මම හිතන්නේ අපි අරගලයෙන් පස්සේ සමාජය නැවත වරනගන්න ඕනි. අරගලයේ යහපත් සිහින සැබෑකරලා දෙන්න උත්සාහ කරන්න ඕනි.

ඒ සඳහා වන ප්‍රවේශයක් තමයි අපේ ''අනෙකා'' හැටියට බයියන් යනුවෙන් ජන කොටසක් හඳුන්වා නොගන්න එක.

බයියෝ කියල ටෝයියන් විසින් හංවඩු ගහන මිනිස්සු සතුවත් දියුණු සමාජයක් ගැන සිහිනයක් තිබ්බ ඔවුන් තුල අගතීන් තියන්න ඇති. හැබැයි අපි හැම කෙනෙක් තුලම අගතීන් තියනවා. අවම වශයෙන් දියණුයි කියන එංගලන්තේ පවා රජෙක් තවම ඉන්නවා.

රජෙක් ගැන උත්කර්ෂයක් එංගලන්ත වැසියන් තුල තිබ්බ කියල අපිට බැහැ ඔවුන් හෙලා දකින්න. පාච්චල් කරන්න. අපි ඒ මිනිස් කොටසත් එකතු කරගෙන ඕනි අළුත් ලෝකය වෙත යන්න. සමහර විට අපි දෙන අලුත් සම්බන්දය ඇතුලේ ඔවුන් වෙනස් වෙයි.

චාල්ස්ගේ රාජාභිෂේකය ඇතුලේ හැම ජාතියක්ම, ජන වර්ගයක්ම, එයාලගේ හැම අනන්‍යතාවක්ම පිළිගත්තා. එයාලට වේදිකාවේ විකසිත වෙන්න දුන්න.

රූම් ගියා කියල ටිහාරව කොන්කරන්න එපා. නරක කෙල්ලක් කියල බහිස්කරණය කරන්න එපා. ලීක් කරනවා කියල බ්ලැක්මේල් කරන්න එපා. එතකොට එයාට ඉතුරු වෙන්නේ මේ සමාජයෙන් පළායන එක විතරයි. නැත්නම් මැරෙන එක විතරයි.

එයාව ආපහු අපේ ලෝකෙට ඇතුළත් කරගන්න බලන්න. බයියෝ කියල එලවන්න එපා. ඇතුළත් කරගන්න අළුත් ලෝකෙට....

හැම අනන්‍යතාවක් ම ඇතුලත් කරගමු!  

හැම අනන්‍යතාවක්ම ඉවසමු!

හැමෝම ඇතුළත් කරගත් ඇතුළත් ප්‍රජාතන්ත්‍රවාදයක් (Inclusive Democracy) වෙනුවෙන් කැපවෙමු!






JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්