leader s

"කැරපොතු ජනතා පක්ෂයේ" මෙහෙයවීමෙන් ජන්තර් මන්තර් භූමිය උණුසුම් වෙයි: අධ්‍යාපන ඇමැතිගේ ඉල්ලා අස්වීම ඉල්ලමින් පොලිසිය සමඟ දැඩි ගැටුම්!


පාර්ලිමේන්තුව සහ අගමැති නිවස වටලද්දී දුම්රිය ස්ථාන වැසේ: රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂයේ පූර්ණ සහාය ශිෂ්‍ය අරගලයට!



අධ්‍යාපන අමාත්‍යවරයා ඉවත් කරන ලෙස ඉල්ලා වීදි බට ඉන්දීය තරුණ අරගලකරුවෝ, ඊයේ (22) රාත්‍රී  නව දිල්ලි  නුවර පොලිසිය හා ගැටුණහ. පොලිස් නිලධාරීහු කඳුළු ගෑස් සහ  බැටන්  පහර එල්ල කර ඔවුන් පලවා හැරීමට උත්සාහ කළද ඵල නොවීය.    

මධ්‍යම නව දිල්ලි නුවර ජන්තර් මන්තර් අරගල භූමියේ පැවති  එම විරෝධතාවන්ට 10,000කට අධික පිරිසක් සහභාගි ව සිටියහ. අරගලයේ නියුතු "කැරපොත්තා" පක්ෂ ව්‍යාපාරයේ කැඳවුම්කරුවෝ, අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වන තෙක් මීට මසකට පමණ පෙර ඇරඹි විරෝධතා ව්‍යාපාරය, අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවට සපථ කළහ. ඉකුත් මැයි මස, මිලියන 2කට අධික සිසු සිසුවියන් පිරිසක් අපහසුතාවට ලක් කරමින් විභාග ප්‍රශ්න පත්‍ර, විභාගයට පෙර පිටවීමේ සිද්ධියක් මුල් කර එම විරෝධතා ආරම්භ විය.

මෝදිට නරක දසාවක්  

modi6786786
2014 වසරේ අග්‍රාමාත්‍ය, නරේන්ද්‍ර මෝදි බලයට පත්වීමෙන් අනතුරුව ඔහු මුහුණ දෙන ඉන්දියාවේ ප්‍රබලතම තරුණ අරගලය මෙය වේ. විරුද්ධ පක්ෂ සියල්ල පාහේ සිසු ඉල්ලීම් සහායට ඉදිරිපත්ව සිටිති. ඉන්, මෙවර පාර්ලිමේන්තු සැසිවාරය ද බාධාවට ලක්ව පවතී.

සඳුදා (20), පොලිස් තහනම ද නොතකා දස දහස් සංඛ්‍යාත ඉන්දීය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ  පාර්ලිමේන්තුව වෙත පෙළපාලි ගියහ. පොලිසිය සහ සන්නද්ධ අංශ කඳුළු ගෑස් සහ බැටන් පොලු ප්‍රහාර එල්ල කර ඔවුන් පලවා හැරීමට උත්සාහ කරනු දක්නට ලැබිණි.

අනතුරුව, ඊයේ ජන්තර් මන්තර් අරගල භූමියට දහස් ගණනින් එක්වූ අරගලකරුවෝ ඉන්දීය ධජ ලෙලවමින්, විරෝධතා පාඨ කියමින්  උද්ඝෝෂණයේ නිරත වූහ. කොටසක් ඒ වන විටත් පාර්ලිමේන්තු පරිශ්‍රය පිටත විරෝධතා දැක්වීමට එක්ව සිටියහ.

 

delhi 45

රාත්‍රිය එළැඹෙත්ම, විරෝධතාවට එක්වූ පිරිස 10,000 ඉක්මවීය. ඔවුහු නව දිල්ලියේ අන් මාර්ග වෙත ද පිවිසෙමින් ඒවා අවහිර කරමින් විරෝධතාවේ නියැලුණහ. එම අවස්ථාවට මැදි වූ පොලිසියට විරෝධතාකරුවන් වෙතින් ගල් සහ ප්ලාස්ටික් බෝතල් ප්‍රහාර එල්ල විය. එම ප්‍රහාර හේතුවෙන් තුවාළ ලද පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් රෝහල් ගත කිරීමට පියවර ගැනිණි.

කුඩා කණ්ඩායම් වෙත බෙදී පොලිස් නිලධාරීන් හා ගැටෙන අරගලකරුවන් සහිත වීඩියෝ දර්ශන එක්ස් (X) සමාජ මාධ්‍යයේ  පළ කර තිබිණි.

