leader s

ඇෆ්ඝනිස්ථානයේ ඊයේ (29) සිදු කළ පාකිස්ථාන ගුවන් හමුදා ප්‍රහාරයකින් ඇෆ්ඝන් සිවිල් වැසියන් 28 දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව,  49 දෙනකු තුවාළ ලබා ඇතැයි,  ඇෆ්ඝනිස්ථානයේ, එක්සත් ජාතීන්ගේ සහායක කණ්ඩායම පවසයි.


ඇෆ්ඝන් දේශ සීමාවේ සිදුකළ ඒකාබද්ධ පාබල සහ ගුවන් හමුදා ක්‍රියාන්විතයකින්  සන්නද්ධ කණ්ඩායම් සාමාජිකයින් 29 දෙනකු ඝාතනය කළ බව, පාකිස්ථානය පැවසීය. එම ගුවන් ප්‍රහාර හේතුවෙන් ඇෆ්ඝනිස්ථාන සිවිල් වැසියන් 38 දෙනකු ඝාතනය වූ බව ඇෆ්ඝන් තලිබාන් පාර්ශ්වය කීය. ප්‍රහාරයෙන් තුවාළ ලත් සංඛ්‍යාව ඉහළ යමින් ඇතැයි, එක්සත් ජාතීන්ගේ සහන කණ්ඩායම පවසයි. එම පිරිස් ප්‍රතිකාර පිණිස රෝහල් ගත කර ඇත.

ඊයේ ප්‍රහාරය ඇෆ්ඝන් ඉලක්ක වෙත පාකිස්ථාන හමුදා මෑතක එල්ල කළ දෙවන ප්‍රහාරය වේ. පක්ටියා, පක්ටිකා සහ කුනාර් යන ඇෆ්ඝන් ප්‍රාන්ත තුනෙහි  සන්නද්ධ සතුරු ඉලක්ක වෙත ඊයේ  ප්‍රහාර එල්ල විය. එම ප්‍රාන්ත ත්‍රිත්වයෙහි  පමණක් සතුරු සන්නද්ධ සාමාජිකයි 25 දෙනකු ඝාතනය කළ බව ද, එහි වූ සතුරු අවි සහ උණ්ඩ  විශාල තොගයක් විනාශ කළ බව ද, පාකිස්ථාන තොරතුරු අමාත්‍ය, අතාවුල්ලා ටරාර් පැවසීය.

 

cq35y5y4ey

ප්‍රහාරයෙන් අනතුරට පත් පිරිස් සංඛ්‍යාලේඛන පිලිබඳ පරස්පර වාර්තා පළවේ.  ඇෆ්ඝන් පක්ටියා ප්‍රාන්තයේ පමණක්  නිවසක් වෙත එල්ල කළ පාකිස්ථාන ජෙට් බෝම්බ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 28 දෙනකු ඝාතනය ව 158 දෙනකු තුවාළ ලබා ඇතැයි ඇෆ්ඝන් රාජ්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශක හම්දුල්ලා ෆිත්රත් පැවසීය. අනතුරට පත් පිරිස් මුදා ගැනීමට අවට ජනතාව වහා රැස්වෙමින් සිටි  අවස්ථාවේ ඒ වෙත දෙවන ගුවන් ප්‍රහාරයක් ද එල්ල වූ බව ඔහු කීය.  එම සමස්ත ප්‍රහාර හමුවේ, සිවිල් වැසියන් 38 දෙනකු ඝාතනයව, කාන්තාවන් සහ ළමුන් ඇතුළු 163 දෙනකු තුවාළ ලද බව ඔහු කියා සිටියේය.

නිවැසියන් අළුයම නින්දේ පසුවෙද්දී එම ප්‍රහාර එල්ල කර තිබේ.

(සටහන: Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්