ඉරානයේ සිදු වන දේශපාලන ඝාතනවලට එරෙහි මහජන උද්ඝෝෂණයක් ඊයේ (20), ප්‍රංශයේදී, පැවැත්වුණා. ඒ, ඊට එරෙහි රාජ්‍ය වාරණ මධ්‍යයේ. එහිදී, මහජන උද්ඝෝෂකයින් 20 දෙනකු රාජ්‍ය අත්අඩංගුවට පත්වූ බව, එම රැළියේ සංවිධායකයින් පවසනවා.
මෙම උද්ඝෝෂණය සඳහා, මධ්‍යම පැරිස් හි ලෙසාන්වැලීඩ් අසල ප්ලාස්වොහ්බාන් වෙත, සිය ගනින් ජනතාව රැස්ව සිටියා. ප්‍රංශ පොලිසිය ඔවුන් විසිරුවා හැරීමට කටයුතු කළා.
අද, එම රැළිය පැවැත්වීම එරට පොලිසිය විසින් තහනම් කර තිබුණේ, මහජන උද්ඝෝෂණ මධ්‍යයේ විරුද්ධ මතධාරීන් අතර ගැටුම් ඇතිවේ යැයි යන බියෙන්. එහෙත්, එය 'හුඹස් බයක්' බව, රැළියේ සංවිධායකවරු පවසා සිටියා.

එම, රැළියට එරෙහි පූර්ව තහනමට විරෝධය පා, සංවිධායක වරුන් අධිකරණයට ගියද, අධිකරණය, අද උද්ඝෝෂණ වාරණ නියෝගය තහවුරු කළා.
එම මහජන උද්ඝෝෂණයට එරෙහි මුල් වාරණය බ්‍රහස්පතින්දා (18) ම, නිවේදනය කෙරුනේ, ප්‍රංශ විදේශ අමාත්‍ය, ජීන් - නොයෙල් බැරට් සහ ඉරාන විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛ්චි අතර දුරකථන සංවාදයකින් පසුවයි. ඉරාන යුද්ධය අවසන් කිරීම පිලිබඳ, මේ මොහොතේ තත්ත්වය, දෙදෙනා අතර දුරකථන සංවාදයේ තේමාව වූ බව සැලය.
අද, ප්‍රංශ මහජන උද්ඝෝෂණය සංවිධානය කර තිබූ, ඉරානයේ ජාතික ප්‍රතිරෝධ කවුන්සිලය (NCRI) චෝදනා කළේ, ජනරැළි තහනම, එම දුරකථන සංවාදයෙන් අනතුරුව සිදු වූවක් බවය. ප්‍රංශ විදේශ අමාත්‍යංශය එම චෝදනාව එකහෙළා ප්‍රතික්ෂේප කළා. ප්‍රංශය පාදක කර ගත්, ඉරානයේ මහජන මුජහිදීන් සංවිධානයේ ශාකාවක් වන එම කවුන්සිලය, මීට පෙරද, ප්‍රංශ අගනුවර එවැනි විරෝධතා රැළි කිහිපයක් පවත්වා තිබෙනවා. ඒවාට, දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගී වූවා. ඉස්ලාමීය සමූහාණ්ඩුව විවේචනය කරමින්, එක්සත් ජනපද, යුරෝපීය සහ ආරාබි රටවල ඉතා ඉහළ පෙළ නිලධාරීන් රැසක් ද එම උද්ඝෝෂණවලට සහභාගීවී තිබීම කැපී පෙනෙන්නක්.
(සටහන: හර්ෂ උදයකාන්ත පීරිස්)
6/20/2026
(
මුලාශ්‍රය :
Paris police arrest 20 as demonstrators defy ban on Iran opposition rally







