leader s

හෝර්මුස් සහ රතු මුහුදේ නාවික මාර්ග වැසී යාමෙන් සෞදි තෙල් අපනයනයට දැවැන්ත බාධා:

හුති සංවිධානයෙනුත් තෙල් නැව්වලට තහනමක්

අඛණ්ඩ 11 වන දිනටත් අමෙරිකානු ප්‍රහාර: ඉරානයේ න්‍යෂ්ටික බලාගාරය අසලත් පිපිරීම් වාර්තා වෙයි

එක්සත් ජනපදය සහ ඉරානය අතර හටගෙන ඇති සන්නද්ධ ගැටුම් උත්සන්න වීමත් සමඟ ගෝලීය ඉන්ධන ප්‍රවාහනය කරන ප්‍රධාන ජාත්‍යන්තර සමුද්‍රීය මාර්ග දෙකක්ම අවහිර වී ඇති අතර, ඉරානයේ නටාන්ස් (Natanz) න්‍යෂ්ටික පහසුකම් වෙත නොපමාව ප්‍රහාර එල්ල කර විනාශ කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ප්‍රබල අනතුරු ඇඟවීමක් කර තිබේ.

අර්බුදය සමනය කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා යළි ආරම්භ කිරීමට එක්සත් ජනපදය සූදානම් වුවද, ටෙහ්රාන් පාලනය ඊට යහපත් ප්‍රතිචාරයක් නොදක්වන බව අග්නිදිග ආසියානු විදේශ අමාත්‍ය හමුවට සහභාගී වෙමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්ක් රුබියෝ මැනිලා නුවරදී පැවසීය.

නාවික මාර්ග අවහිර වීම සහ හුති සංවිධානයේ තර්ජනය

ඉරානය විසින් ගල්ෆ් කලාපයේ ප්‍රධානතම සමුද්‍රීය මාර්ගය වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) අවහිර කිරීමත් සමඟ, සෞදි අරාබිය සිය බොර තෙල් ප්‍රවාහනය සඳහා විකල්ප මාර්ගයක් ලෙස රතු මුහුද භාවිත කිරීමට කටයුතු කළේය. කෙසේ වෙතත්, යේමනයේ හුති සංවිධානය ද සෞදි අරාබියට එරෙහිව නාවික තහනමක් ප්‍රකාශයට පත් කරමින් රතු මුහුද ඔස්සේ යවන සෞදි තෙල් නැව් ඉලක්ක කරන බවට ලිඛිතව තර්ජනය කිරීම නිසා එම විකල්ප මාර්ගය ද මේ වන විට දැඩි අවදානමකට ලක්ව ඇත.

සෞදි බොර තෙල් රැගෙන ආසියාව බලා යාත්‍රා කරමින් තිබූ ඉන්ධන නෞකා තුනක් හුති බලපෑම හමුවේ ආපසු හරවා යැවීමට සිදුව තිබේ. රතු මුහුදට ප්‍රවිෂ්ට වන බාබ් එල්-මන්දෙබ් (Bab el-Mandeb) සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දැමීමට හුති සංවිධානය කටයුතු කළහොත් ඊට එරෙහිව දැඩි ලෙස ක්‍රියාකරන බව ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කර ඇත.

අඛණ්ඩ ප්‍රහාර සහ ජීවිත හානි

රාජ්‍යතාන්ත්‍රික විසඳුමකට එළඹීමට නොහැකි වූ පසුබිමක, අමෙරිකානු හමුදාවන් අඛණ්ඩව 11 වන දිනටත් ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබේ. ටෙහ්රාන් අගනුවර ආසන්නයේ මෙන්ම අග්නිදිග වෙරළබඩ කලාපයේ පිහිටි චබහාර්, කොනරක් සහ ඉරානයේ එකම න්‍යෂ්ටික බලාගාරය පිහිටි බුෂෙහ්ර් (Bushehr) ආශ්‍රිතව ද ප්‍රබල පිපිරීම් වාර්තා වී ඇත.

එක්සත් ජනපද ප්‍රහාර හමුවේ ඉරානය තුළ පුද්ගලයන් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 500කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. එමෙන්ම, ජෝර්දානයේ සහ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට එල්ල වූ ප්‍රහාර ඇතුළුව මේ වන විට අමෙරිකානු සෙබළුන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ජනාධිපති ට්‍රම්ප් තහවුරු කර ඇත. මීට අමතරව බහ්රේනයේ පිහිටි ඇමසන් (Amazon) සමාගමේ ප්‍රාදේශීය දත්ත මධ්‍යස්ථානය වෙත ද ඉරාන හමුදා විසින් ප්‍රහාර එල්ල කර තිබේ.

ලෝක වෙළෙඳපොළට එල්ල වූ බලපෑම

මෙම තත්ත්වය හමුවේ ආසියානු වෙළෙඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. බ්‍රෙන්ට් (Brent) බොර තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 91 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, පෙට්‍රල් ගැලුමක මිල ද ඩොලර් 4කින් ඉහළ ගොස් තිබේ.

ප්‍රධාන තෙල් ප්‍රවාහන මාර්ග දෙකම එකවර අවහිර වුවහොත් ගෝලීය ඉන්ධන සැපයුම් ජාලය පූර්ණ ලෙස කඩා වැටීමේ බරපතළ අවදානමක් පවතින බව ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(සටහන: Reuters  ඇසුරින්;  හර්ෂ උදයකාන්ත පීරිස්)

7/22/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

මුලාශ්‍රය :

Rubio says US still willing to negotiate over Iran crisis

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්