leader s

තායිලන්තයේ බැංකොක් අගනුවර ඊයේ (12) හටගත් ආපානශාලා ගින්නෙන් පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්ව 27 දෙනකු  බරපතල තුවාළ  ලබා ඇතැයි බලධාරීහු අද පැවසූහ.


පහත පළවන්නේ, පසුගිය වසර සහ දශක කිහිපය තුළ එරට සිදු වූ දරුණු ගිනි අනතුරු පිලිබඳ වාර්තාවකි.

2024 දෙසැම්බර 29: බැංකොක් අගනුවර අසල  ජනප්‍රිය අඩු වියදම් සංචාරක දිස්ත්‍රික්කයේ හටගත් ගින්නකින් එක්සත් ජනපද, බ්‍රසීල සහ යුක්‍රේන වැසියෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

 

yuikfyugh

2024 ඔක්තෝබර 1: බැංකොක් අගනුවර තදාසන්නයේ ක්ෂේත්‍ර චාරිකාවක නියැලි පාසල් සිසු සිසුවියන් සහ ගුරු මණ්ඩල සාමාජිකයින් ඇතුළු 40ක් රැගෙන ධාවනය වෙමින් පැවති බස් රථයක හට ගත් ගින්නකින් අවම වශයෙන් 23 දෙනෙක් මරණයට පත් වූහ.

2023 ජුලි 30: මැලේසියාවට දේශ සීමාව පිහිටි දකුණු නාරතිවත් ප්‍රාන්තයේ ගිනි කෙළි ගබඩාවක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින්  12 දෙනකු  ජීවිතක්ෂයට පත්ව 100කට අධික පිරිසක් තුවාළ ලැබූහ.

 

n5weu656u5n67

2022 අගෝස්තු 5: බැංකොක් අගනුවරට කි.මී.180ක් ගිනිකොණ දෙසින් පහිටි, චෝන්බුරි, සත්තාහිප් දිස්ත්‍රික්කයේ මවුන්ටන් බී (Mountain B)  සමාජ ශාලාවේ හටගත් ගින්නකින් පුද්ගලයින් 13 දෙනකු මරණයට පත්ව 35 දෙනෙක් තුවාළ ලැබූහ.

2021 ජුලි 5: සමුත් ප්‍රකාන් ප්‍රාන්තයේ කම්හලක හටගත් ගින්නකින් ගිනි භටයකු ජීවිතක්ෂයට පත්ව 29 දෙනෙක් තුවාළ ලද අතර දහස් සංඛ්‍යාත පිරිසක් අවට පරිශ්‍රයෙන් වහා ඉවත් කිරීමට පියවර ගැනිණි.

2009 ජනවාරි 1: බැංකොක් රාත්‍රී සමාජ ශාලාවක හටගත් ගින්නකින්  නව වසර උදාව සමරමින් සිටි පුද්ගලයින් 65 දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව, 200කට අධික පිරිසක් තුවාළ ලැබූහ.

jomtienhotelfire

1997 ජුලි 11: බැංකොක් අගනුවරට කි.මී. 200ක් පමණ ගිනිකොණ දෙසින්, පතායා වෙරළාශ්‍රිතව පිහිටි මහල් 16කින් යුත් හෝටලයක හටගත් ගින්නකින් අවම වශයෙන් පුද්ගල මරණ 90ක් වාර්තා විය. හොටල බිම් මහලේ අවන්හලේ වූ පිසින ගෑස් පිපිරීමකින් ගින්න හට ගෙන තිබිණි.

1993 මැයි 10: නඛොන් පතොම් හි ළදරු ක්‍රීඩා  භාණ්ඩ නිෂ්පාදනය කෙරෙන කඩෙර් කාර්මික පරිශ්‍රයේ හටගත් ගින්නකින් එහි සේවකයින් 188 දෙනකු ජීවිතක්ෂයට පත්ව 500කට අධික පිරිසක් තුවාළ ලැබූහ.

(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

7/13/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

මුලාශ්‍රය :

List of some significant fatal fires in Thailand

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්