leader s

යොවුන් වියේ සංවර්ධනය හා යහපැවැත්මට දෙමාපිය මැදිහත් වීම පිළිබදව වූ පර්යේෂණයන කීපයක්ම සිදුකොට ඇති ආචාර්ය තනුජා වන්නිආරච්චි එම විෂය පිලිබදව නවසිලන්තයේ කැන්ටබරි විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත්තේය. දැනට නවසිලන්තයේ සේවය කරන ඇය ඇමරිකාවේ උතුරු ඇලබාමා විශ්ව විද්‍යාලයේ ද පරියේශිකාවක් ලෙස සේවය කොට තිබේ.

ඇය ආගම හා යොවුන්විය පිලිබදව සිදුකල අදහස් දැක්වීමක් පහත පළවේ.
''ලෝකයේ අප හදුනාගෙන ඇති සියලුම ජනප්‍රිය ආගම් අඩුම තරමින් වසර දෙදහසකට  වඩා පැරණි වේ. ලෝක ඉතිහාසය සමග ගත් විට එය ඉතා සුළු කාලයක් වුවත් මානව ඉතිහාසයට සාපේක්ෂකව එය ඉතා විශාල කාලයකි .

වසර දෙදහසකට පෙර තිබු සියලුම නීති සම්ප්‍රදායන් දැනුම හා භාෂාවන් මෙන්ම  භෞතික දේවල් තවදුරටත් වලංගු නොවන තත්වයකදී  ආගමික දැනුම පමණක් වලංගු වීම එක්තරා ආකාරයක ආගන්තුක බවක් දැකිය හැකිය . 

අතීතයේදී දේශපාලනය හා ආගම සමාජය පාලනය ප්‍රධානම උපකරණ දෙක වුවත් දේශපාලන දැනුම බොහෝ නවීකරණය වී තිබේ. නමුත් ආගම සම්බන්දයෙන් එසේ නොවේ. 

අපි අපේ අදාල  ප්‍රපන්චයට අවොත් ආගමට නව යොවුන් වියේ දරුවන්ගේ යහපැවැත්මට සිදුකල හැකි ධනාත්මක මැදිහත් වීම අවමය. විශේෂයෙන් යහපත් ලෙස ලෝකය වෙනස් කල කිසිවෙකු පසුගිය සියවස් ගනනාව තුල ආගමික සංස්ථාවෙන් බිහි වී නැත.Wani text1
එසේම දැනට ලෝකයේ සියලුම සාමකාමී ශිලාචාර සමාජ සියල්ලම පාහේ ආගමික සංස්ථාවේ බල අධිකාරියෙන් මිදුණු නිදහස් සමාජ වේ. 

විශේෂයෙන් සංවර්ධන දර්ශකයක් ලෙස සතුට මනින තත්වයක් තුලදී ලෝකයේ වඩාත් සංවර්ධිත සමාජ වන නොර්වේ නවසිලන්තය, කැනඩාව, ස්වීඩනය වැනි රටවල් එම රටවල ජනයාගේ ජිවිත වලට අඩුම ආගමික මැදිහත් වීමක් දැකිය හැකිය.

නමුත් වැඩිම මැදිහත් වීමක් ඇති රටවල මෙම තත්වය සම්පුර්ණයෙන් ම වෙනස් වේ. නව යොවුන් ප්‍රජාව අතර අද තොරතුරු හා දැනුම ගලා යාමේ ඇති සරල බව නිසා වසර 2000 පැරණි දැනුමට ඔවූන්ගේ ජිවිත වලට කල හැකි බලපෑම සීමිතය.

විශේෂයෙන් නව යොවුන් වියේ අය අනවශ්‍ය ලෙස ආගම කෙරෙහි යොමු කිරීමෙන් ඔවූන් වෙත ලගා වන නව දැනුම හා පැරණි  ආගමික දැනුම අතර සුවිසල් ගැටුමක් ඇති වේ.

මේ තුල ලෝකයේ ඇති විවිධ අතාර්තික දුෂ්ට බලවේග වලට ඔවූන් දිනා ගැනීමට හෝ රැවටීමට ලක් කිරීමට ඇති ඉඩ කඩ වැඩි වේ. ඇෆ්ගනිතානය ප්‍රමුඛ මුස්ලිම් ලෝකය අද මුහුණ දෙන අබියෝගය එයයි.

wani text2එසේම ලෝකය පුරා ආගමික නැඹුරුවකින් යුත් සංක්‍රමික පවුල් අතර අද බරපතල අර්බුදයක් බවට මෙම අභියෝගය පත්ව තිබේ.

හැකිතාක් ආගමික අධ්‍යාපනය අඩු කොට දරුවන් විදිමත් අධ්‍යාපනයට යොමු කිරීමත් දරුවන්ගේ ජිවිතයට ආගමික සංස්ථාවේ බලපෑම හා මැදිහත් වීම  වෙනුවට පවුලේ  ආරක්ෂාව හා මැදිහත් වීම වැඩි කිරීමත් සිදු කල යුතුය.

(ආචාර්ය තනුජා වන්නිආරච්චි)

47542 1457155783819 7554964 n




  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්