leader s

අඛණ්ඩ සය වන දිනටත් සිදු කළ එක්සත් ජනපද පහරදීම් හමුවේ, ඉරානය අද (17), කලාපයේ සතුරු ඉලක්ක වෙත නවතම ප්‍රහාර එල්ල කළේය.

ඒ අනුව ඉරාන හමුදා අද උදෑසන, බහ්රේන් සහ කුවේට් රාජ්‍යයේ පිහිටි එක්සත් ජනපද හමුදා ඉලක්ක වෙත ගුවනින් පහර දුන්හ. කටාර අගනුවර දෝහා වෙතින් ද පිපිරීම් වාර්තා විය. තියුණු යමක් ගැටීමෙන් කුඩා දරුවකු තුවාළ ලද බව, කටාර අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසීය. එක්සත් ජනපද ප්‍රහාර හමුවේ ඉරාන පාලම් පහක් විනාශ වූ  බව ඉරාන මාධ්‍ය දැන්වීය.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ නෞකා ගමනාගමනය යළිත් විශාල ලෙස බාධාව පවතී. බදාදා (15) සිට එක්සත් ජනපදය විසින් නවතම ඉරාන වරාය තහනමක් ද ක්‍රියාත්මක ය.

 



ඉරාන යටිතල පහසුකම් වෙත තවදුරටත් ප්‍රහාර එල්ල කළහොත්, යේමන  හුති හිතවාදීන්ගේ සහායයෙන් තවත් අතිශය තීරණාත්මක සමුද්‍රීය ඇල මාර්ගයක් වන, රතු මුහුදේ, බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය වසා දමන බවට ද ඉරානය තර්ජනය කර සිටී.  

හෝර්මුස්  සමුද්‍ර සන්ධියේ අධිකාරීත්වය තහවුරු කිරීම සිය අපේක්ෂාව බව ඉරාන ආරංචිමාර්ග පැවසී යැයි, රොයිටර්ස් පුවත් සේවය  කියයි. හෝර්මුස් සමුද්‍ර සන්ධිය තරණය කරන සියලු නෞකා, ඉරාන වෙරළාසන්නව දක්වා ඇති ප්‍රවේශ මාර්ගයක් ඔස්සේ පමණක් යාත්‍රා කළ යුතු බව ඉරානය විසින් දන්වා තිබේ. දින 60ක සටන් විරාම කාලයෙන් පසු ඒ වෙනුවෙන් ගාස්තු අය කෙරෙන බවද දන්වා ඇත. එම සමුද්‍ර සන්ධියේ ඕමාන වෙරළ තීරයට ඔබ්බෙන් නිර්දේශිත නව මාර්ගයක් භාවිතා කරන ලෙස, එක්සත් ජනපද හමුදා, ජාත්‍යන්තර නෞකා වෙත දන්වා සිටිති.

එක්සත් ජනපද හමුදා, හෝර්මුස් කලාපයේ ඉරාන ගිනි බලය  විනාශ කරන අටියෙන් එම  වෙරළාසන්න සන්නද්ධ මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ ද, ඉරාන විප්ලවීය හමුදාවට සිය  ඕනෑම භූමි කලාපයක සිට හෝර්මුස් සමුද්‍ර සන්ධිය වෙත පහර දීමේ හැකියාව පවතින බව එරට  හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් ජෙනරාල් මොහම්මඩ් අක්‍රමිනියා ඊයේ (16) පැවසීය.    

(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
7/17/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

මුලාශ්‍රය :
Iran launches fresh attacks after sixth day of US strikes

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්