අරගලය දිගහැරුණු අවසන් කාල වකවානුව වෙනකොට ලංකාව අරාජක වෙමින් තමයි පැවතුණේ. කිසිම පාලනයක්, පාලන අරමුණක්, පාලනය කිරීම සඳහා පිරිසක් ඒ වෙනකොට බැලූ බැල්මට හිටියේ නැහැ. 



ඒ රික්තකය ඔස්සේ බලය ලබා ගන්නවා කියන එක ගැන වමේ ප්‍රගතිශීලි අයට තිබ්බේ විචිකිච්චාවක් (sceptical). ගන්නද නොගන්නද කියල සදාචාර ප්‍රශ්නයක්. 

සදාචාරය වෙනත් දේවල් සඳහා අදාළ උනාට බලය සම්බන්දයෙන් අදාල වෙන්නේ නැහැ. අවම වශයෙන් ලෙනින් කියෙව්වොත් ඒක තේරෙයි. ලෙනින් බලය සම්බන්දයෙන් කුකුසක් ඇතිකර ගත්තේ නැහැ. 

වෙනත් පංතියක් අතේ තිබ්බ බලය තමන්ගේ පංතියට ගන්න ඕනි සූදානම, සංවිධානය, කතාබහ, එකමුතු බව අපේ වමේ සහ අනෙකුත් කොටස් තුළ තිබ්බේ නැහැ. එක්සිට් පොයින්ට් එකක් (exit point) හොයමින් හිටිය ගෝඨාගෙන් පස්සේ මොකක්ද කළ යුත්තේ කියල අරගලයේ හිටපු කවුරුත් හිතුවේ නැහැ. එයාල කලේ නැති දෙවි කෙනෙක්ට ඇහෙන්න පුළුවන් තරම් හයියෙන් කෑගහපු එක....

 

බලය සහ සදාචාරය එකට ගමන් කරන්නේ නැහැ. බලය කියන්නේ බලය. ඒක ගැන දෙගිඩියාවක් රනිල්ට තිබ්බේ නැහැ. එයා බලය ගත්තට වඩා ගිජු ලිහිණියෙක් වගේ බලය ඩැහැගත්ත කිව්වොත් වඩාත් නිවැරදියි. එයා දැනගෙන හිටිය බලය ගත්තට පස්සේ රනිල් මේ දැන් ඉන්න රනිල් නෙවෙයි කියල.  බලය කියන්නේ ගුප්ත දෙයක්. බලයට එන්න කලින් රනිල් කියන්නේ එක්කෙනෙක්. බලය ලැබුණට පස්සේ රනිල් කියන්නේ තවත් කෙනෙක්. බලයට කලින් හිටපු අර ලිබරල් රනිල් අතුරුදහන් වෙලා දැන් ඇවිල්ල ඉන්නේ අධිකාරී පාලකයෙක් (authoritarian ruler).

 

ඉස්සර රනිල්ට හිනාවුන අය දැන් අඩුයි. දැන් ඉන්නේ රනිල් කිව්වම සීරියස් වෙන පිරිසක්. බලය කොච්චර ගුප්තද කියල තේරෙන හොඳම උදාහරණය තමයි රනිල් පළාත් පාලන චන්දෙ නැහැ කිව්වම දැන් ඒක අතුරුදහන් වෙච්ච ස්වරූපය. දැන් ඒ ගැන හාවක් හූවක් නැහැ. ඒ තමයි බලය. 

ඒ තමයි රනිල් ගේම් එක ගහන විදිය. බලයත් එක්ක එන වසඟය (seduction) ඇතුලේ එයා තමන්ගේ අවකාශය සකස්කර ගනිමින් ඉන්නවා. ඒ එක්ක දේශපාලන සාධක වෙනස් වෙමින් තිබෙනවා. දැන් එයත් එක්ක සෙල්ෆි ගහන්න කට්ටිය පෝලිම් වෙනවා. 

ඔයාලත් ඕනිනම් සෙල්ෆි එකක් ගන්න

තවදුරටත් කාරණේ පැහැදිලිකර ගන්න පහත වීඩියෝව නරඹන්න




JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්