අද (10), ජෝර්දානයේ එක්සත් ජනපද කඳවුරක් ඇතුළු ගල්ෆ් කලාපයේ ඉලක්ක 21ක් වෙත පහර දුන් බව ඉරාන විප්ලවීය බලකාය නිවේදනය කළේය. හෝර්මුස් කලාපයේ සිදු කළ එක්සත් ජනපද ප්‍රහාර වලට ප්‍රතිචාර ලෙස එම ප්‍රහාර සිදු කළ බව ඉරාන මාධ්‍ය සඳහන් කළේය.
අප්‍රේල් මස දෙරට අතර සටන් විරාමය ක්‍රියාත්මක කිරීමෙන් පසු සිදු වූ දරුණුතම ගැටුම මෙය වේ.
ඊයේ (9), හෝර්මුස් කලාපයේ පියාසර කළ එක්සත් ජනපද ප්‍රහාරක අපාචි හෙලිකොප්ටර යානයක් අනතුරට පත් විය. ඉරාන ප්‍රහාරයකින් එය බිම හෙළුණු බව පසුව සනාථ විය. අනතුරින් දෙපැයක් ඉක්මගිය තැන, එක්සත් ජනපද ඩ්‍රෝන යාත්‍රා දෙකක් මගින් එහි නියමුවන් දෙදෙනා නිරුප්‍රදිතව බේරා රැගෙන ඒමට කටයුතු කෙරිණි. අනතුරුව, එක්සත් ජනපද හමුදා, එම ආසන්නයේ වූ ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති, පාලන සහ ආවේක්ෂණ රේඩාර් මධ්‍යස්ථාන වෙත දැඩි ප්‍රහාර එල්ල කළහ. නවතම ඉරාන ප්‍රහාර ඊට ප්‍රතිචාර වශයෙනි. ඒ අනුව, කුවේට් සහ බහ්රේන් රාජ්‍ය වෙත ද ඉරානය ප්‍රහාර එල්ල කළේය.
"ඉරාන ප්‍රහාරවලට එරෙහි අතිශය ප්‍රබල සහ තීරණාත්මක ප්‍රතිප්‍රහාර සිදු කරනවා. එක්සත් ජනපද ගුවන් ප්‍රහාර එම වෙඩි බලයේ ශක්තිය මොනවට කියා පෑවා," ජනපති ට්‍රම්ප් ඊයේ ඒ.බී.සී. ප්‍රවෘත්ති වෙත පැවසීය.
පැය හතරකට ආසන්න කාලයක් පැවති එක්සත් ජනපද ප්‍රති ප්‍රහාර අද ග්‍රීන්විච් වේලාවෙන් පැය 0100 ට අවසන් වූ බව, මධ්‍යම විධානය දැන්වීය. ඉරාන ඉලක්ක 20කට පමණ ඉන් ප්‍රහාර එල්ල කෙරිණි. හෝර්මුස් ආසන්නයේ ඛෙෂ්ම් දිවයින සහ බන්ඩාර් සිරික් වරාය නගරය වෙත එක්සත් ජනපද ප්‍රහාර එල්ල වූ බව, ඉරාන මාධ්‍ය, නිවේදනය කළේය. බන්ඩාර් අබ්බාස් සහ හෝර්මුස් ප්‍රවේශයේ ජස්ක් ආශ්‍රිත ප්‍රදේශයෙන් ද පිපිරීම් වාර්තා වූ බව එහි දැක්වේ.
ඊට ප්‍රතිචාර ලෙස, ජෝර්දානයේ පිහිටි එක්සත් ජනපද අල්-අසරඛ් කඳවුරේ ඉලක්ක හතරක් වෙත දිගු දුර මිසයිල යොදා පහර දුන් බව, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පැවසීය. එහි වූ එෆ්-35 ප්‍රහාරක යානා රඳවන ක්ෂේත්‍රයක්, විධාන සහ පාලන මධ්‍යස්ථානයක්ද එම ඉලක්ක අතර වූ බව සඳහන් ය. වැඩි දුර එක්සත් ජනපද ප්‍රහාර වෙතොත්, ඒ වෙත අතිශය විනාශකාරී සහ තීරණාත්මක ප්‍රති ප්‍රහාර එල්ල කිරීමේ සූදානමින් පසු වන බව ද ඔවුහු ප්‍රකාශ කළහ.
ඉරානයේ සිට එම කඳවුර වෙත එල්ල කළ මිසයිල පහක් ගුවනේදී ව්‍යර්ථ කර, වෙඩි තබා බිම හෙලූ බව, ජෝර්දාන හමුදා පැවසූහ.විනාශ වූ මිසයිල කොටස් ජෝර්දාන් කලාපය මත පතිත විය. කුවේට් හමුදාවද, ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් එරට ඉහළ අහසට පිවිසි මිසයිල ව්‍යර්ථ කළහ. නිරන්තරව නිල ආරක්ෂක උපදෙස් වෙත අවධානය යොමු කරන ලෙස ජනතාව දැනුම්වත් කර තිබේ. බහ්රේන් වෙත එල්ල කෙරුණු ඉරාන මිසයිල ද, එම ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් නිෂ්ක්‍රීය කෙරිණි.
