leader s

සිරියාවේ අල්-ටන්ෆ් හි පිහිටි එක්සත් ජනපද විශේෂ ක්‍රියාන්විත විධාන මධ්‍යස්ථානය ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය අද (17) පැවසීය.

ඉරාන්ෂහ්ර් ප්‍රහාරයෙන් ඉරාන හමුදා  භටයින් පිරිසක් ඝාතනය කිරීමට ප්‍රති ප්‍රහාර ලෙස එය සිදු කළ බව ද, ඔවුහු පැවසූහ. සිරියානු රජය හෝ එක්සත්  ජනපද හමුදා මෙතෙක්, ඒ පිලිබඳ කිසිවක් ප්‍රකාශ කර නැත.

සිරියාවේ ත්‍රි-දේශ සීමා ප්‍රදේශයේ පිහිටි අල්-ටන්ෆ් හමුදා කඳවුර ඉකුත් පෙබරවාරි මස පූර්ණ වශයෙන් ඉවත් කරගත් බව, එක්සත් ජපද හමුදා ප්‍රකාශ කළහ.  සිරියාව, ජෝර්දානය සහ ඉරාකය අතර දේශසීමා කලාපයේ එම කඳවුර  පිහිටියේය.

ඊශ්‍රායල හමුදා, හිස්බොල්ලා සන්නද්ධ කල්ලිය හා සටන් වදින ලෙබනනය සහ යාබද ඉරාකය වැනි අසල්වැසි රටවලට ඈඳෙමින්, ඉරාන යුද්ධයට එක්වීම, සිරියානු රජයේ මෙතෙක් අපේක්ෂාව නොවීය. කෙසේ වෙතත්, ඉරාන හිතවාදී සන්නද්ධ කල්ලි විසින් දිගින් දිගටම එම ඉලක්ක වෙත ඩ්‍රෝන සහ රොකට් ප්‍රහාර එල්ල කර සිටියහ.

සිය දේශයට සතුරු ප්‍රහාර එල්ල නොකෙරෙන තාක්, ගැටුමින් ඉවත්ව සිටින බව,  සිරියානු ජනපති, අහ්මෙඩ් අල්-ෂරා පසු ගිය මාර්තුවේ පැවසීය.

 

4732126 893893801
"මොන පැත්තකින්වත් රට තුළට ප්‍රහාර එල්ල නොකෙරෙන තෙක් සිරියාව ගැටුමින් ඉවත්ව සිටිනවා," ලන්ඩනයේ චැතම් හවුස් චින්තන සංචිතයේ උත්සව අවස්ථාවකට එක් වෙමින් ඔහු කියා සිටියේය.  

හොර්මුස් සමුද්‍ර සන්ධියේ පූර්ණ පාලනය තමන් සතු බව, ඉරාන විප්ලවීය බලකාය පැවසීය. එක්සත් ජනපද ප්‍රහාර නවතින තෙක්, ඒ ඔස්සේ, කිසිදු ඉන්දන හෝ ගෑස් ප්‍රවාහනයක් සිදු නොවන බවද ඔවුහු අවධාරණය කර සිටිති.

(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

7/17/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

මුලාශ්‍රය :

Iran's IRGC say they targeted US command centre in Syria, state media reports

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්