ලංකාවේ දේශපාලන ඛන්ඩාංක පිළිබඳව ඇති වෙනස් වීම් තියුණු ලෙස නිරීක්ෂණය කරන්නෙකුට ඉන් ජනිත කරවන “බිය” පිළිබඳව ඇති සාධකය ස්පර්ශ විය යුතුය.

දීර්ඝ කාලයක් තිස්සේ අධිරාජ්‍යයකට යටත් වී සිටීම නිසාත්, ඉන් මිදීමේදී විශාල අරගලයක් කිරීමට සිදුනොවූ නිසාත් අභ්‍යන්තරිකව ලංකාව ඛන්ඩනයන් ලකුනු කොට නැත. 

සම්ප්‍රදායික රජවරුන්ගේ පාලනය පිළිබඳව වන වැඩවසම් ආකෘතියෙන් ලංකාව ගැලවුනේ බ්‍රිතාන්‍යයට යටත් වීමට සමගාමීව වනවිට රාජ්‍යත්වයෙන් ඉවත්වීම ප්‍රංශයේ මෙන් විප්ලවයක් හරහා සිදුවූ ක්‍රියාවලියක්ද නොවේ. එය ඉටු කලේද බ්‍රිතාන්‍යයන් විසිනි.

අනිත් පසින් ලංකාව විශාල මහද්වීපයකට සම්බන්ධ නොවූ දූපතක් බැවින් සියලුම වෙනස් වීම් එන්නේ බාහිරිනි. මෙහි වැදගත් කාරණය වන්නේ අභ්‍යන්තර වෙනස් කම්‍ වශයෙන් වටහාගන්නා සංකල්පද අපිට එන්නේ බාහිර ලෝකයෙන් වීමයි.

 108146216 gettyimages 459744184 594x594

උදාහරණයකට ජනතා පරමාධිපත්‍ය යන සංකල්පය අපිට එන්නේ බ්‍රිතාන්‍ය හරහා ලැබෙන රාජ්‍ය නැමති ආයතනික රාමුවේ පාර්ලිමේන්තු නියෝජිතයන් තෝරා පත්කිරීම හරහා ය. එයින් අදහස් වෙන්නේ මේ කිසිදු සංකල්පීය ගොඩනැගීමක් සදහා භෞතික පරිසරයක් අපි දිනාගෙන නොමැති බවයි.

මූලික මිනිස් අයිතිවාසිකම් පවා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් වන්නේ ජනතාවගේ නිදහස පිළිබඳව වන අරගලයකින් නොවේ. ඒවා ලාංකිකයන්ගේ ජීවිත සමග සෘජුව සම්බන්ධ නොවන්නේද එම නිසාය.

මෙම බාහිරින් අපි වෙත එන වෙනස් කිරීම පිළිබඳව වන රැඩිකල් නිමේශයන් අපි කැමති වුවද, නොකැමති වුවද ලංකාව වෙනස් කර ඇත. ගැටලුව වන්නේ මෙහි භෞතිකමානයන් එනම් භාණ්ඩ හා සේවා පිළිබඳව වන අදහස අපි දේවත්වයෙන් අදහද්දී එහිම ඇති සංකල්පීය ලෝකය අපි විසින් ප්‍රතික්ෂේප කිරීමයි

y561

උදාහරණයකට බෙන්ස් හෝ BMW මෝටර් රථයකට අපි වන්දනාමාන කරනමුත් එය පාරේ ධාවනය කිරීමේදී අනුගමනය කලයුතු මාර්ග නීති පිළිබඳව ඇත්තේ විරෝධාකල්පයකි. ඒ හරහාම ලාංකිකයාගේ දෙකට පැලුණු ආත්මය ක්‍රියා කරන අතර පවතින සමාජ ක්‍රමය සමග නරුම පරතරයක් නඩත්තු කරයි. උදාහරණයකට පොලීසිය වැනි ආයතනයක රාජකාරියක් කරගැනීමට පහසුකම ඇත්තේ බලවතුන්ට පමණක් වන බවට වන මැසවිල්ල නගන අතරම තමන්ගේ ගැටලුවකදී පොලීසියට බලපෑම් කිරීමට බලවතුන් සොයා යයි.

