leader s

වෙනිසියුලාවේ පසු ගිය දා සිදු වූ ද්විත්ව භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට, 3,535 තෙක් ඉහළ ගොස් ඇතැයි බලධාරීහු ඊයේ (6) අනාවරණය කළහ.

දස දහස් සංඛ්‍යාත පිරිසක් තවමත් අතුරුදන්ව සිටිති. ව්‍යසනය හේතුවෙන් අවතැන් ගණන 18,000ක ට අධික ය.

ජුනි 24 දා, එරට වෙරළබඩ ප්‍රදේශ  අශ්‍රිතව සිදු වූ එම භූ  කම්පනයෙන් 16,740 දෙනෙක් තුවාල ලදහ. නිවෙස් අහිමි වූ සංඛ්‍යාව 17,854කි. රිච්ටර් මාපක 7.2ක මුල් භූ කම්පනයෙන් තත්ත්පර කිහිපයකට පසුව එම  7.5ක දෙවන කම්පනය සිදු විය. වැඩිම හානි වාර්තා වූයේ  කරාකස් අගනුවර සහ ලා ගුවේරා වෙරල  කළාප අසබඩ ය.  පශ්චාත් විපත් කළමනාකරණය පිළිබඳව එරට රජය දැඩි විවේචනයට බඳුන්ව ඇත.

ve 27

 

ඉහත කලාප ආශ්‍රිත තාවකාලික කඳවුරු 80ක, 12,800ක අවතැන් පිරිසක් රඳවා ඇතැයි, එරට සමාජ සුභ සාධනය පිලිබඳ රජයේ කාර්යාලය පවසයි. එම තාවකාලික මධ්‍යස්ථානවල සෞඛ්‍ය තත්ත්වය ද, සීග්‍රයෙන් පිරිහෙමින් ඇතැයි වාර්තා වේ. තදබදය සහ ප්‍රමාණවත් වාතාශ්‍රය නොමැති වීම ඊට ප්‍රධාන සාධක ලෙස දැක්වේ. පානීය ජල සහ සනීපාරක්ෂක පහසුකම් ද ප්‍රමාණවත් නොවන බව සැලය. කඳවුරු වාසීන් වෙත ආහාර සම්පාදනය  සහ අපද්‍රව්‍ය කළමනාකරණය ද ඉතා දුර්වලව පවතී.

මේ වන විට, අවතැන්  පිරිස්  ලක්ව ඇති ස්වසන සංකූලතා, පාචනය,  සමේ රෝග, තුවාල බරපතල වීම, ඩෙංගි සහ එන්නත්කරණය   අත්‍යවශ්‍ය පිටගැස්ම, සරම්ප, රුබෙල්ලා, ඩිප්තීරියා, කක්කල් කැස්ස සහ පෝලියෝ වැනි සෞඛ්‍ය තත්ත්වයන්ට කඩිනම් පිළියම් අවශ්‍යව ඇතැයි ද වාර්තා වේ.

 

ve 28

පසු විපත් ප්‍රතිචාර ප්‍රමාද සහ ප්‍රමාණවත් නොවන බවට වන මහජන විරෝධය, වැඩබලන ජනපතිනි, ඩෙල්සි රොද්‍රිගෙස් බැහැර කළාය. ජාත්‍යන්තර මුදා ගැනීමේ කමිටුව  ඇතුළු ජාත්‍යන්තර මානුෂීය සංවිධාන රැසක්  ද රජයේ පසු විපත් කළමනාකරණ වැඩසටහන පිලිබඳ දැඩි අප්‍රසාදය පල කර තිබේ. භූ කම්පනය සිදු වූ සැනින්, ඒ වෙත ආරක්ෂක  භට පිරිස් පිටත් කර හැරීමට  පියවර ගත්  බව, රොද්‍රිගෙස් පවසන්නීය. ඉදිරි හදිසි අවස්ථා සහ විපත් ප්‍රතිචාරය පිණිස  නව හමුදා ඒකකයක් ස්ථාපිත කළ බවද ඇය කියා සිටී.

ඊයේ  ද, වෝහාරික  කණ්ඩායම් සහ බලධාරීහු  ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයින්ගේ අවසන්  කටයුතු සිදු කළහ. ඉන්  ඇතැම් සුසාන  හඳුනා,  නම් කර තිබූ    අතර අනෙක් සියල්ල මත අංක පමණක් සඳහන් විය.

 

ve 29
මළ සිරුරු කළමනාකරණයට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන කිහිපයක ද සහාය හිමිව තිබේ.  මළ සිරුරු බහාලන මළු සහ ඒ පිලිබඳ තාක්ෂණික සහාය ද ඊට ඇතුළත් වේ. ඊයේ,  මළ සිරුරු කළමනාකරණය පිණිස අධි ශීතකරණ  තුනක්, ලා ගුවේරා වරාය වෙත, ලඟා විය. අන් ස්ථාන දෙකක ආදාහනාගාර දෙකක් ද ස්ථාපිත කෙරිණි.

රජය සමග එක්ව, වෙනිසියුලාව වෙත ආධාර වැඩසටහන කඩිනම් කරන බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පැවසීය. විපතට   පත් ඇතැම් ස්ථාන වෙත දැනටමත් පිරික්සුම් සහ මුදා ගැනීමේ සහන කණ්ඩායම් පිටත් කර ඇතැයි එම සංවිධානය කියයි. විශේෂඥ  ඉංජිනේරු සහ වෛද්‍ය කණ්ඩායම් ද කඩිනමින් ඒ වෙත ලඟා වීමට  නියමිත ය.

ve 30

 

තාවකාලික කඳවුරු හි ලැගුම් ගෙන සිටින දහස් සංඛ්‍යාත අවතැන් ජනතාව වෙත, ජාතික සෞඛ්‍ය බලධාරීන් විසින් කඩිනම් එන්නත්  වැඩසටහනක් දියත් කිරීම පිලිබඳව ද  සැලසුම් සකස් කෙරෙමින් පවතී.

(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

7/7/2026
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

මුලාශ්‍රය :
Death toll from Venezuela quakes rises to 3,535 as thousands remain displaced

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්