ඇරඹුම මාර්ගගත  විරෝධයකින්  

delhi 46
කැරපොතු ජනතා පක්ෂය (CJP) ලෙස ස්වේච්චාවෙන් හඳුන්වා ගත් විරෝධතා කරුවන් සියයකට ආසන්න පිරිසක් මුලින්ම,  නව මාධ්‍ය අවකාශයේ උපහාසාත්මකව මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කළහ. එතැන් සිට වර්ධනය කළ සිය විරෝධතා ව්‍යාපාරය, අධ්‍යාපන අමාත්‍ය, ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක බව කැරපොතු ජනතා පක්ෂ නිර්මාතෘ අභිජීත් දිප්කේ පැවසීය.

" මේ වෙනකොටත් අරගලයට දින 25ක් වෙනවා. අපට මාස 25ක් ගියත් එකයි. අප මෙතනින් ඉවත් වන්නේ නැහැ," ඊයේ රාත්‍රී අරගල භූමියට රැස්වූවන් අමතමින් දිප්කේ පැවසීය.

දිල්ලි දුම්රිය ස්ථාන වැසේ

delhi 48
අද (23), මධ්‍යම නව දිල්ලි නුවර සහ ඒ අවට නාගරික දුම්රිය ස්ථාන සියල්ල නැවත දැනුම් දෙන තෙක් වසා දැමීමට බලධාරීහු පියවර ගත්හ. ආරක්ෂක හේතු මස මෙම සතියේ  එම පියවර ගැනීමට සිදුවූ දෙවන අවස්ථාව මෙයය.

දහස් සංඛ්‍යාත අරගල කරුවන් වෙතින් එල්ල වන නොනවතින පීඩනය හමුවේ කැරපොතු ජනතා පක්ෂ නායකයින් හා එක් වටයක හෝ සාකච්ඡා පැවැත්වීමට මෝදි රජයට සිදු විය. අරගලකරුවන්ගේ ඉල්ලීම් සලකා බලන බවට  රාජ්‍ය බලධාරීහු එහිදී සහතික කළහ. ගැටලුව පිලිබඳ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට ද ඒ අනුව, විභාග ක්‍රමයේ ප්‍රතිසංස්කරණ දියත් කිරීමට ද  රජය එකඟ ව තිබේ.

රාහුල්  ගාන්ධිත් සිසු අරගලයට

f5y4656yt56y6yhghjjjjjk 
රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කොන්ග්‍රස් පක්ෂය හා එක්වූ  අනෙකුත් විපක්ෂ ද මෝදිගේ නිවෙස සහ පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් පිටත ශිෂ්‍ය විරෝධතාවන්ට එක්ව සිටියහ.

අමාත්‍ය ප්‍රධාන් ගේ ඉල්ලා අස්වීම මෙතෙක් සාකච්ඡා කළ නොහැක්කක්ව පවතී. අද, විපක්ෂ නායකයින් රැස්ව, පාර්ලිමේන්තුවේ මේ පිලිබඳ සිය ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට නියමිත බව ගාන්ධි කියා සිටියේය.

ඉන්දීය තරුණ තරුණියන් තුළ මේවන විට උද්ගතව පවතින නොසන්සුන්තාව ප්‍රමුඛ පීඩනය මෙම උද්ඝෝෂණයෙන් මොනවට පැහැදිලි වේ. ප්‍රශ්නපත්‍ර කලින් පිටවීමේ ගැටලුවේ සිට විරැකියාව දක්වා ගැටළු රැසකට වත්මන, ඔවුහු මුහුණ දී සිටිති. විභාග ප්‍රශ්න පත්‍ර කාන්දුවීම, දැන් සුලබ සිදුවීමක්ව ඇතැයි, ඔවුහු කියා සිටිති. මෙය, මෝදි ට සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂ රජයට විරෝධය පෑමට විපක්ෂය ලද ඉතා දුලබ අවස්ථාවෙකි. 

2024 මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතර තනි ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කිරීමට මෝදි ට නොහැකි වන තෙක්, භාරතීය ජනතා පක්ෂයට ඉන්දීය ප්‍රාන්ත පුරා අති බහුතර තරුණ ඡන්ද ප්‍රමාණයක් හිමිකර දුන්නේ එරට තාරුණ්‍යය විය. අද, මෝදි රජය තවදුරටත් බහුතර තරුණ මනාපයෙන් සීග්‍රයෙන් ඉවතට   විසිවෙමින් පවතී.


(සටහන: Reuters  ඇසුරින්;  හර්ෂ උදයකාන්ත පීරිස්)

7/23/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

මුලාශ්‍රය :

India's Modi promises fast-track courts on exam leaks, protesters want minister to quit

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්