ප්‍රශ්නය :දූෂණ වංචා කරපු අය සිටින ඩලස්ගේ පිල සමඟ සන්ධාන බැහැ කියලා ඔබ කියනවා. එයට හේතුව කුමක්ද?



හරිනි :
Harini 1 2023එහෙම සන්ධාන පිළිබඳව කිසිදු සාකච්ජාවක් අපි අතර සිදු වෙලා නැහැ. කොහොම වුවත් පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා තුළ අපි කියන එක කරුණක් නම් අපිට ඒ අය සමඟ සන්ධාන ගත වීමට නොහැකි වීමට එක හේතුවක් තමයි; ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු පිරිසක් ඩලස්ගෙ සන්ධාන ඇතුළේ ඉන්නවා.

එසේම ඒ අයගේ දේශපාලන සංස්කෘතිය ජනතාව විසින් ප්‍රතිෂේප කරලා ඉවරයි. එහිදී අපිට ඒ අය සමඟ සන්ධාන ගත වෙන්න බාධාවක් තිබෙනවා. එය ජනතාව සමඟ බේරා ගතයුතුයි. එහෙම කිසිදු සන්ධානයක් ගැන සාකච්ඡාවක් අපේ අතර සිදු වෙලත් නැහැ. පවතින දේශපාලන තත්ත්වය තුළ දේශපාලන ව්‍යාපාර දෙකක් විදිහට අදහස් බෙදා ගැනීමක් සිදු වුණා. එපමණයි. මේ පවතින දේශපාලන වටපිටාව ගැනයි අපි සාකච්ඡා කළේ.



ප්‍රශ්නය :රටට හානිදායක දේවල්වලට සම්බන්ධ වූ අය නියෝජනය කරන බැවින් ඩලස්ගේ පිල සමඟ ජනතාවට ප්‍රශ්න තියෙනවා කියලා ඔබ කියනවා?

හරිනි :
මේ ආණ්ඩුව පත් කරන්නෙ මේ ආණ්ඩුවේ හිටපු පිරිසක්. එකක් දූෂණ වංචා පිළිබඳ තිබුණ ගැටලු. එසේම 19 වැනි 21 වැනි සංශෝධනයටත් ඒ අය අත ඉස්සුවා. ඉතින් අපි ඒ අය සමඟ එකඟතාවයන් නැහැ.


ප්‍රශ්නය :ඔබ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වෙනවාද?

හරිනි :
ජාතික ජන බලවේගය කියලා අපි වෙනම ඡන්දය ඉල්ලන්නේ නැහැ. ජනාධිපතිවරණයට ඉල්ලන්නේ එකම කෙනෙක්. ජාතික ජන බලවේගය කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ම කොටස්කරුවෝම තමයි. අපි මැතිවරණ Anura Kumara Dissanayake 2023 removebg previewකරන්නේ එකම ව්‍යාපාරයක්. කිසිදු අවස්ථාවක මා මැතිවරණ ජනාධිපති අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත් කරන සාකච්ඡාවක් මතු වෙලත් නැහැ. කොයිම අවස්ථාවකවත් එවැනි සාකච්ඡාවක් සිදු වෙලත් නැහැ.



 අපි ඉතාම පැහැදිලිව කියලා තියෙනවා, අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂයකා අනුර කුමාර දිසානයක සහෝදරයා කියලා. එතුමා පක්ෂයේ නායකයා. එය අපි කාලයක් තිස්සේ ප්‍රකාශයට පත් කළේ නැහැ. අවිවාදයෙන් තමයි එතුමා පත් වෙන්නේ. මොකද ජනාධිපතිවරණයක් නැති අපිට මේ සම්බන්ධයෙන් සමාජගත කිරීමේ පොඩි නොගැළපීමක් තියෙන නිසා අපි ඒ ගැන කතා කළේ නැහැ. කෙසේ හෝ ඉදිරියේ මැතිවරණයේදී ජනතාව අපේක්ෂා කරන වෙනස වෙයි කියලා අපි විශ්වාස කරනවා.


Harini 2 2023ප්‍රශ්නය : ඒ කියන්නේ ඊළඟ මැතිවරණ ජයග්‍රහණය කරන්නේ ඔබේ පිල බවද?

හරිනි :
මම හිතන්නේ මේ වෙන විට ප්‍රගතිශීලී ව්‍යාපාරයකට විභවයක් ඇවිල්ලා තියෙනවා. පරණ විදිහට දේශපාලනය තවදුරටත් වලංගු නැහැ කියන දේ ඉතා පැහැදිලියි. පරණ සමාජ ආර්ථික ක්‍රමවේදය අසමත් කියන එකත් පිළිගනිමින් යනවා සහ බොහෝදුරට පිළි අරගෙන තියෙනවා. ඒ දේශපාලන සංස්කෘතිය විසින් නියෝජනය කරපු දේශපාලන සංස්කෘතික මතවාදය රටෙන් අතුගෑවිලාම යනවා. පුද්ගලවාදී, අධිපරිභෝජනවාදී ආර්ථීක වර්ධනය විතරක් හිතන සමානාත්මතාව පිළිබඳ තැකීමක් නැතිව සම්පත් සූරාකන ක්‍රමවේදය අද ප්‍රතික්ෂේප වෙනවා. එයට විකල්පයක් තමයි ජනතාව ඉල්ලන්නේ. මැතිවරණයකදී එය ඉතා හොඳින් බලා ගන්න පුළුවන් වෙයි.


