leader s

'එයාර් ඉන්ඩියා' ගුවන් සේවයේ  බොයිඞ් 787  මගී ගුවන් අනතුරට අද (12) ට වසරක් සපිරේ.

පසුගිය වසරේ ජුනි 12 දා සිදු වූ එම ගුවන් අනතුරින් එහි ගමන් ගත් මගීන් ඇතුළු සිවිල් පුද්ගලයින් 260 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඉකුත් දස වසර තුළ, ගුවන් අනතුරු ඉතිහාසයේ සිදු වූ දරුණුතම ගුවන් අනතුර එය වේ.

එම අනතුර පිලිබඳ අවසන් විමර්ශන වාර්තාව තව දුරටත් පමා වනු ඇතැයි, ඉන්දීය විමර්ශන නිලධාරීහු පවසති. ගුවන් යානයේ එන්ජින් යන්ත්‍ර දෙක පිලිබඳ විමර්ශන තවමත් නිම නොවීම ඊට හේතුවයි.

 

gv56y
අහ්මෙදාබාද් ගුවන් තොටුපොළෙන් ගුවන් ගත කිරීමත් සමග සිදුවූ එම ගුවන් අනතුරට ප්‍රධාන හේතුව, එහි එන්ජින් යන්ත්‍ර දෙකෙහිම හටගත් තාක්ෂණික දෝෂයක් බවට සැක කෙරිණි. එම එන්ජින් 'ජීඊ එරෝස්පේස්' (GE Aerospace) නිෂ්පාදනයකි.

යානය ගුවන් ගත වීමත් සමග එහි එන්ජින් යන්ත්‍ර වෙත ඉන්දන සැපයෙන පාලක ස්විච එකවර ක්‍රියාත්මක  තත්ත්වයේ සිට ක්‍රියා විරහිත තත්ත්වයට මාරු වී ඇති බව ඉකුත් වසරේ ඒ පිලිබඳ නිකුත් කෙරුණු මූලික පරීක්ෂණ වාර්තාවකින් අනාවරණය විය.

පසුගිය අප්‍රේල් මස, එහි එන්ජින් පරික්ෂාව ඇරඹිණි. එම එන්ජින් යන්ත්‍ර කළමනාකරණ ඒකකය විමර්ශනය කිරීම පිණිස විශේෂ  විමර්ශන කණ්ඩායමක්   පසුගිය මස ප්‍රංශයට පැමිණියහ.

එන්ජින් පරික්ෂාව අවසන් ව  තෙමසකින් පමණ, ගුවන් අනතුර පිලිබඳ අවසන් වාර්තාව නිකුත්වනු ඇතැයි, ඊයේ (11), බ්ලූම්බර්ග් (Bloomberg News) පුවත් වාර්තා කළේය. අවසන් පරික්ෂාව පිණිස අනතුරට පත් යානයේ එන්ජින් යන්ත්‍ර එක්සත් ජනපදය වෙත යවා තිබේ.

 

bo 6

ගුවන් අනතුරක අවසන් වාර්තාව එම අනතුරින් වසරක් තුළ නිකුත් කළ යුතුය. එය ජාත්‍යන්තර නීතිය ය. එහෙත්,  එසේ කිරීමට විමර්ශකයින් අසමත් වන්නේ නම්, එකී අනතුරකින් පසු සෑම සංවත්සර අවස්ථාවකදී ම  ඒ පිලිබඳ අතුරු වාර්තාවක් නිකුත් කළ යුතු වේ. මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් ද එවන් අතුරු වාර්තාවක් නිකුත් කිරීමට ඉන්දීය විමර්ශකයෝ කටයුතු කරමින් සිටිති. එම ඉන්දීය ගුවන් අනතුර විමර්ශනය කිරීමේ කටයුතු එතරම්ම සංකීර්ණ සහ කල් ගතවන තත්ත්වයක පැවතීම ඊට හේතුව ය.

කෙසේ වෙතත්, ඉන්දීය ගුවන් අනතුර පිලිබඳ අතුරු වාර්තාවක් නිකුත් නොකරන ලෙස ඉල්ලා, ඉන්දීය ගුවන් නියමු සම්මේලනය විසින් එරට සිවිල් ගුවන් සේවා අමාත්‍ය, ගුවන්  නියමක සහ අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත ජුනි 5 දාතමින් යුක්තව ලිපියක් ද යොමු කර ඇත.

එම ගුවන් අනතුර එයාර් ඉන්ඩියා ගුවන්සේවයේ ව්‍යාපාර ප්‍රවර්ධනය කෙරෙහිද දැඩිව බලපෑවේය. ඉදීය ගුවන් සේවා මත පාකිස්ථානය විසින් සිය ගුවන්  අවකාශය ද තහනම් කර තිබේ.

bo7
අනතුරට පෙර යානයේ ප්‍රධාන නියමුවා විසින් ගුවන් යානයේ ඉන්දන සැපයුම අක්‍රීය කළ බව, නියමු කුටියේ පටිගත දෙබස් ඇසුරේ, ඒ  පිලිබඳ පසුගිය වසරේ එක්සත් ජනපද නිලධාරීන් සිදුකළ මූලික විමර්ශනවලදී පැහැදිලි විය. එහෙත්, එම  අවස්ථාවේ හුදු අවසන් නිගමයකට එළැඹීමට එම තොරතුරු පමණක් ප්‍රමාණවත් නොවීය.

ගුවන් නියමුවාගේ වරදින් එම  අනතුර සිදුවූ බවට සැක පළ වීමත් සමග,  ඔහුගේ පියා විසින් ස්වාධීන විමර්ශනයක් ඉල්ලා  ඉහළම ඉන්දීය අධිකරණයේ නඩු පැවරිණි. 2015 වසරේ සිදු වූ 'ජර්මන්වින්ග්ස්' ගුවන් අනතුර එවැන්නක් බව රොයිටර්ස් පුවත් සේවය සඳහන්  කරයි.

bo 8

 

අනතුරට හේතුව සොයා, විමර්ශනවලදී බහුතර තාක්ෂණික කරුණු පිලිබඳ වැඩි අවධානය යොමු කරන ලෙසද එමගින් ඉල්ලා තිබේ. ගුවන් නියමුවා විසින් සියදිවි නසාගැනීමේ අරමුණින් ගුවන් අනතුරක් සිදු කරීමේ න්‍යායෙන් බැහැරව ද එම විමර්ශන කටයුතු සිදු කිරීමට අදාළ කණ්ඩායම් යොමු කිරීම එහි අරමුණ ය.

2011 වසරේ බොයිඞ් 787 ඩ්‍රීම්ලයිනර්  ගුවන්  යානා, සේවයට එක් කිරීමෙන් පසු, එම වර්ගයේ යානයක් අනතුරට පත් ලොව ප්‍රථම අවස්ථාව මෙම ඉන්දීය ගුවන් අනතුර වේ.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්