හංගේරියානු LGBTQ+ ප්‍රජාව ලබන සෙනසුරාදා (27), බුඩාපේස්ට්හි දී වාර්ෂික අභිමාන පෙළපාලියට සැරසේ. මීට පෙර, 16 වසරක් පැවති
වික්ටර් ඔර්බන් ගේ රජය සමයේ ඔවුන්ගේ හිමිකම් රැසක් කප්පාදුවට ලක් විය. ඒවා ප්‍රතිස්ථාපනය කිරීම ඔවුන්ගේ අවශ්‍යතාව වේ.
පසු ගිය වසර ඔර්බන් සමයේ පවත්වන්නට යෙදුනු එම පෙළපාලියට පොලිස් බාධා සිදු විය. එම පා ගමන තහනම් කිරීමට පොලිසිය උත්සාහ ගත්තේය. පසුව එය ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් තෙක් ව්‍යාප්ත විය. දස දහස් සංඛ්‍යාත පිරිසක් ඊට එක් වූහ.
මධ්‍ය-දක්ෂිණාංශික ටිසා (Tisza party) පක්ෂයෙන් තරග කළ පීටර් මැග්යාර්, ඉකුත් අප්‍රේල් මස පැවති, එරට මැතිවරණයෙන් ඔර්බන් රජය පරාජයට පත් කර අග්‍රාමාත්‍ය ධුරයට පත් විය. දැන්, පෙර බාධක නැත. එම ප්‍රජාවට බාධාවකින් තොරව පෙළපාලි පැවැත්වීමට හැකිය. එහෙත්, විසඳීමට තවත් ගැටළු ඇතැයි ඔවුහු පවසති.
"අපගේ ආදරණීය නිදහස සහ දිරිය, පසු ගිය වසරේ අධිකාරී බලය හේතුවෙන් පසු බැසීමට ලක්වුණා. කොහොම වුණත්, අපි තාමත් ඉලක්කයට ලඟා වී නෑ," පෙළපාලි සංවිධායකයෝ පවසති.
ඔර්බන්, ක්‍රිස්තියානි හර පද්ධතියේ සාම්ප්‍රදායික ආරක්ෂක භූමිකාවක නිරත විය. බටහිර නිදහස් මතයෙන්, එම හර පද්ධතිය ආරක්ෂා කළ යුතු බව, ඔහුගේ ඇදහීම විය. ඒ අනුව, එම රජය පුද්ගලික ලේඛන මත, ස්ත්‍රී පුරුෂ භාවය පිලිබඳ අනන්‍යතාව වෙනස් කර සඳහන් කිරීම අවසන් කිරීමේ නීති සම්පාදනය කළේය. සමලිංගික පාර්ශ්වකරුවන්ට දරුකමට, දරුවන් හදා වඩා ගැනීම තහනම් කළේය. සමලිංගිකත්වය සහ ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීම ප්‍රවර්ධනයට අදාල සියලු දෑ ද පාසල්හි තහනම් කළේය.
මෙයින් එම ප්‍රජාව තුළ හටගත් කම්පනය සමනය වීමට තවත් කලක් ගතවනු ඇතැයි, එම සමාජ ක්‍රියාකාරිකයකු සහ ලේඛකයකු වන ඇන්ඩ්‍රාස් කනික්සාර් කියා සිටී.
"මම හිතන්නේ, මම තවමත් ඔර්බන් රෙජිමයේ ආතතීන් වටහා ගැනීමට උත්සාහ දරමින් පසු වනවා. තවත් වසර ගණනාවකට එය එසේම වේවි. මම හුදෙකලා නැති බවත් මට දැනෙනනවා," ඔහු කියයි.
"මේ දහසය වසර පුරාම එම ප්‍රජාව නියෝජනය කරන මාධ්‍යකරුවකු ලෙස, ඔවුන් පිලිබඳ ලියන සහ කතා කරන සැම විටම, තවත් අමතර දුරක් ඇවිද යායුතු බව මට හැඟෙනවා. ඒ දුර, මා ගමන් කළ යුතුමයි. මන්ද, යළි කෙදිනකවත් ඒ දුර මට ආපසු ඇවිද යා නොහැකි නිසා," ඔහු පවසයි.
එම ප්‍රජා අයිතීන් කප්පාදු කිරීම සහ ඒ පිලිබඳ ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන්, මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන්, සංරක්ෂණවාදී මතධාරියකු වන වත්මන් අගමැති, මැග්යාර්, "ඉවසන්න" යැයි කියා සිටියේය. එහෙත්, හංගේරියානුවන්ගේ යහන් ගබඩා තුළින් වහා පිටවන ලෙස, ඔහු පාර්ලිමේන්තුවේදී ඔර්බන්ගේ ෆිඩෙස් පක්ෂය ට (Fidesz party) දන්වා සිටියේය, එම ප්‍රජා අයිතීන් උදුරා ගනිමින්, ඔර්බන් රජය, ඔවුන්ගේ නිදහස් ගමනට බාධා කිරීම හෙලා දුටුවේය.
(සටහන: හර්ෂ උදයකාන්ත පීරිස්)
6/24/2026
(
මුලාශ්‍රය :









