බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය, කෙයර් ස්ටාර්මර්, අද (22), රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින්, ධුරයෙන් ඉල්ලා අස් වන බව නිවේදනය කළේය.
සිය කම්කරු පක්ෂය තුළින් ම එල්ල වූ පීඩනය මත ඔහුට එම තීරණය ගැනීමට සිදු විය. කෙසේ වෙතත්, කම්කරු පක්ෂයේ නව නායකයකු පත් කර ගැනෙන තෙක්, ධුරයේ තව දුරටත් කටයුතු කරන බව ද, ඔහු ප්‍රකාශ කළේය.
විශාල ජනමත ජයග්‍රහණයකින් අනතුරුව, ස්ටාර්මර්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ, මීට දෙවසරකට ද අඩු කලකට පෙර ය. එරට වියවුල් සහගත දේශපාලන අස්ථාවරත්වයට විසඳුම් ලබා දෙමින්, එම අහිතකර සමය අවසන් කරන බවට පොරොන්දු වෙමින්, ඔහු එම මැතිවරණය ජයග්‍රහණය කළේය. මීළඟට එම ධුරයට පත්වන්නේ දශකයක් තුළ එරට සත් වන අගමැතිවරයාය.
පසු ගිය මාස කිහිපය තුළම ස්ටාර්මර්ට එරෙහිව දේශපාලන තර්ජන මතු විය. මැන්චෙස්ටර් නගරාධිපති, ඇන්ඩි බර්න්හැම් මෑත මැතිවරණයකින් යළි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දිනා ගැනීමෙන් අනතුරුව, ඉකුත් සතියේ, එම තර්ජන තීව්‍ර ලෙස වර්ධනය විය. නායකත්වයට තරග වදින බවට බර්න්හැම් ප්‍රතිඥා දුන් අතර, ඔහුගේ ප්‍රතිවාදියා වූ, වෙස් ස්ට්‍රීටිං ද අගමැති තරගයෙන් ඉවත්ව, බර්න්හැම් වෙත සහාය පළ කර සිටියේය. ඒ අනුව, බ්‍රිතාන්‍යයේ මීළඟ අග්‍රාමාත්‍ය ධුරය බර්න්හැම්ට හිමි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දශක කිහිපයක් තිස්සේ එරට ආර්ථික අධිකාරිත්වය දැරූ ලන්ඩන් අගනුවර බල කේන්ද්‍රයෙන් ඉවත්ව, වඩා ව්‍යාප්තී යාන්ත්‍රණයක් කරා ගමන් කිරීමේ ඔහුගේ අපේක්ෂාව ය. වැය සහ ණය ශීර්ෂ මත බදු මුදල් සමතුලිතව පවත්වා ගැනීම පිලිබඳ ඔහුගේ සැලසුම ඉදිරියේ දී නිවේදනය කෙරෙනු ඇත. වසර ගණනක් පුරා එරට ක්‍රියාත්මක පුද්ගලීකරණ හා නියාමන ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ අනිටු විපාක ලෙස රාජ්‍ය වියදම් හා සේවා, රජයේ පාලනයෙන් ගිලිහුණු අතර එමගින් රජය අකාර්යක්‍ෂම වූ බව ඔහු සඳහන් කරයි.
බ්‍රිතාන්‍යයේ, පවතින මූල්‍ය විනය නීතිරීතිවලට අනුකූලව කටයුතු කරන බවත්, 2024 කම්කරු පක්ෂ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් පරිදි, වැඩකරන ජනතාව මත බදු ඉහළ නොදමන බවටත්, ඔහු විසින් ප්‍රතිඥා දී ඇත.
(සටහන: හර්ෂ උදයකාන්ත පීරිස්)
6/22/2026
(
මුලාශ්‍රය :
සබැඳි ලිපියක් :
බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් ඉල්ලා අස්වෙයි? | Saroj Pathirana







