leader s

තායිලන්තයේ බැංකොක් අගනුවර  ජනප්‍රිය ආපාන ශාලාවක සිදු වූ පිපිරීමක් සමග හටගත් ගින්නකින් පුද්ගලයින් 27 දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 22කට බරපතල තුවාළ සිදු ව තිබේ.

ඉකුත් වසර කිහිපය තුළ කලාපයේ සංචාරක කේන්ද්‍රස්ථානයේ සිදු වූ දරුණුතම අනතුර මෙය බව ද වාර්තා වේ.

මළ සිරුරු 27ක් හමු වූ බවත්, අනතුරට පත් පුද්ගලයින් රෝහල් කරා පිටත් කර හරිමින් ඇති බවත්, සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණයට පැමිණි අග්‍රාමාත්‍ය, අනුටින් චාර්න්විරකුල් පැවසීය. එරට වේලාවෙන් ඊයේ (12) ප.ව.11.57 ට එහි එම ගින්න හටගෙන තිබේ.

bang454e5

 

චටුචක් දිස්ත්‍රික්කයේ පිහිටි එම ආපාන ශාලව,  ගින්න හට ගැනීමත් සමග දුමෙන් වැසී ගිය බව අනතුරින්  තුවාළ ලැබූවෝ පවසූහ. එම අවස්ථාවේ, සනීපාරක්ෂක පහසුකම් පැවති එහි පසු කොටසට පලා ගිය බව ද ඔවුහු කීහ. එහෙත්, එහි කිසිදු හදිසි දොරටුවක් නොවීය.

සිද්ධියෙන් තුවාළ ලද තවත් 63 දෙනෙක් ද රෝහල් ප්‍රතිකාර පිණිස යොමු කර සිටිති. ගිනි භටයින් එහි පැමිණෙන විටත්, ගොඩනැගිල්ලේ වේදිකාව පිහිටි ඉදිරි කොටස මුළුමනින්ම දැවී විනාශව පැවති බව සඳහන් ය. එහි සිටි අය ගොඩනැගිල්ල පසු කොටසින් පලා යාමට උත්සාහ දරමින් සිටි බවත්, ගිනි ගෙන දැවෙමින් පැවති  ඉදිරි කොටසින් පිටතට පලා ඒමට උත්සාහ දැරූවන් ද ගින්නට හසුවූ බවත්, සිද්ධිය ඇසින් දුටු ගිනි භටයෝ කීහ. ගින්න එතරම්  දැඩි නොවුවද, ගොඩනැගිල්ල 100%ක්ම  දුමෙන් පිරී යාමෙන් තත්ත්වය  ඉමහත් ව්‍යසනකාරී වී යැයි ඔවුහු පැවසූහ.  ඔක්සිජන් මුහුණු ආවරණ පැළඳි සහන කාර්ය මණ්ඩල සාමාජිකයෝ විදුලි පන්දම් දල්වා අනතුරට පත් පිරිස් සොයා දුමෙන් වැසුණු ගොඩනැගිල්ල පීරන වීඩියෝ දර්ශන විදෙස් මාධ්‍ය විසින් නිරීක්ෂණය කර තිබේ.

j8o7k

ආපාන ශාලාවේ සනීපාරක්ෂක පහසුකම් පැවති  කොටසේ අනතුරට පත් ඇතැම් පිරිස් මුනින් හොවා වැටී සිටියහ. සහන සේවකයෝ ස්ට්‍රෙචර මත ඔවුන් රැගෙන ගියහ. එම ව්‍යාපාරය නිසි අවසර සහිතව සහ නියමිත හදිසි දොරටු සහිතව පවත්වාගෙන ගිය ද, ගින්න සීග්‍රයෙන්  පැතිරීමත්, ගොඩනැගිල්ල දුමෙන් පිරී යාමත් හේතුවෙන්, එහි සිටි බොහෝ පිරිස් හට පලායාමට නොහැකි වූ බව, බලධාරීහු කියා සිටියහ.

v56hwr6r56u6ushrtr

 

වේදිකාව අවට එකවර දුමෙන් පිරී ගිය බවත්, විදුලි බුබුළු ගැහෙන්නට  වූ  බවත්, එසැණින් පිපිරීමක් සමග ගින්නක් හටගත් බවත්, ආපාන ශාලාවේ සංගීත කණ්ඩායම් සාමාජිකයකු පැවසූ බව, රොයිටර්ස් පුවත් සේවයේ සඳහන්ය.  


(සටහන: Reuters  ඇසුරින්;  හර්ෂ උදයකාන්ත පීරිස්)
7/13/2026
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

මුලාශ්‍රය :

Bangkok pub fire kills 27 people and 22 critically injured, officials say

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්