leader s

වෙනිසියුලාවේ කරාකස් අගනුවර උතුරේ කි.මී.10ක පෘථිවි අභ්‍යන්තරයේ අද (29) අළුයම රිච්ටර් මාපක 4.6ක පසු කම්පනයක් වාර්තා විය.


ඉන් සිදු වූ හානි පිලිබඳ මෙතෙක් වාර්තා නොවේ. රාත්‍රී පහන් යාමයේ නින්දේ සිටි අවට නෙවාසිකයින්, එම පසු කම්පනයෙන් තිගැස්සී අවදි වූ බව සඳහන් ය.  පසුගිය බදාදා (25) සිදු  වූ අති  දරුණු ද්විත්ව භූ කම්පනයෙන්    විනාශයට පත් ගොඩනැගිලි සුන්බුන් අතර සිරව සිටින්නන් මුදා ගැනීමේ, දිවා රාත්‍රී අඛණ්ඩ මෙහෙයුම් අද සිව් වන දිනටත් ක්‍රියාත්මක ය.

 
 එම භූ කම්පන හේතුවෙන් වඩාත්ම හානියට පත් ලා ග්වයිරා ප්‍රාන්තය වෙත  වැඩි අවධානයක්  යොමු කෙරෙමින් එම මෙහෙයුම් සිදු කෙරේ. 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්