ප්‍රශ්නය : පසුගිය වසරේ ආණ්ඩුවේ බදු ආදායම රුපියල් බිලියන 1751වෙනවා; එයින් වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා 72%ක් ද සමෘද්ධි සහ ණය පොලි සඳහා 28%ක් වැය වෙනවා. රට සංවර්ධනයට කිසිදු මුදලක් ඉතුරු වෙන්නේ නැහැ. මෙවැනි තත්ත්වයක් ඔබේ ආණ්ඩුවක් යටතේ වෙනස් කරන්නේ කොහොමද?

හරිනි:
මේ ආණ්ඩු කරන්නෙ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන විතරයි. රට සංවර්ධනය කිරීම ගැන හෝ ආර්ථිකය නඟා සිටුවීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් ඒ අයගේ නැහැ. එහිදී අපේ ආණ්ඩුවක් යටතේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වගේම ආර්ථිකය ගොඩනැංවීම පිළිබඳවත් අපි සාකච්ඡා කරනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවත් අපි සලකා බලන්නේ ආර්ථිකය ගොඩනැඟීමේ ප්‍රතිපත්ත්තිය තුළ කරන එක දෙයක් මිසක්, ආර්ථිකය හසුරුවන්නේ නැහැ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන්. දැන් මේ ආණ්ඩුව විසින් කරන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මිනිසුන්ගේ ආදායම් කප්පාදු කරනවා. මිනිසුන්ගේ ආර්ථිකය සංකෝචනය කරනවා. ණය ගෙවන්න ණයට ගැනීමක් කරන්නෙ. මේකයි මේ ආණ්ඩුවේ න්‍යාය. ණයට ගැනීමෙන් කාටද සෙතක් වෙන්නේ. ජනතාවට මෙයින් කිසිම සුගතියක් වෙන්නේ නැහැ. ණයට ගත්ත අයටයි මෙහි සෙතක් වෙන්නේ.

  ඉදිරියට මුළු පරපුරක් ණයට හසු කිරීමක් මේ අය කරන්නේ; අපිට ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කළ යුතු වෙනවා. එය අපේ තෝරා ගැනීම නොවෙයි. බංකොලොත්භාවය ප්‍රකාශ කළාට පසුව එය කරන්න ම වෙනවා. නමුත් ණය ප්‍රතිව්‍යුහගත කරන එකම ක්‍රමය ජනතාව පිට බදු බර පටවන එකම නොවෙයි. ජනතාවගේ අදායම වැඩි කිරීම සහ ජාතික ආදායම වැඩි කරන තැනට අපේ අවධානය යොමු‍ කරනවා. අපි ඒ තුළටත් යා යුතුයි. බදු පටවමින්ම මේ දේ කරන්න බැහැ.


ප්‍රශ්නය :බදු ආදායම වැඩි කර ගන්න ඔබේ පක්ෂය බලයට පත් වුවහොත් ගන්නා පියවර මොනවාද?

හරිනි :
බදු රටකට අය කරන්න වෙනවා. නමුත් බදු අයකිරීම සාධාරණ විය යුතුයි. බදු නැතුව ආණ්ඩුවක් පවත්වාගෙන යන්න බැහැ. බදු බර සාධාරණ විදිහට බෙදෙන්න අවශ්‍යයි. ආණ්ඩුවේ ආදායමෙන් 80%ක් විතර එන්නේ බදුවලින්. ඒ බදු අය කරන්නේ සෘජු ලෙසයි. ඒ පුද්ගලිකව ගෙවන බදු. පුද්ගලයන් විසින් හම්බ කරලා ගෙවන බදු භාණ්ඩ සහ සේවාවන්ට ගෙවන බදු හා වක්‍ර බදු ලෙසයි. මේ බදු බර සාමාන්‍ය මිනිසුන්ගේ පිටයි වැඩියෙන් පැටවෙන්නේ. ව්‍යාපාරිකයන්ගෙන් අය කරන බදු එකතු කරන එක හරි අඩුයි; එසේ නැතිනම් ප්‍රාථමික නියෝජිතයන්ගෙන් අයකරන බදු සීමිතයි. ඒ අය බදුවලින් නිදහස් වෙලා. මේ රටේ බදු ගෙවන්නේ මහා පරිමාණයේ ව්‍යාපාරිකයෝ නෙවෙයි. දුක් මහන්සියෙන් ඉගෙන ගෙන රැකියාවක් කරන වෘත්තිකයන්ගෙ වැටුප බැංකු ගිණුමකට යනවා නම් එයින් බදු අය වෙනවා; මෙය ද විය යුත්තේ. අද ඒ මිනිසුන්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා.

