ඉරාන පාලනය යටතේ දැනට පවතින හෝර්මුස් කලාපයේ අනතුරට පත් එක්සත් ජනපද 'අපාචි' ප්‍රහාරක හෙලිකොප්ටරයක නියමුවන් දෙදෙනා නිරුප්‍රදිත බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දන්වා සිටී.
අනතුරුන් දිවි ගලවා ගත් එම නියමුවන් දෙදෙනා, එරට නාවුක හමුදා ඩ්‍රෝන යානාවක් මගින් බේරා ගැනිණි. අනතුරින් දෙපැයක් පමණ ඇතුළත එම දෙදෙනා බේරා රැගෙන ඒමට හැකි වූ බව, එක්සත් ජනපද මධ්‍යම විධානය කීය.
හෙලිකොප්ටරය වෙත ඉරාන ප්‍රහාරයක් එල්ලවීද, එය යම් කාර්මික දෝෂයකට භාජනය වී ද, නොඑසේව, වෙනත් හේතුවකින් අනතුරට පත්වීදැයි, මෙතෙක් අනාවරණය වී නැත. ඒ පිලිබඳ නිල වාර්තාවක් අද දින අවසනට ප්‍රථම නිකුත් කරන බව ජනපති ට්‍රම්ප් පැවසීය.
"නියමුවන් සුවෙන්, කාටවත් අනතුරක් නෑ," වොෂින්ටනයට පැමිණීමට පෙර, නිව් යෝර්ක් හි ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් පථයේ සිට ට්‍රම්ප් දන්වා සිටියේය.
ඊයේ (8), ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන ගුවන් ආරක්ෂක කාර්ය මණ්ඩල නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි, ඉරාන විප්ලවීය හමුදාව පැවසීය. අද (9) දිවා යාමයේ ඔවුන්ගේ අවමගුල් කටයුතු ටෙහ්රානයෙදී සිදු කිරීමට නියමිතව පැවතිණ. ඉරාන ප්‍රහාර හේතුවෙන්, ඊශ්‍රායල පාර්ශ්වයේ ජීවිත හානි කිසිත් වාර්තා නොවේ. ඉරානය සහ ඊශ්‍රායලය අතර ප්‍රහාර, තාවකාලිකව නතර කෙරෙන බව ද, ඊයේ නිවේදනය කෙරිණි.
අද, ප්‍රධාන පසමිතුරු පාර්ශ්ව අතර ගැටුම් අඩු වීමත් සමග ගෝලීය ඉන්දන මිලෙහි ද යම් අඩු වීමක් දක්නට විය.
කෙසේ වෙතත්, ලෙබනන හිස්බොල්ලා කල්ලිය ඉලක්ක කර ඊශ්‍රායල හමුදා තව දුරටත් ප්‍රහාර එල්ල කරන්නේ නම්, පෙරලා පහර දෙන බවට ඉරානය තර්ජනය කළේය. ඊට නොකන්ව, ලෙබනනයේ සූර් (Tyre) නගරයෙන් වහා ඉවත්වන ලෙස, ඊශ්‍රායල හමුදා අද, නව දැන්වීම් නිකුත් කළහ. එහි කිතුණු පෙදෙස වෙත ද එම නිවේදන දීර්ඝ කෙරිණි. ඊශ්‍රායල පාර්ශ්වයෙන් ඒ වෙත දරුණු ප්‍රහාරයක් අපේක්ෂිත ය.
ඉරාන - ඊශ්‍රායල මිසයිල ප්‍රහාර යළි ඇවිලීමට හේතුව, ලෙබනනයේ ඊශ්‍රායල ප්‍රහාර වේ. ඒ හේතුවෙන්, එක්සත් ජනපද - ඉරාන ගැටුම විසඳීම පිණිස සාම යෝජනාවලියකට පිවිසීමේ ජනපති ට්‍රම්ප්ගේ උත්සාහය දින දින සංකීර්ණ වෙමින් පවතී. නොවැම්බරයේ, එක්සත් ජනපද මධ්‍ය වාර මැතිවරණය පැවැත්වේ. දැනටමත්, එම පූර්ව මත විමසීම්හි 'ට්‍රම්ප්' මනාප ඉතිහාසගත අවමයක පවතී. එබැවින්, ඔහු, ටෙහ්රානය හා ඉක්මන් ගිවිසුමකට පිවිසීමේ නොතිත් හදිසියක පසුවේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
6/09/2026
(
මුලාශ්‍රය :
US helicopter crew who went down in Strait of Hormuz rescued by drone