ලාංකිකයා විසින් මේ නඩත්තු කරන සිය ආත්මීය පරස්පරතාවය නිසාම ආතතියක්ද බිහිවේ.

Money Srilanka

උදාහරණයකට කහ ඉරෙන් පාර මාරුනොවන අපි යම් අවස්ථාවක කහ ඉරකින් පාර මාරු වන්නට සිදු වුවහොත් එය සිදු කරන්නේ අවිශ්වාසයෙනි. පුද්ගලික කටයුත්තකදී සෑම විටම හැදුනුම්කම්, අල්ලස්, බලපෑම් කිරීමට පසුබට නොවන අපි ඒ නිසාම එම ආයතනික පද්ධතිය කෙරෙහි බලන්නේද අවිශ්වාසයෙනි. කිසිදු ආකාරයකින් අදාල ආයතනික පද්ධතිය වඩා හොද සේවාවන් බවට පත් කරගැනීම වෙනුවට ඒවා තුල ගේම් ගැසීමට පුරුදු වීම ලාංකික අනන්‍යතාවක් වී තිබේ.

මේ ආතතිගත නරුම ජීවිතය වෙනස් කිරීමේ දේශපාලනික ක්‍රියාවකට දැඩිලෙස විරුද්ධ වීමෙන් පමණක් නොව එය ඊට වඩා දුරක්ද ගමන් කිරීම මේ යුගයේ ඉස්මත්තට පැමිණ තිබේ.

ලංකාව කිසිදු ආකාරයකින් ගෝලීයකරණ ආර්ථිකයක් තුල සිය පංගුව හිමිකරගත හැකි සම්පත් වලින් පොහොසත් රටක් නොවේ. ජාතික සම්පත් යැයි කියමින් උඩ දාන සේවා යනු ව්‍යාපාරික අවස්ථා මිස අන් යමක් නොවේ.

13 5

උදාහරණයකට වරාය, යන ස්ථානය ව්‍යාපාරික අවස්ථාවක් මිස ජාතික සම්පතක් නොවේ. එය රැකීම යනු ලෝකය වෙත විවෘත විය හැකි අවස්ථාවක් මගහැර යාමක් මිස ජාතික සම්පතක් රැක ගැනීමක් නොවේ. ඊශ්‍රායලය සිය වරායක් බදු දීමට ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය තෝරාගත්තේ මේ යථාර්ථය පිළිබඳව වැටහීමෙනි. ඊශ්‍රායල් ජාතිකයෝ සිය භූමිය වෙනුවෙන් ඇති තරම් ලේ හලා තිබේ. නමුත් ප්‍රාග්ධනය සහ ශ්‍රමය ජාතික රාජ්‍ය සීමාවන් ඉක්මවා ඇති බවට වන වැටහීම ඔවුන්ට තිබේ.

ඉහත තත්ත්වයේ පරාරෝපිතයක් ලෙස අපිව ගිලගැනීමට සිටින බාහිර සතුරෙකුගේ රෑපිකය හොද ඔසුවකි. එහි කසකරුවන් පෙරහැරේ ඉදිරියෙන් එනු පෙනේ. උද්ගත වූ ආර්ථික අර්බුදය හමුවේ බිදීගිය ලාංකිකයාගේ ජාතිය පිළිබඳව වන ෆැන්ටසි කතන්දරයට මෙය හොදින් ගැලපේ.

ඉන්දියාව හෝ බටහිර පමනක් නොව චීනයටද සිය උපාය මාර්ගික මූලෝපායන් ඇති බවට සැකයක් නැත. නමුත් ඒවා රාජ්‍යයන් අත්පත් කරගැනීම දක්වා දුරක් ගමන් කිරීමේ හැකියාවක් නැත.

