leader s

සාම සාකච්ඡා ප්‍රමාද කිරීමට එරෙහිව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එල්ල කළ දැඩි තර්ජන මධ්‍යයේ, එක්සත් ජනපද හමුදා විසින් ඉරානයේ ප්‍රධාන නගර සහ ගුවන් ආරක්ෂක පද්ධති ඉලක්ක කරගනිමින් බරපතල ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ. හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නාවික තහනම සහ ගෝලීය බලශක්ති වෙළඳපොළේ ආධිපත්‍යය මුල් කරගනිමින් දෙපාර්ශවයම මේ වන විට අතිශය මාරාවේශී මිලිටරි තත්ත්වයකට අවතීර්ණ වී සිටිති.


එක්සත් ජනපද හමුදා ඊයේ (10) රාත්‍රී  ඉරානයේ ඉලක්ක සොයා නව ප්‍රහාර මාලාවක් දියත් කළහ.  

ඉරානය ඉක්මන් සාම ගනුදෙනුවකට නොපිවිසෙන්නේ නම්, ප්‍රහාර අතිශය දැඩි කරන බව, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර සිටී. කළහ.

w46uw546

මධ්‍යම රාත්‍රිය පසුවත්ම, ටෙහ්රාන ඉලක්ක වෙත සිදු කළ ප්‍රහාර මාලාව පැය හතරක් වැනි කාලයක් තුළ අවසන් කළ බව, එක්සත් ජනපද මධ්‍යම විධානය නිවේදනය කළේය. කෙසේ වෙතත්, අඛණ්ඩ  දෙවන දිනටත්, අද (11) ද එම ප්‍රහාර ක්‍රියාත්මක විය.  

ඉරාන හමුදා නිරීක්ෂණ පහසුකම්, සන්නිවේදන පද්ධති මෙන්ම, ඉරානය පුරා පිහිටි ගුවන් ආරක්ෂක පද්ධති ද එම ඉලක්ක අතර වූ බව, එම නිවේදනයේ දැක්වේ. සියලු ප්‍රති-ප්‍රහාර ඉරානයේ අනවරත සහ අඛණ්ඩ මාරාවේශයට ප්‍රතිචාර වශයෙන් බව, මධ්‍යම විධානය දන්වා සිටියේය.

ඉරානය ඊයේ, හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවතත් මුළුමනින්ම වසා දැමූ බව පැවසීය. එය තරණය කිරීමට යත්න දරන ඕනෑම නෞකාවක් වෙත පහර දී විනාශ කරන බව, එරට ඉහළතම හමුදා අණ මූලය තර්ජනය කළේය. ඒ වෙත පිවිසි නෞකා දෙකකට වෙඩි ප්‍රහාර එල්ල කළ බව ද ඉරාන මාධ්‍ය, වාර්තා කළේය. 

v56u565767868

එම සමුද්‍ර සන්ධිය වසා ඇති බවට වන ඉරාන ප්‍රකාශය එක්සත් ජනපද මධ්‍යම විධානය ප්‍රතික්ෂේප කළේය. ඉරාන තර්ජන නොතකා, වෙළඳ නෞකා ඒ ඔස්සේ නිරුප්‍රදිතව යාත්‍රා කරන බව, එය කියා සිටියේය. අතිශය රහසිගත හමුදා ක්‍රියාන්විතයක් ඔස්සේ, ඉරාන අවසරය රහිතව, ඒ ඔස්සේ නෞකා ගමනාගමනය සිදු වන බව  ජනපති ට්‍රම්ප් කීය.

ඊයේ, ඉරානයේ නගර රැසකින් පිපිරීම් වාර්තා විය. සීරීක්, කාර්ගාන්, බන්ඩාර් අබ්බාස්, මීනාබ්, වාරමීන් සහ කරාජ් යන නගර ද ඒ අතර වේ.

 ගැටුම අවසන් කිරීමට ඉරාන පාර්ශ්වයේ මැදිහත්වීම කඩිනම් කරනුවස් එම ප්‍රහාර දැක්වූ බව, එක්සත් ජනපද ආරක්ෂක ලේකම්, පීට්   හෙග්සෙත් පැවසීය. එම ප්‍රහාර සිය සන්නද්ධ සේම රාජ්‍යතාන්ත්‍රික අභිලාශ මුදුන්පත් කරගැනීම පිණිස  බව ද   ඔහු කියා සිටියේය.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

US, Iran exchange attacks as Trump threatens further escalation

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්