මගීන් 10 දෙනෙකු සහ ගුවන් නියමුවා රැගත් කෙන්මෝ එයාර් යානය ශැලෝ බේ අසලට හදිසියේ ගොඩබස්වයි
දිය මතදී ගිනිගෙන දැවුණු යානයේ සිටි සියලු දෙනා වෙරළාරක්ෂක මෙහෙයුමකින් මුදා ගැනේ
එක්සත් ජනපදයේ වොෂින්ටන් ප්‍රාන්තයේ සැන් ජුවන් දිවයින් සමූහයට අයත් සුසියා දිවයින ආසන්නයේදී මගීන් සහ කාර්ය මණ්ඩලයේ 11 දෙනෙකු රැගත් ජල ගුවන් යානයක් (Seaplane) අනතුරට ලක්ව තිබේ.
ඊයේ (23) පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් පසු ක්‍රියාත්මක වූ බහුජන ගලවාගැනීමේ මෙහෙයුමකින් යානයේ සිටි සියලු දෙනාම බේරා ගැනීමට සමත්වූ බව එක්සත් ජනපද වෙරළාරක්ෂක සේවය (US Coast Guard) තහවුරු කරයි.
අනතුර සිදු වූ ආකාරය

එක්සත් ජනපදයේ විශාලතම ජල ගුවන් සේවය වන 'කෙන්මෝ එයාර්' (Kenmore Air) සමාගමට අයත් 'ඩි හැවිලන්ඩ් ඩීඑච්සී-3 ඕටේ' (de Havilland DHC-3 Otter) වර්ගයේ මෙම ගුවන් යානය සියැටල් හි ලේක් යුනියන් වෙතින් ගුවන්ගත වී තිබිණි.
එරට වේලාවෙන් පස්වරු 5.15ට පමණ කැනේඩියානු දේශසීමාව ආසන්නයේ පිහිටි සුසියා දිවයිනේ ශැලෝ බේ (Shallow Bay) ප්‍රදේශයේදී යානය හදිසි ගොඩබෑමකට ලක්කර ඇත. දිය මතට ගොඩබස්වන ලද යානය ගිනිගෙන දැවෙන අයුරු දැක්වෙන ඡායාරූප ද වෙරළාරක්ෂක සේවය මඟින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
මුදාගැනීමේ මෙහෙයුම සහ විමර්ශන
ගුවන් යානය තුළ මගීන් 10 දෙනෙකු සහ ගුවන් නියමුවා සිටි බව කෙන්මෝ එයාර් සේවය තහවුරු කර ඇති අතර, අනතුරට ලක්වූ පිරිස අතරින් කිහිපදෙනෙකු හදිසි වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා ආසන්න රෝහල් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

1946 වසරේදී ආරම්භ කරන ලද කෙන්මෝ එයාර් ගුවන් සේවය, සිය කාලසටහන්ගත සහ කුලී ගමන් වාර ඔස්සේ වාර්ෂිකව 90,000කට අධික ගුවන් මගීන් සංඛ්‍යාවක් ප්‍රවාහනය කරනු ලබන ප්‍රමුඛතම ආයතනයකි. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඇමරිකානු ගුවන් සේවා බලධාරීන් විමර්ශන ආරම්භ කර ඇත.
විමර්ශන පසුබිම
එක්සත් ජනපද ජාතික ප්‍රවාහන සුරක්ෂිතතා මණ්ඩලය (NTSB) සහ ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) විසින් අනතුරට හේතුවූ යාන්ත්‍රික දෝෂය හෝ කාලගුණික බලපෑම සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ මෙහෙයවනු ලැබේ.
(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
7/24/2026
(
මුලාශ්‍රය
Seaplane crashes in Washington state, all 11 people on board accounted for







