leader s

ලෝක වෙළඳපොළේ තෙල් මිල 5%කින් ඉහළට: හෝමූස් සමුද්‍රසන්ධියේ 100%ක බලය තමන් සතු බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

ඉරාන උත්තරීතර නායකයාගෙන් හමුදා ප්‍රධානීන් වෙනස් කිරීමක්: ගැසාවල ඇමෙරිකානු සාම යෝජනාව නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි



හෝමූස් අර්බුදය සහ ගෝලීය බලශක්ති වෙළඳපොළ

මැදපෙරදිග කලාපීය නොසන්සුන්තාවන් සහ හෝමූස් සමුද්‍රසන්ධිය වසා තැබීමේ අර්බුදය හමුවේ ගෝලීය බලශක්ති වෙළඳපොළ දැඩි කැළඹීමකට ලක්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. අගෝස්තු 10 සහ 11 යන දිනවල වාර්තා වූ තොරතුරුවලට අනුව, හෝමූස් සමුද්‍රසන්ධියේ නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ ඉරානය අතර පැවැති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වීමත් සමඟ බ්‍රෙන්ට් (Brent) තෙල් බැරලයක මිල 5%කින් ඉහළ ගොස් ඩොලර් 87.72ක් දක්වා වාර්තා විය.
 
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඕවල් කාර්යාලයේදී ප්‍රකාශ කළේ එක්සත් ජනපද නාවික හමුදාව විසින් හෝමූස් සමුද්‍රසන්ධිය සම්පූර්ණයෙන්ම බෝම්බ/මගින් සුද්ධ පවිත්‍ර කර ඇති අතර, එහි 100%ක පාලනය ඇමෙරිකාව සතු බවයි. කෙසේවෙතත්, තමන්ට සිදුවූ හානි සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 300ක වන්දියක් සහ සම්බාධක ඉවත් කිරීමකින් තොරව සමුද්‍රසන්ධිය විවෘත නොකරන බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අවධාරණය කර සිටියි.
 
හෝමූස් අර්බුදයේ සහ මැදපෙරදිග වත්මන් තත්ත්වය  
 
 
| තෙල් මිල ඉහළ යාම: බ්‍රෙන්ට් තෙල් 5.0%කින් ($87.72) සහ WTI තෙල් 5.1%කින් ($82.13) ඉහළට  

| ඇමෙරිකානු ස්ථාවරය: හෝමූස් සමුද්‍රසන්ධියේ 100% නාවික බලය තහවුරු කිරීම සහ ඉරානයෙන් යුධ වන්දි ඉල්ලා සිටීම    

| ඉරාන තීරණය: 2029 ට්‍රම්ප්ගේ ධුර කාලය අවසන් වන තෙක් සෘජු සාකච්ඡා නොමැති බව සහ මූලික ඉල්ලීම් ඉටුකරන ලෙස අවධාරණය කිරීම

| හමුදා නායකත්ව වෙනස: ජෙනරාල් අලි අබ්දුල්ලාහි හමුදා ප්‍රධානී ලෙසත්, අහ්මඩ් වාහිදී IRGC ප්‍රධානී ලෙසත් පත්කිරීම        

| ගාසා නාටකය: ට්‍රම්ප්ගේ කරුණු 15කින් යුත් සාම යෝජනාව ඉශ්‍රායල අගමැති නෙතන්යාහු විසින් ප්‍රතික්ෂේප කිරීම              


ඉරානයේ හමුදා නායකත්ව වෙනස සහ ට්‍රම්ප්ගේ වන්දි ඉල්ලීම
 
අර්බුදය හමුවේ ඉරාන උත්තරීතර නායක මොජ්තාබා ඛමේනි විසින් රටේ හමුදා නායකත්වයේ දැවැන්ත වෙනස්කම් කිහිපයක් සිදු කර ඇත. ඒ අනුව, සන්නද්ධ හමුදාවල ප්‍රධානී (Chief of Staff) ලෙස මේජර් ජෙනරාල් අලි අබ්දුල්ලාහි සහ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) සේනාධිනායක ලෙස බ්‍රිගේඩියර් ජෙනරාල් අහ්මඩ් වාහිදී පත් කර තිබේ. මේ අතර, ඉරාන පාර්ලිමේන්තු කථානායකවරයාගේ උපදේශක මජීඩ් ෂේකරි සඳහන් කළේ 2029 ජනවාරි මාසයේදී ට්‍රම්ප්ගේ ධුර කාලය අවසන් වන තෙක් ඇමෙරිකාව සමඟ කිසිදු සෘජු එකඟතාවකට නොපැමිණෙන බවයි.
අනෙක් පසින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ, පසුගිය දශක කිහිපය පුරා ඉරානය අනුග්‍රහය දැක්වූ හමුදා ක්‍රියාකාරකම්, බෝම්බ ප්‍රහාර සහ මැදපෙරදිග කලාපයේ ජීවිත හානි වෙනුවෙන් ඉරානය විසින් වන්දි ගෙවිය යුතු බවයි. අනාගතයේ සිදුවන ඕනෑම සාකච්ඡාවකට මෙම වන්දි ඉල්ලීම ඇතුළත් කරන ලෙස තමන් ඇමෙරිකානු නියෝජිතයන්ට උපදෙස් දී ඇති බව හෙතෙම සඳහන් කළේය.

ගාසා සාම සැලැස්ම සහ කලාපීය වෙනත් ප්‍රහාර
 

මේ අතර, ගාසා තීරයේ ගැටුම් නිමකිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 15කින් යුත් සාම යෝජනාවලිය ඉශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇත. හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම අතහැර දමන තෙක් ඉශ්‍රායල හමුදාවන් ගාසාවෙන් ඉවත් නොවන බව නෙතන්යාහු අවධාරණය කළේය.

කලාපයේ අනෙකුත් ප්‍රදේශවල ද නොසන්සුන්තා වර්ධනය වී ඇති අතර, යේමනයේ හුදී කැරලිකරුවන් විසින් සෞදි අරාබියේ ජාසාන් (Jazan) තෙල් පිරිපහදුවට සහ රතු මුහුදේ අල්-මොකා (Mokha) වරායට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇත. මෙම තත්ත්වය හමුවේ ඇමෙරිකාව තමන්ගේ බලශක්ති සහ ප්‍රවාහන අංශ සුරක්ෂිත කිරීම සඳහා ජෝන්ස් පනතට (Jones Act) අදාළ නාවික ලිහිල් කිරීම් තවත් දින 90කින් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

මුලාශ්‍රය :
 
 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්