එම හමුදා විසින් පූර්වයෙහිම දැනුම් දී තිබිණි.
මැද පෙරදිග තත්ත්වය තව දුරටත් අවිනිශ්චිතව පවතී.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Israeli military issues evacuation order for Lebanon's Tyre, including Christian quarter