Harini 4 2023

 ජනතාව මත බදු පටවනවා කියන්නේ රට සංවර්ධනය කිරීමක් නොවෙයි. හොර පාරෙන් එන කළු සල්ලිවලට බදු නැහැ. ව්‍යාපාරවලිනුත් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට නැහැ. මධ්‍යම සහ කුඩා පරිමාණයේ ව්‍යාවසායකයන්ට බදු නැහැ. මොකක්ද මේ බදු ක්‍රමය. මේක අපි වෙනස් කරනවා.

මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට පුළුවන් බදු සහන ලබා ගන්න. මේක අසාධාරණ බදු ප්‍රතිපත්තියක්. අපි සාධාරණ බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා. මේ බදු ක්‍රම හරිම සංකීර්ණයි. බදු එකතු කිරීමේ ක්‍රම අපි දියුණු කරනවා. බදු එකතු කරන්න බැරි සමාගම් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි වැඩි අවධානයක් යොමු කරනවා. නැවත බදු ප්‍රතිලාභය ජනතාවට ලැබෙනවා කියන විශ්වාසය අපි ජනතාවට දෙනවා. එතකොට බදු ගෙවන්න අවශ්‍ය වෙන්නේ වරප්‍රසාද ලත් පාලක පන්තියක් නඩත්තු කරන්න නෙවෙයි. බදු ගෙව්වාම ප්‍රවාහනය, මහාමාර්ග, පාසල්, සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු විය යුතුයි. සෞඛ්‍ය සේවාව හොඳින් තියෙනවා. එතකොට දැනෙනවා ජනතාවට මෙය ඉතුරුවක් කියලා. ඒ සේවාවන් ටික හොඳ තත්ත්වයකින් පවත්වාගෙන යන්න එයින් හැකියාව ලැබෙනවා. බදු ගෙවන එක බරක් නොවන ලෙස අපි කටයුතු කරනවා.


ප්‍රශ්නය :මේ වන විට රටේ ඍජු බදු ආදායම 30%ක් වෙනවා. රටේ ඍජු බදු ආදායම වැඩි කරන්න ගනු ලබන පියවර මොනවද?

හරිනි :

 ඍජු බදු එක් අතකට සාධාරණ විදියට එකතු කිරීමට පියවර ගන්න වෙනවා. විශේෂයෙන් තමන්ගේ වත්කම බදු අය කර ගැනීමට හැකි වන ආකාරයේ ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. අත්‍යවශ්‍ය මුදල් ගනුදෙනු අවම කිරීමෙන් ඍජු බදු එකතු කරන්නම වෙනවා. කළු සල්ලි හරහා මුදල් විශුද්ධිකරණ සිද්ධ වන එකෙන් මඟ හරින්න තියෙන මාර්ග අවම කරන්න ඩිජිටල්කරණයට යා යුතුම වෙනවා.

ප්‍රශ්නය : එසේ බදු වැඩි කළහොත් විදෙස් ආයෝජකයන්ගේ ආයෝජන අඩුවීමේ අවදානමක් තියෙනවා නේද? Harini3 2023

හරිනි :
බදු ගෙවන්න තියෙන දුෂ්කරතාව නිසා නොවෙයි ආයෝජකයන්ගේ අවධානය අඩු වෙන්නේ. බදු ප්‍රතිපත්තිය තුළ බදු අයකරන්න ඕන. විධිමත් ආකාරයට ආයෝජකයන් එන්නේ නැත්තේ ඒ නිසාම නොවෙයි. මේ ව්‍යාපාර කරන්න තියෙන දුෂ්කරතාව නිසයි. කොමිස් ගෙවන්න ගියාම බදුවලට අමතරව කොමිස් ගෙවන්න තිබුණා. මේවා වෙනස් කරන්න අවශ්‍යයයි. බදු ගෙවන විට ඒ ක්‍රමවේදයන් සරල විය යුතුයි. එකම කාර්යයට විවිධ බදු එකතු කරනවාට වඩා ක්‍රමවත්ව එක් තැනකින් බදු ගෙවීමට කටයුතු කළ යුතුයි. බදු අයකරන ක්‍රමයන්ට අමතරව ආයෝජකයන්ට තියෙන අනෙකුත් බාධා ඉවත් කළ යුතුයි. එක්තැනක බදු අයකරන ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි. දූෂණය නැවැත්වීම කළ යුතුයි.


ප්‍රශ්නය :සහනාධාර වෙනුවට වෙනත් විකල්පයක් ඔබ යෝජනා කරනවාද?

හරිනි :

 සහනාධාරවලට වඩා සමාජ ආරක්ෂණය කියන දේ ලෝකයේ බෙහෝ රටවල්වල තියෙනවා. සෑම සමාජයකම ඉන්නවා රැක බලා ගත යුතු පිරිසක්. සමාජ ආරක්ෂණ ක්‍රියවලිය දූෂණය වෙලා තියෙනවා. ලැබිය යුතු පිරිසට ලැබිලා නැති තත්ත්වයක් සහ නිසි ලෙස ලැබෙන්නේ නැහැ. සමාජ ආරක්ෂණය දූෂණයෙන් තොර විය යුතුයි.

(silumina.lk - සුභද්‍රා දේශප්‍රිය)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්