leader s

NEET විභාග වංචාවට එරෙහි ඉල්ලීම් සියල්ලටම මෝදි රජය එකඟ වීමෙන් පසු අරගලය නිමාවෙයි

ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි; පාරිභෝගික කටයුතු ඇමති ප්‍රලාද් ජෝෂි නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත්වෙයි


ඉන්දියාවේ වෛද්‍ය ප්‍රවේශ (NEET) විභාගයේ ප්‍රශ්න පත්‍ර හෙළිදරව් වීමේ අක්‍රමිකතාව මුල් කරගනිමින් මසකට ආසන්න කාලයක් පුරා පැවති දැවැන්ත තරුණ විරෝධතා ව්‍යාපාරය අවසන් කිරීමට "කැරපොත්තා ජනතා පක්ෂය" (Cockroach Janta Party) තීරණය කර තිබේ.

විරෝධතාකරුවන් ඉදිරිපත් කළ ප්‍රධාන ඉල්ලීමක් වූ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ගේ ඉල්ලා අස්වීම ඇතුළු සියලු ඉල්ලීම්වලට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය එකඟතාව පළකිරීමත් සමඟ මෙම තීරණය ගෙන ඇත.

නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ප්‍රලාද් ජෝෂි

image 6f563b51b1
ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව, ඉන්දීය ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අදාළ ඉල්ලා අස්වීම පිළිගත් බව තහවුරු කළේය.

ඒ සමඟම, දැනට ආහාර සහ පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ප්‍රලාද් ජෝෂි වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාවේ නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරිය පියවර ගෙන තිබේ.

අපේක්ෂකයින් මිලියන 2.3කගේ ගැටලුව සහ අරගලයේ ව්‍යාප්තිය


අපේක්ෂකයින් මිලියන 2.3කට ආසන්න සංඛ්‍යාවකට බලපෑම් එල්ල කළ මෙම NEET විභාග ජාවාරමට එරෙහිව ජූනි 28 වනදා මානව හිමිකම් ක්‍රියාකාරී සෝනම් වන්චුක් උපවාසයක් ආරම්භ කළේය. ඊට සහාය පළ කරමින් ජූලි 18 වනදා අභිජීත් ඩීප්කේගේ නායකත්වයෙන් යුත් 'කැරපොත්තා ජනතා පක්ෂය' සක්‍රීයව අරගලයට අවතීර්ණ විය.

නවදිල්ලියේ කොනොට් ප්ලේස්, ජන්තර් මන්තර්, පාර්ලිමේන්තු සංකීර්ණය සහ අග්‍රාමාත්‍ය නිල නිවස අසල කේන්ද්‍ර කරගනිමින් පැවැති මෙම විරෝධතා පසුව රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ මාලාවක් දක්වා ව්‍යාප්ත විය.

ආණ්ඩුවේ මර්දනය සහ විපක්ෂයේ සහාය

delhi 46
පසුගිය ජූලි 21 වනදා නවදිල්ලි අගනුවර යුද පිටියක් බවට පත් කරමින් පොලිසිය එල්ල කළ ප්‍රහාරවලින් තරුණ තරුණියන් රැසක් තුවාල ලැබූ අතර, 70කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනිණි.

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ දේශපාලනඥයින් ද මෙම විරෝධතාවලට සෘජුව සහාය පළ කළ අතර, පාර්ලිමේන්තුව දෙසට ගමන් කළ පාගමන අතරතුර රාහුල් ගාන්ධි ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමත් සමඟ තත්ත්වය තවදුරටත් උග්‍ර විය.

ආණ්ඩුව කොතෙක් මර්දනකාරී පියවර ගත්තද විරෝධතා දිගින් දිගටම තීව්‍ර වීම හමුවේ, රජයේ පාර්ශ්වය සහ විරෝධතාකරුවන් අතර පැවැති තෙවන වටයේ සාකච්ඡාවලදී සියලු ඉල්ලීම්වලට එකඟ වීමට මෝදි රජයට සිදුවිය.


f5y4656yt56y6yhghjjjjjk
ඉන්දියාවේ ජාතික පරීක්ෂණ ඒජන්සිය (NTA) මඟින් පවත්වනු ලබන NEET (National Eligibility cum Entrance Test) යනු එරට වෛද්‍ය විද්‍යාල සඳහා සිසුන් තේරීමේ ප්‍රධානතම තරගකාරී විභාගයයි. මීට පෙර ද පැවති ප්‍රශ්න පත්‍ර පිටවීමේ චෝදනා හමුවේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පවා නීතිමය මැදිහත්වීම් සිදුකර තිබිණි. තරුණ සංවිධාන විසින් දියත් කළ මෙම අරගලයේ ජයග්‍රහණයත් සමඟ ඉදිරියේදී මධ්‍යම විභාග පද්ධතියේ විනිවිදභාවය සහ නියාමනය සම්බන්ධයෙන් නව ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දීමට ඉන්දීය මධ්‍යම රජයට සිදුවනු ඇත.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්