leader s

චීන කොමියුනිස්ට් පක්ෂය(CPC) ලොව පැරණිතම දේශපාලන පක්ෂවලින් එකක් පමණක් නොව, වැඩිම කාලයක් රටක පාලනයේ සිටින පාලක පක්ෂය ද වේ.

1921 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම පක්ෂය, වසර 105ක ඉතිහාසයක් තුළ චීනයේ දේශපාලන, ආර්ථික හා සමාජීය පරිවර්තනයේ කේන්ද්‍රස්ථානය විය. 

 
කුඩා විප්ලවවාදී කණ්ඩායමක් ලෙස ආරම්භ වූ එහි වර්තමානයේ සාමාජික සංඛ්‍යාව මිලියන 101කි. එහි අඛණ්ඩ පැවැත්ම පිටුපස ඇති ප්‍රධාන සාධක වන්නේ එහි අනුවර්තනය වීමේ හැකියාව, ශක්තිමත් සංවිධානාත්මක විනය සහ චීන ජාතික අනන්‍යතාවය සමග ඇති ශක්තිමත් සම්බන්ධතාවයයි.
 
මෙ‍තෙක් ආ ගමන්මග ආවර්ජනය කරමින් චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105වැනි සංවත්සර සැමරුම් උත්සවය අද (01) උදෑසන බෙයිජිං හි මහජන මහා ශාලාවේදී  පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං  එහිදී පක්ෂයේ ඉහළතම ගෞරවයට හිමිකම් කියන ‘ජූලි 1 පදක්කම’ සම්මානලාභීන් වෙත පිරිනැමීය. 
WhatsApp Image 2026 07 01 at 12.48.19
 
පක්ෂය වෙනුවෙන් දැවැන්ත දායකත්වයන් ලබා දුන්  කැපී පෙනෙන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන්, පක්ෂ කටයුතුවලදී නිරන්තරයෙන් කැපී පෙනෙන මෙහෙවරක් සිදුකරන නිලධාරීන් සහ බිම් මට්ටමේ පක්ෂ සංවිධාන මෙලෙස ඇගයීමට ලක් විය. ‍
 
වසර 105ක නොනවතින අරගලය චීන ජනතාවගේ අනාගතය සහ ඉරණම මූලික වශයෙන් වෙනස් කර ඇති බව ෂී ජින් පිං එහිදී පැවසීය. වසර 105 ක මෙම අඛණ්ඩ අරගලය චීන ජාතියේ මහා පුනර්ජීවනය සාක්ෂාත් කර ගැනීම සඳහා නිවැරදි මාවත විවර කර ඇති බව ද ඔහු සඳහන් කළේය. 
WhatsApp Image 2026 07 01 at 12.48.20
 
වසර 105 ක මෙම ගමන්මග මාක්ස්වාදයේ බලගතු ජීව ගුණය ද මනාව පෙන්නුම් කර ඇති අතර. මෙම අඛණ්ඩ ඓතිහාසික අරගලය ලෝක ඉතිහාසයේ ගමන් මගට ප්‍රබල ලෙස බලපා ඇති බවත්, එය ශක්තිමත් ව චීන කොමියුනිස්ට් පක්ෂය ගොඩනැගීමට දායක වී ඇති බවත් ඔහු එහිදී පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සියලුම සාමාජිකයින් විශ්වාසයෙන් යුතුව සිටිමින් නව යුගයේදී පක්ෂයේ මෙහෙවර සාක්ෂාත් කර ගැනීමට අඛණ්ඩ උත්සාහයන් සමග ඉදිරියට යා යුතු බව ජනාධිපතිවරයා පවසා ඇත.

ඉදිරි අවදානම් සහ අභියෝගවලට සක්‍රියව ප්‍රතිචාර දැක්විය යුතු බවත්, සමස්ත පක්ෂයම තිරසාර උත්සාහයන් සමග පූර්ණ හා දැඩි පක්ෂ ස්වයං පාලනයක් පවත්වා ගත යුතු බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

දිනූෂි ධීරසිංහ
චීන මාධ්‍ය සමූහය

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්