එක්සත් ජනපද නියමුවන් රහිත යාත්‍රා
ඊයේ සිදු වූ එක්සත් ජනපද ප්‍රහාරක හෙලිකොප්ටර අනතුර පිලිබඳ විශේෂ අවධානයක් යොමුවේ. සයුරේ අනතුරට පත් පුද්ගල ජීවිත බේරා ගැනීම පිණිස, එක්සත් ජනපද නාවුක හමුදාව නියමුවන් රහිත ඩ්‍රෝන යාත්‍රා භාවිතා කළ පළමු අවස්ථාව මෙය බව සැලකේ. සැරොනික් කෝර්සෙයාර් (Saronic Corsair) නම් එම එක් යාත්‍රාවක් දිගින් අඩි 24කි (මී.7.3). එය දිය මත ස්වයංක්‍රීයව යාත්‍රා කරයි. එක්සත් ජනපද හමුදා සතු සම්ප්‍රදායික යුද උපකරණ නවීකරණයේ ඉදිරි නවෝත්පාදනයක් ලෙස එය නිෂ්පාදනය කර ඇත.
එය, නව පන්නයේ නාවුක යාත්‍රා ගණයට අයත් වේ. ඒ අයත් බලගණය 59 වන කාර්ය බලකාය ලෙස නම් කර තිබේ. 2021 වසරේ නිර්මාණය වූ එය, බහ්රේනයේ ස්ථාපිත කර ඇත. එය, නියමුවන් රහිත පද්ධති භාර එක්සත් ජනපද ප්‍රථම නාවුක හමුදා ඒකකය ය. පසු ගිය මාර්තු මස සිට, මැද පෙරදිග කලාපයේ එහි ක්‍රියාන්විත සිදු කෙරේ.
මේ වන විට, එක්සත් ජනපදය විසින් දිය මත සය දිය යට යාත්‍රා කෙරෙන ඩ්‍රෝන යාත්‍රා හඳුන්වා දී තිබේ. එය නාවුක හමුදා ක්‍රියාන්විත වඩාත් නම්‍යශීලීව සිදු කිරීමට බෙහෙවින් උපකාරී වේ. එරට විසින් නිෂ්පාදිත බොහෝ දිය යට ස්වයංක්‍රීය සන්නද්ධ නාවුක යාත්‍රා සහ අවි, ඉතා රහසිගතව තබා ඇත. ඇමෙරිකානු හමුදා වෙත එල්ල වන ජීවිත සහ වෙනත් තර්ජන එම ඩ්‍රෝන යාත්‍රා මගින් විශාල ලෙස අවම කෙරේ. සමුදුරු ආවේක්ෂණ, දිය යට බෝම්බ හා පුපුරන ද්‍රව්‍ය හඳුනාගැනීම, මෙන්ම, සතුරු ක්‍රියාකාරකම් හඳුනාගැනීම වැනි කටයුතු ද මෙම යාත්‍රා භාවිතයෙන් සිදු කෙරේ. ඇතැම් ඩ්‍රෝන යාත්‍රා, යුද බිමට සරිලන ප්‍රහාරක ශක්තියෙන් ද යුක්තය. දෛනික නිරීක්ෂණ සහ දැඩි අනතුරුදායක පරිසරයක සිදු කෙරෙන හමුදා ක්‍රියාන්විත පිණිස ඒවා අතිශය වැදගත් වේ.
මෙම ස්වයංක්‍රීය යාත්‍රා, මූල්‍යමය වශයෙන් ද ඉතා වාසි සහගත වන අතර සතුරු තර්ජන හඳුනා කඩිනමින් ඒ වෙත ලඟා වී ප්‍රතිචාර දැක්වීමේ ශක්‍යතාවෙන් යුක්ත ය. ඉදිරියේදී කෝර්සෙයාර් වැනි ඩ්‍රෝන යාත්‍රා සිය දහස් ගණනින් යුද බිමේ මුදා හැරීම එක්සත් ජනපදයේ අපේක්ෂාව ය. මුහුදු ඩ්‍රෝන තාක්ෂණය තවමත් පර්යේෂණ තලයේ සංවර්ධන අදියරේ පවතින අතර එහි තාක්ෂණික සහ මෙහෙයුම් අභියෝග ද නැත්තේ නොවේ.
වත්මන් යුක්‍රේන - රුසියානු ගැටුමේද, යුක්‍රේන හමුදා රුසියානු හමුදාවන්ට එරෙහිව මුහුදු ඩ්‍රෝන යාත්‍රා යුදා ගනු දක්නට විය. යුද බිමේ එහි උපයෝජන ශක්‍යතා සහ අභියෝග එමගින් තව දුරටත් නිරීක්ෂණය කෙරේ. යුක්‍රේන හමුදා විසින්, සතුරු යුද නෞකා ගිල්වා දැමීමට ඒවා භාවිතා කෙරිණි. එක අවස්ථාවෙක සයුරේ වූ යුක්‍රේන ඩ්‍රෝන යාත්‍රාවක් අහසේ පියාසර කරමින් තිබූ රුසියානු හෙලිකොප්ටරයක් වෙඩි තබා බිම හෙලීමට ද සමත් විය.
(සටහන, Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස් )
6/10/2026
(
මුලාශ්‍ර :
Trump says Iran will 'have to pay the price' after tit-for-tat strikes
What is the sea drone that rescued US helicopter crew?







