ගෝල්ෆේස් භූමිය පාදක කරගනිමින් මාස තුන හතරක් තිස්සේ යම් තරමක් දිගට ඇදුනු අරගලයක් ලංකාවේ සිදුවුණේ නැහැ හෝ ඒ අරගලය නිසා ලංකාවේ දේශපාලන සංස්කෘතියේ කිසිදු ගුණාත්මක වෙනසක් සිදුවෙලා

නැහැ කියල මට ලියන්න හිතුනේ අද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ කතා කරපු විදිය දැක්කම.


ඒක යම් පිරිසකට ආතල් එකක් වෙන්න පුළුවන්. ඒක යම් පිරිසකට කරපු දේශපාලන ප්‍රහාරයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම ඊටත් නරක කතා පාර්ලිමේන්තුවේ වෙලා තියනවා වෙන්නත් පුළුවන්.

හැබැයි මමත් ඇතුළුව තවත් ගොඩක් අය කිව්ව දෙයක් තමයි ගෝල්ෆේස් අරගලය නිසා ලංකාවේ දේශපාලනයේ යම් යම් ගුණාත්මක වෙනස්කම් ප්‍රමාණයක් සිද්ද වෙමින් යන නිසා අනාගත දේශපාලනය පැවති දේශපාලනයෙන් සම්පුර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන් කියන එක. නමුත් දැන් පාර්ලිමේන්තුවේ කතාවල සහ මන්ත්‍රී හැසිරීමේ තත්වය දිහා සමස්තයක් ලෙස බලද්දී තේරෙනවා ඒ අරගලය විසින් කිසිවක් වෙනස්කර නැති බව සහ පුද්ගලයින් තුල කිසිදු බරපතළ වෙනසක් සිදුවී නැති බව.

 ලංකාවේ මිනිස්සු ගතකරපු අන්ත දුක්ඛිත තත්වය, ආර්ථිකයක් ලෙස බංකොලොත් බව, මහජනයා පැත්තෙන් මතුවුණ විරෝධය, මහජන කේන්තිය එක්ක ඇතිවෙච්ච ඉතාම කණගාටුදායක සිද්දි, අදටත් තියන ආර්ථික පීඩනය, දේශපාලන කරපු අයට පාරේ බැහැල යන්න බැරිවෙච්ච තත්වය එක්ක නැවත දේශපාලන කරනවා නම් තිබිය යුතු විනය, වගවීම, කතාකරන හැම වචනයකම තියෙන්න ඕනි කල්පනාකාරී බව යන කිසිදෙයක් මේ වනවිට පාර්ලිමේන්තුවේ ඉන්න අය සලකා බලන්නේ නැතිවීම අතිශයින්ම ''සහාසික'' තත්වයක්.

347854210 790448562579609 6309195982187347932 n


ඒ නිසා ගෝල්ෆේස් අරගලයේ අතුරු ප්‍රථිපල ලෙස පවත්නා දේශපාලනය සහ දේශපාලඥයින් පසුගිය සිද්දි වලින් පාඩම් ඉගෙනගෙන නැති බව, එසේ ඉගෙනීමට සුදානම් නැති බව හෝ සියල්ල නරුම විදියට අමතක කරන්න පුළුවන් බව දිහා දැක්කම තමයි ලියන්න හිතුණේ ''ගෝල්ෆේස් යනුවෙන් යමක් සිදුවී නැති බව'' (The Galle Face Didn't Take Place).

 එකම එක දෙයක් ලියන්න ඕනි. ඒ තමයි ගෝල්ෆේස් කියන්නේ ලංකාවේ ආපතික (නොසිතූ - පරිකල්පනය නොකළ) දේශපාලන සිදුවීමක් කියන එක. එය ආපසු හැරවීම සිදුවෙන්නෙත් යම් නොසිතූ ආකාරයකට. මේ හැරවීම නැවතත් වෙනත් දෙයක් බවට හැරවීමත් යම් මොහොතක සිදුවනු ඇත්තෙත් යම් නොසිතූ විදියකට. ඔව්..අපි හිතමු මේ ඉන්නේ නිදාගෙන ඉන්න නිර්වින්දනය කරපු මිනිස්සු ටිකක් කියල. වඩාත් භයානක ඔවුන් යම් විදියකින් නින්දෙන් ඇහැරෙන්න පුළුවන් කියන එක.

 

මම හිතන්නේ මිනිස්සු ඉන්නේ 'ඔව්... නටපල්ලා. අපිට වෙලාව ආවම අපි අපේ වැඩේ කරන්නම්' කියන පදනමින්. ඒ කියන්නේ නිදි කියල හිතුවට ඇත්තටම නිදි නැහැ. ඒක තමයි ඉතාම භයානක. සහ දේශපාලනික.

මිනිස්සු හැමදාම විදී බහින එක නෙවෙයි ඇත්තටම භයානක. කිසිවක් නොකර නිදාගෙන වගේ ඉඳල නොසිතු මොහොතක අවදිවෙන එක.

ලෝක ඉතිහාසයේ එහෙම වෙලා තියන නිසයි ලිව්වේ.
මේක කොහෙහරි ලියල තියාගනිල්ලා...


(මාතෘකාව ජීන් බ්‍රෝදිලාගේ The Gulf War Did Not Take Place කියන පොතේ මාතෘකාව බලල හදාගත්තේ).
Image@unknown>

 

Mahesh Hapugoda 

(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

JW

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්