image 771ff25256
එසේ යම් අවස්ථාවක එවැනි සීමාවක් උල්ලංඝනය වුවහොත් අපි වැනි කුඩා දූපත් රාජ්‍යයකට කරන්නට දෙයක්ද නැත. 1987 දී ඉන්දියාව අපේ ගුවන් සීමාව උල්ලංඝනය කිරීමේදී අපිට විකල්පයක් ඉතිරි වූයේ නැත. ආර්ථිකය පිළිබඳව වන අදහස ජාතික රාජ්‍යයෙන් ඔබ්බට ගමන් කර ඇති මෙවැනි යුගයක එය ගැටගැහෙන්නේ ආර්ථික කාරණා මතය. භූමිය අත්පත් කරගැනීමෙන් තොරව ලෝකය පාලනය කිරීමට හැකි බව අපි ඉගෙන ගත යුතු වටිනාම පාඩම ද විය හැක.

අපිව ගිලගැනීමට සිටින මේ බාහිර සතුරාගේ රූපිකය අපිට ලබාදෙන්නේ සහනයකි. අපේම මේ නරුම ජීවිතයේ ඇති ආතතිය බාහිරට ප්‍රක්ෂේපනය කිරීමේ මනරම් අවස්ථාව මේ නිසාම අපිට හිමිවේ.

කිසිදු වෙනස් වීමකින් තොරව මනුෂ්‍ය සම්බන්ධතා පවා අර්බුදයට ගොස් ඇති මේ යුගයේදී මේ එකතැන පල්වීමේ කරුමයට හේතුව ලෙස ඉන්දියාව, ඇමෙරිකාව හෝ චීනය පෙන්වීම බෙහෙත් පෙත්තකි. ඉන් කරන්නේ නොපවතින සම්පත් පිළිබඳව ඇති ලාංකිකයාගේ ෆැන්ටසිය ආරක්ෂා කිරීමයි. 

ලෝකය නොදකින දූපත් වැසියන් දූපත් බවට පත්වූ යුගයක එය දේශපාලන උපක්‍රමයක් ලෙස භාවිතා කරන්නන් සිටින්නේ 18 වෙනි ශතවර්ෂයේය. 

ප්‍රාග්ධනයට එරෙහිව ශ්‍රමය සංවිධානය කරන්නන් ඉගෙනගත යුතු පලමු පාඩමනම් ඒවා ජාතික රාජ්‍ය සීමාවන් කඩා දමා ඇති බවය. ලංකාවේ වෛද්‍යවරයෙකුට ඕස්ට්‍රේලිකාවේ රැකියා අවස්ථාව හිමිවන්නේ ශ්‍රමයේ සීමාව රාජ්‍යයෙන් එලියේ ඇති නිසාය. ඉන්දියානු වෛද්‍යවරයෙකුට ලංකාවේ රැකියාව කිරීමට ඉඩ අහුරන වෘත්තීය සමිති මාෆියාවන් නොපිලිගන්නේ මෙම යථාර්තයයි.

page 09 cartoon58
ජාත්‍යන්තරය සමග සම්බන්ධතා ඇතිකරගැනීම හෝ ව්‍යාපාරික අවස්ථාවන් කෙරෙහි වන ආයෝජනයන් වලට විවෘත වීම යනු බාහිර බිල්ලෙකු අපි වෙත කඩාපැනීමක් නොවේ.

එය ප්‍රාග්ධනය සදහා ඇති රාජ්‍යයේ සීමාවන් ඉවත් කිරීමකි. එවැන්නකින් තොරව ලංකාවට ලෝකය කෙරෙහි විවෘත වීමේ මගක් නැත. ලංකාව නැමැති කුඩා දූපත වෙනස් කිරීමටනම් ඊට ඉඩ දිය යුතුය. විජේවීරවාදීන් මේ විරුද්ධ වන්නේ මේ වෙනස් වීමේ නිමේශයටයි. එය සිය ආත්මීය ගැටලුවක් මිස බාහිර සතුරාගේ කතාන්දරයක් නොවේ.

සිය ආත්මීය නරුමකමින් ගැලවීමට එය බාහිරට ප්‍රක්ෂේපනය කිරීම මේ යුගයේ සහනයකි. මේ ආත්මීය ව්‍යුහය වෙනස් කිරීම මේ යුගයේ දේශපාලනය වන්නේද එම නිසාය.

 

(carbonnews.lk)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්