leader s

ඇමරිකානු තීව්‍ර සම්බාධක මධ්‍යයේ වත්කම් පාලනය සඳහා නව යාන්ත්‍රණයක් පිළිබඳ අවධානය


ආරක්ෂක අර්බුද හේතුවෙන් තාවකාලික නැව් මාර්ගයක් සැකසීමට දෙරටේ එකඟතාව


මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති යුධමය තත්ත්වය සහ ඇමරිකාව සමඟ පවතින රාජ්‍ය තාන්ත්‍රික ඇහිරීම් මධ්‍යයේ, ලෝක තෙල් ප්‍රවාහනයට අතිශයින් තීරණාත්මක වන හොර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා තාවකාලික නැව් ගමනාගමන කොරිඩෝවක් සකස් කිරීම සම්බන්ධයෙන් ඉරානය සහ ඕමානය අතර සාකච්ඡා ආරම්භ වී තිබේ.

පසුගිය පෙබරවාරි මාසයේ ආරම්භ වූ ගැටුම්කාරී තත්ත්වය හමුවේ ගෝලීය තෙල් සහ ද්‍රවීකරණය කරන ලද ස්වාභාවික ගෑස් (LNG) ප්‍රවාහනයෙන් පස්වන එකක් සිදුවන මෙම උපායමාර්ගික ජල මාර්ගයේ නැව් ගමනාගමනය බොහෝ දුරට ඇණහිට තිබුණි. මෙම තත්ත්වය ලෝක බලශක්ති වෙළඳපොළට සහ ගෝලීය ආර්ථිකයට දැඩි ලෙස බලපා ඇති පසුබිමක, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාක්ෂි සහ ඕමාන විදේශ අමාත්‍ය සයියිඩ් බද්ර් අල්-බුසායිඩි අතර ටෙහෙරාන් නගරයේදී පැවති සාකච්ඡාවලදී මෙම තීරණයට එළඹී ඇත.

abbas 1

 

තාවකාලික නැව් මාර්ගයක් සහ ආරක්ෂක පියවර

දෙරටේ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ, උපද්‍රවකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂිත ජල මාර්ගයක් සැකසීම සහ එම ප්‍රදේශය බිම්බෝම්බවලින් (Mines) මුදාගැනීම පිළිබඳව ඔවුන් එකඟතාවකට පැමිණ ඇති බවයි. කෙසේ වෙතත්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටම්ප් ප්‍රකාශ කර ඇත්තේ සමුද්‍ර සන්ධියේ සියලුම බිම්බෝම්බ මේ වන විටත් ඉවත් කර ඇති බවයි.

ප්‍රායෝගිකව ක්‍රියාකාරී සටන්කාමී තත්ත්වයන් තරමක් දුරට පහව ගොස් ඇතත්, ස්ථිර සාම ගිවිසුමකට එළඹීමට දෙපාර්ශ්වයම අපොහොසත් වීම හේතුවෙන් මෙම ජල මාර්ගය හරහා ගමන් කිරීම තවදුරටත් අවදානම් සහගතව පවතී. මෑතකදී ඕමාන වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශයකදී තෙල් නෞකාවකට නාඳුනන ප්‍රහාරක ප්‍රක්ෂේපකයකින් (unidentified projectile) පහරදී එය අඩපණ කිරීම මගින් මෙම තත්ත්වය මනාව පැහැදිලි වේ.

සම්බාධක සහ ගෝලීය වෙළඳපොළ ප්‍රතිචාරය

ඉරාන ආර්ථිකය අඩපණ කිරීමේ අරමුණින් ඇමරිකාව විසින් මෑතකදී නව සම්බාධක මාලාවක් හඳුන්වා දී ඇතත්, වෙළඳපොළේ තෙල් මිල අඛණ්ඩව පහළ යමින් පවතී. ඉරානය සමඟ ව්‍යාපාර පවත්වන රටවලට ද දඬුවම් කරන බවට වොෂින්ටනය අනතුරු අඟවා තිබුණද, මෙම පියවර වළක්වා ගැනීමට ජාත්‍යන්තර වෙළඳපොළ සමත්ව ඇත්තේ පුළුල් යු ගැටුමක අවදානම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවට සංඥා ලැබී ඇති බැවිනි.

එක්සත් ජනපදය මැදපෙරදිග කලාපයේ තම රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල වෙත නිලධාරීන් නැවත යැවීම ආරම්භ කිරීම මගින් පෙන්නුම් කරන්නේ, තත්ත්වය තවදුරටත් උග්‍ර වීමේ අවදානම පහව යමින් පවතින බවයි. කෙසේ වෙතත්, ඉරානය ඇමරිකානු සම්බාධක දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් එය "නීති විරෝධී ක්‍රියාවක්" ලෙස හංවඩු ගසා ඇති අතර, අනෙකුත් රටවල් ද මෙම පීඩන උපායමාර්ගයට එකඟ නොවන බවට විශ්වාසය පළ කර ඇත.


වැඩිදුර කියවීම සඳහා මුලාශ්‍රය:

Reuters - Iran and Oman discuss temporary Hormuz corridor as impasse with US drags on

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්