leader s

ඉරාන හමුදා, බහ්රේන් සහ කුවේට් හි පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරු වෙත අද (8) අළුයම පහර දුන්හ.

ඊයේ (7) හෝර්මුස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරමින්  පැවති විදෙස් ඉන්දන නෞකා තුනකට ඉරාන හමුදා ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව, එක්සත් ජනපද හමුදා,  ඊට ප්‍රති ප්‍රහාර දැක්වූහ. මෙම  නවතම ඉරාන ප්‍රහාර  ඉන් පසුවය.

බහ්රේන් හි පස්වන නාවික දිස්ත්‍රික්කයේ පිහිටි බන්ඩර් සල්මන් සහ කුවේටයේ අලි අල් සලෙම් ගුවන් හමුදා කඳවුර වෙත ඒකාබද්ධ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව, ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය පැවසීය. එම ප්‍රහාර ව්‍යර්ථ කිරීම පිණිස දියත් කරන ලද  එක්සත් ජනපද MQ9 ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙළූ බව ද ඔවුහු පැවසූහ.

බහ්රේන් සහ කුවේට් හි ගුවන් ආරක්ෂක සයිරන් නලා ක්‍රියාත්මක විය. ගුවන් ආරක්ෂක පද්ධති මගින් සතුරු මිසයිල සහ ඩ්‍රෝන ඉලක්ක කර ගුවනේදී විනාශ කෙරිණි.


ඉරාන හමුදා ඊයේ, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරමින් පැවති නෞකා ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමත් සමග, එරට ඉන්දන වෙළඳාමට අවසර දෙමින් නිකුත් කර තිබූ එක්සත් ජනපද බලපත්‍ර ද යළි අහෝසි කෙරිණි.

සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එම සාකච්ඡා නියෝජිත කණ්ඩායම් ප්‍රධානී, මොහම්මඩ් බකෙර් ඛලිබෆ් එක්සත් ජනපදයට චෝදනා කළේය. ඉරානයට යළි ඉන්දන සම්බාධක පැනවීම, හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ගිවිසුම් සාකච්ඡා ප්‍රකාරව එළඹී තීරණ වෙනස් කිරීම සහ ලෙබනනයේ සිදු කෙරෙන ඊශ්‍රායල ප්‍රහාර සම්බන්ධයෙන් ද ඔහු එක්සත් ජනපදයට දෝෂාරෝපණය කළේය.

"තැති ගන්වමින් හිරිහැර කිරීම සහ අඩන්තේට්ටම් කිරීම අවසන්. අප තව දුරටත් නැමෙන්නෙ නෑ," ඔහු එක්ස් (X) පනිවුඩයක දැන්වීය.

(සටහන: Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
7/8/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

මුලාශ්‍රය :

Iran targets sites in Bahrain, Kuwait after wave of US strikes

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්