වෙනිසියුලාවේ කරාකස් අගනුවර උතුරේ කි.මී.10ක පෘථිවි අභ්‍යන්තරයේ අද (29) අළුයම රිච්ටර් මාපක 4.6ක පසු කම්පනයක් වාර්තා විය.
ඉන් සිදු වූ හානි පිලිබඳ මෙතෙක් වාර්තා නොවේ. රාත්‍රී පහන් යාමයේ නින්දේ සිටි අවට නෙවාසිකයින්, එම පසු කම්පනයෙන් තිගැස්සී අවදි වූ බව සඳහන් ය. බදාදා (25) සිදු වූ අති දරුණු ද්විත්ව භූ කම්පනයෙන් විනාශයට පත් ගොඩනැගිලි සුන්බුන් අතර සිරව සිටින්නන් මුදා ගැනීමේ, දිවා රාත්‍රී අඛණ්ඩ මෙහෙයුම් අද සිව් වන දිනටත් ක්‍රියාත්මක ය. එම භූ කම්පන හේතුවෙන් වඩාත්ම හානියට පත් ලා ග්වයිරා ප්‍රාන්තය වෙත වැඩි අවධානයක් යොමු කෙරෙමින් එම මෙහෙයුම් සිදු කෙරේ.
එම ද්විත්ව භූ කම්පනයෙන් මේ වන විට, 1,500කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඒ පිලිබඳ නිල වාර්තා පවසයි.
(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
6/29/2026
(
මුලාශ්‍රය :
Survivors decry slow aid after deadly Venezuela quakes







