ජාතික ජන බලවේගය ඉන්දියාවට ගිය එකෙන් සිද්ද වෙච්ච වඩාත්ම වැදගත් වාසිය උනේ ප්‍රචාරක වාසිය.

ඒ කියන්නේ ඒ කතාබහ ඇතුලේ සිද්ද වෙච්ච සමාජ, ආර්ථික, දේශපාලන දේට වඩා මාධ්‍ය කතා කලේ එහෙම ගිය එක ගැන. ඒ ලැබුණ ආරාධනාව ගැන. එහෙම ආරාධනාවක් ලැබුනේ ඇයි කියන එක ගැන.

කුරුඳුවත්තේ අනික් ලොකු ලොකු කියන අයට ලැබුනේ නැති ආරාධනාවක් තඹුත්තේගම අනුරට ලැබීම ගැන. ඒකම තමයි ඒකෙ වාසිය උනෙත්.

මෙච්චර කල් ලෝකෙ කැරකුණේ කොළඹ රෝයල් කිහිප දෙනෙක් වටේ උනාට, ඉංග්‍රීසි දන්නා පැලැන්තියේ තුන්හතර දෙනෙක් වටේ උනාට, දැන් පොඩි තැනකින් ආපු කෙනෙක් වටේ ලෝකේ කැරකෙන්න ගන්නකොට හැමෝටම කිචි කිචි වගේ උනා.

අනුර ඉන්දියා ගිහින් ආවට පස්සේ මෛත්‍රීත් ඉන්දියාවේ යන්න අධිෂ්ටාන කරගත්ත. නාමලුත් ඉන්දියා යනවා කිව්වා. තවත් අය ඔලොගු සකස් කරනවා ඉන්දියාවේ වන්දනාවේ යන්න.

අනුර ගියේ හැබැයි වන්දනාවේ නෙවෙයි. ඒ රටෙන් ආපු ආරාධනාවකට. ආපහු එනකොට ඇත්තටම අලුත් ජනාධිපති කෙනෙකුට ලැබෙන මාධ්‍ය ආවරණය වගේ එකක් ලැබෙන්න ගත්ත. මාධ්‍ය කැමරා සහ මයික් වටවුණා.යූ ටියුබ් විව්ස් වැඩිවුණා. හැමෝම ඒ ගැන කතාවුණා.

ඇත්තටම එක මොහොතකට එයා නිකම් නිල නොලත් රාජ්‍ය නායකයා උණා....

ඒක තමයි ප්‍රචාරක වාසිය. 

පශ්චාත් අර්ජුන ක්‍රිකට් ගැන ගොඩේ සටහනක් - (මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 


 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්