leader s

එක්සත් ජනපද සහ ඉරාන නියෝජිතයෝ අද (21), ස්විට්සර්ලන්තයෙදී සාකච්ඡා පවත්වති.


ඉරානය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි වසා දැමීම පිලිබඳ, එක්සත් ජනපද පාර්ශ්වය සිටින්නේ කනස්සල්ලෙනි.

එක්සත් ජනපදය හා සාකච්ඡා කිරීම පිණිස ඉහළ පෙළ ඉරාන නියෝජිත පිරිසක් ස්විට්සර්ලන්තය වෙත පිටත්ව ගිය බව, එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය. එක්සත් ජනපද පාර්ශ්වයෙන් උප ජනපති, ජේ ඩී වෑන්ස් ඇතුළු පිරිසක් සාකච්ඡා සඳහා සහභාගි වෙති.

සාකච්ඡා සිදු කෙරෙන අතර, දින 60ක සටන් විරාමයක් නිවේදිත ය.

 

sw1
 ඊයේ (20), ටෙහ්රාන් ඉස්ලාමීය විප්ලවීය බලකාය හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි වසා දැම්මද, වෙළඳ නෞකා ඒ ඔස්සේ යාත්‍රා කරන බව, එක්සත් ජනපදය දන්වා සිටියේය.

 පාකිස්ථාන මැදිහත්වීමෙන් බාධක මධ්‍යයේ වුව අරඹන ලද දුෂ්කර සටන් විරාමය ඉදිරියට ගෙන යාම අපේක්ෂාවය.

මේ අතර, සිකුරාදා (19) සිට ඊශ්‍රායල - ලෙබනන සටන් විරාමයක් ක්‍රියාත්මකය. එහෙත්, එය ක්‍රියාත්මක කර පැය කිහිපයක් හෝ ඉක්ම යන්නට මත්තෙන්, ඊශ්‍රායල හමුදා, ලෙබනනයේ එල්ල කළ ප්‍රහාර හේතුවෙන්, පුද්ගලයින් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. හිස්බොල්ලා කැරලිකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාර වලට ප්‍රතිචාර ලෙස, ප්‍රති ප්‍රහාර එල්ල කළ බව, ඊශ්‍රායල හමුදා පැවසූහ. ලෙබනනය තුළ ඊශ්‍රායල හමුදාවන්ගේ 'සංචරණ නිදහසට' කිසි සේත් ඉඩ නොතබන බව, හිස්බොල්ලා සංවිධානය පැවසීය.

ඊශ්‍රායල හමුදා විසින් ලෙබනනයේ සිදු කරන එම ප්‍රහාර සෘජුවම, එක්සත් ජනපද - ඉරාන සාම ගිවිසුම කෙරෙහි බලපාන බව ඉරාන විප්ලවීය හමුදා පැවසූහ. එබැවින්, සමුද්‍ර සන්ධිය යළි වස දමන බවත්, ඒ ඔස්සේ යාත්‍රා කෙරෙන නෞකා අනතුරට පත්විය හැකි බවත් ඔවුහු දන්වා සිටියහ.  

ලෝක වෙළඳපොල වෙත ඉන්දන බැරල් මිලියන 17කට අධික ප්‍රමාණයක් රැගත් වෙළඳ නෞකා 55ක් ඊයේ, ඒ ඔස්සේ නිරුප්‍රදිතව යාත්‍රා කළ බව, එක්සත් ජනපද මධ්‍යම විධානය දැන්වීය. හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ නෞකා සැරිය වෙත අවශ්‍ය ආරක්ෂාව සලසන බවද, මධ්‍යම විධානය කියා සිටියේය.

දින 60ක සටන් විරාම කාලය තුළ හෝ ඉන් පසුව වුව, ඒ ඔස්සේ යාත්‍රා කරන නෞකා වෙතින් මුදල් අය කිරීමක් සිදු නොවන බව, ජනපති ට්‍රම්ප් ඊයේ සමාජ මාධ්‍ය සටහනක දැක්වීය. සාම සාකච්ඡා බිඳ වැටුණොත්, එක්සත් ජනපදය විසින් නම්, එවන් ගාස්තු අය කිරීමක් සිදු කිරීමට ඉඩ ඇති  බව ද ඔහු එහි කියා සිටියේය.  

sw454

කරුණු 14කින් යුත් එක්සත් ජනපද - ඉරාන අතුරු සාම ගිවිසුමේ මුල් වගන්තියවත් ආරක්ෂා කිරීමට අපොහොසත් වීම පිලිබඳ ඉරාන උත්තරීතර නායක අයතොල්ලා මොජ්තබා ඛමෙනි ගේ උපදේශකයකු වන, මොහම්මඩ් මොඛ්බෙර් එක්සත් ජනපදයට දොස් තැබීය. ලෙබනනය ඇතුළු සියලු පෙරමුණු හි යුද්ධය වහා අවසන් කළ යුතු බව, එම මුල් කොන්දේසියයි. එම කොන්දේසි කොළ කැබැල්ලකට පමණක් සීමාව පවතින තාක්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ නෞකා ගමනාගමනයට ඉඩ නැතැයි, ඔහු තර්ජනය කළේය.

ඊශ්‍රායල - හිස්බොල්ලා ගැටුම හේතුවෙන් ලෙබනන සටන් විරාමය ද පවත්නේ වහා බිඳෙන සුළු තත්ත්වයක ය.

මොහම්මඩ් බඛෙර් ඛලිබෆ්, අද ස්විට්සර්ලන්තයේ සාකච්ඡා පිණිස නික්ම ගිය ඉරාන නියෝජිත මණ්ඩලයේ ප්‍රධානත්වය උසුලයි. ඉරාන විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛ්චි ද එහි වේ. ඊට අමතරව, එරට ආරක්ෂක, මහ බැංකු සහ ඉන්දන ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද එම කණ්ඩායමට ඇතුළත් වෙති.

 

sww46ywb6
ඊයේ, ඉරානය බලා පිටත් වීමට මත්තෙන්, ෆොක්ස් ප්‍රවෘත්ති වෙත අදහස් දැක්වූ, එක්සත් ජනපද උප ජනපති වෑන්ස්, සටන් විරාමයේ අඛණ්ඩත්වය පිලිබඳ විශ්වාසය පළ කරන මුත්, ඉරානය හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි වසා දැමීමට පැහැදිළි හේතු නොදකින බව පැවසීය.

(සටහන: හර්ෂ උදයකාන්ත පීරිස්)

6/21/2026
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

මුලාශ්‍රය :
Vance arrives in Switzerland for Iran peace talks with Hormuz in spotlight

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්