leader s

ලොව කාන්තාවන්ට ද්විතීයික හා උසස් අධ්‍යාපනය නීතියෙන්ම තහනම් කළ එකම රට බවට ඇෆ්ගනිස්ථානය පත්වෙයි


2030 වන විට ගුරු හිඟය දැඩිවෙයි: ඇෆ්ගන් ආර්ථිකයට ඩොලර් බිලියන 9.6ක දැවැන්ත අලාභයක් සිදුවීමේ අවදානමක්


තාලිබාන් පාලනයේ පස්වසර සහ යූනෙස්කෝ අනාවරණය

ඇෆ්ගනිස්ථානයේ තාලිබාන් සංවිධානය නැවත බලයට පැමිණ වසර පහක් සපිරීමට ආසන්නව පවතින පසුබිමක, 2021 වසරේ සිට මේ දක්වා එරට ද්විතීයික අධ්‍යාපනය ලබන ඇෆ්ගන් දැරියන් මිලියන 2.4කට ආසන්න සංඛ්‍යාවකට අධ්‍යාපන අයිතිය අහිමි කර ඇති බව එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (UNESCO) නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

ලොව පුරා යම් යම් රාජ්‍යයන් අන්තර්ජාතික සබඳතා තාලිබාන් පාලනය සමග පුළුල් කරගැනීමට උත්සාහ කරමින් සිටියද, ගෝලීය වශයෙන් කාන්තාවන්ට සහ දැරියන්ට ද්විතීයික හා උසස් අධ්‍යාපනය ලබාගැනීම නිල වශයෙන් තහනම් කර ඇති ලොව එකම රට ඇෆ්ගනිස්ථානය බව යූනෙස්කෝ සංවිධානය පෙන්වා දෙයි.

ඇෆ්ගනිස්ථාන අධ්‍යාපන අර්බුදයේ යූනෙස්කෝ සංඛ්‍යා ලේඛන සංග්‍රහය

 
thaliban 2
| අධ්‍යාපනය අහිමිවූ දැරියන් සංඛ්‍යාව: 2.4 million (ලක්ෂ 24ක් - 2021 සිට මේ දක්වා)            

| අනාගත ආර්ථික හානිය: 2066 වන විට කාන්තාවන් ලක්ෂ 6කට රැකියා අහිමි වීම සහ ඩොලර් බිලියන 9.6ක ආදායම් අලාභයක්    

| කාන්තා ගුරු හිඟය: 2030 වන විට සුදුසුකම් ලත් කාන්තා ගුරුවරියන් 11,000කගේ හිඟයක් ඇතිවීමේ තර්ජනය        

| සාක්ෂරතා මට්ටම: වයස අවුරුදු 10ක ළමයින්ගෙන් 90%කට සරල පෙළක් කියවීමට නොහැකි වීම සහ ජාතික සාක්ෂරතාව 37%කට සීමා වීම

| යටිතල පහසුකම් හිඟය: පාසල්වලින් අඩකට ආසන්න සංඛ්‍යාවක ජලය, සනීපාරක්ෂක හෝ රත්කිරීමේ පහසුකම් නොමැති වීම    


පොරොන්දු කඩකිරීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ බිඳවැටීම

2021 වසරේ ඇමෙරිකානු සහ මිත්‍ර හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමත් සමඟ බලයට පැමිණි තාලිබාන් සංවිධානය, කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමට සහ රැකියාවල නිරත වීමට නිදහස පවතින බවට ජාත්‍යන්තර ප්‍රජාව වෙත නැවත නැවතත් සහතික විය.

කෙසේවෙතත්, එම පොරොන්දු නොතකා 2022 මාර්තු මාසයේදී දැරියන් සඳහා වූ ද්විතීයික පාසල් වසා දැමීමටත්, 2022 දෙසැම්බර් මාසයේදී කාන්තාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම තහනම් කිරීමටත් පියවර ගැනිණි. මෙම තහනම් කිරීම් තාවකාලික පියවරයන් ලෙස තාලිබාන් පාලනය හඳුන්වා දුන් නමුදු, වසර පහකට ආසන්න කාලයක් ගතවී තිබියදීත් එම තහනම් කිරීම් එලෙසම ක්‍රියාත්මක වේ.

තාලිබාන් පාලනය තර්ක කරන්නේ තමන් ඉස්ලාමීය නීතියට සහ ඇෆ්ගන් සංස්කෘතියට අනුකූලව කාන්තා අයිතිවාසිකම්වලට ගරු කරන බවයි.

දීර්ඝකාලීන ආර්ථික හා සාමාජීය බලපෑම්

41 2026 639220797185419525 541
යූනෙස්කෝ වාර්තාවලට අනුව, මෙම අධ්‍යාපනික තහනම හේතුවෙන් 2066 වන විට ඇෆ්ගන් කාන්තාවන් 600,000කට ආසන්න සංඛ්‍යාවකට ශ්‍රම බලකායෙන් ඉවත් වීමට සිදුවනු ඇත. එමගින් සිදුවන සමුච්චිත ආදායම් අලාභය ඇමෙරිකානු ඩොලර් බිලියන 9.6ක් තරම් ඉහළ අගයක් ගනු ඇති අතර, බාලවයස්කාර විවාහයන් ඉහළ යාමේ දැඩි අවදානමක් ද මතුව තිබේ.

එමෙන්ම, කාන්තාවන්ට පිරිමි ළමයින්ට උගන්වීම තහනම් කිරීම සහ ගුරුවරියන් රට හැර යාම හේතුවෙන් 2030 වන විට රට තුළ සුදුසුකම් ලත් කාන්තා ගුරුවරියන් 11,000කගේ පූර්ණ හිඟයක් ඇතිවනු ඇත. මේ වන විටත් වයස අවුරුදු 10ක ළමයින්ගෙන් 90%කට සරල පෙළක් කියවීමට පවා නොහැකි තත්ත්වයක් පවතින අතර ජාතික සාක්ෂරතා අනුපාතය සියයට 37ක් දක්වා පහත වැටී ඇත.

මීට අමතරව 2025 වසරේදී පමණක් මිලියන 3ක පිරිසක් නැවත ඇෆ්ගනිස්ථානයට පැමිණීම සහ ස්වාභාවික ව්‍යසන හේතුවෙන් පාසල් 1,000ක් පමණ වැසී යාම නිසා ඇෆ්ගනිස්ථානයේ සමස්ත අධ්‍යාපන පද්ධතියම දැවැන්ත කඩාවැටීමකට ලක්ව ඇති බව යූනෙස්කෝ පෙන්වා දෙයි.

මුලාශ්‍රය :

Taliban have barred 2.4 million Afghan girls from school since 2021, UNESCO says

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්