leader s

ඉරාන සහ එක්සත් ජනපද සාකච්ඡා නියෝජිතයෝ  මෙම සතියේ දෝහා හි හමුවීමට අපේක්ෂා කළ ද එම සාකච්ඡා පිලිබඳ තවමත් අවසන් නිගමනයක් නැතැයි, ඉරානය කියා සිටී.
සති අන්තයේ දෙපාර්ශ්වය විසින් සිදු කළ මිසයිල ප්‍රහාර හේතුවෙන්, අතුරු සටන් විරාම ගිවිසුම ද,  තීරණාත්මක  අවිනිශ්චිත තත්ත්වයක පවතී.
 
මෙවර සාම කතා බහට එක්සත් ජනපද පාර්ශ්වයෙන් ජනපති ට්‍රම්ප්, සිය බෑණා වන ජෙරාඩ් කුෂ්නර් සහ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් පත් කර ඇතැයි, ඔහුගේ මාධ්‍ය ලේකම්, කැරොලයින් ලීවිට් ප්‍රකාශ කළාය. ඉරාන තාක්ෂණික දූත පිරිසද කටාරය වෙත පැමිණීමට නියමිතය. එහෙත්, ඊට ඇමෙරිකානු නියෝජිත පිරිසේ ආගමනය හා කිසිදු සම්බන්ධයක් නැතැයි, ඉරාන විදේශ අමාත්‍යංශ  ප්‍රකාශක එස්මයෙල් බඝේ කීය. දෙපස අතර කිසිදු සෘජු සාකච්ඡාවක් සැලසුම් කර නැතැයි ද හෙතෙම පැවසීය.
2026 06 21T101817Z 1538460523 RC29YLAV04M5 RTRMADP 3 IRAN CRISIS
 
"ඉදිරි දින කිහිපය තුළ ඇමෙරිකානු පාර්ශ්වය හා කිසිදු සාකච්ඡාවක් නැහැ," ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් බදාදා (1), එක්සත් ජනපද සහ ඉරාන තාක්ෂණික කණ්ඩායම් වෙන් වශයෙන් කටාර සහ පාකිස්ථාන මැදහත් පාර්ශ්ව හා සාකච්ඡා කරනු ඇතැයි, තතු දත් ආරංචි මාර්ග උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.
 
" දෝහා හමුව සමහර විට වැදගත් වේවි, සමහරවිට එහෙම නොවේවි. අපි බලමු," ඕවල් කාර්යාලයේ දී මාධ්‍යවේදීන්  ඇමතූ ජනපති ට්‍රම්ප් පැවසීය. හමුදා ක්‍රියාන්විතයක් ඔස්සේම ඉරාන ගැටලුව විසඳීම තවමත් ඔහුගේ 'හිත යට'  අපේක්ෂාව බව පෙනේ.
කටාර් රාජ්‍යයයේ අත්හිටුවා ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක ඉරාන වත්කමින්, ඩොලර් බිලියන 6ක වත්කම් ඉරානය වෙත නැවත මුදා හැරෙන බව එරට ජනපති මසූද් පෙසෙෂ්කියන්  පැවසීය.    

සති අන්තයේ දෙපස ගැටුම් හමුවේ ගෝලීය ඉන්දන මිල යළි  1% ඉක්මවා ඉහළ ගියේය.

(සටහන: Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
 
මුලාශ්‍ර
 

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්