සලේගේ අධි රංගනය සෑහෙන්න නැඟලා යනවා. ගොඩාක් අය වශීවෙලා බලාගෙන ඉන්නවා අර නටත් අයෙක් සුරාමතින් දිහා බලාගෙන ඉන්නවා වගේ.
අපි කවුරු මොනවා කිව්වත් සලේ කියලා කියන්නේ බරපතළ අපරාධකරුවෙක් විතරක් නෙවෙයි ත්‍රස්තවාදියෙක් කියලා සැකකරන පුද්ගලයෙක්.
ලේසි නෑ පාස්කු ප්‍රහාරයේ මහමොළය කියලා තමයි සැකකරන්නේ.
එවැනි පුද්ගලයෙක් නිදහස් කරන්න කියලා රටක් ජාතියක් නටනවා නම් ඒ රටේ නීතිය ගැන ආයේ කතා කරන්න දෙයක් නෑ.
මේකෙන් පේන්නේ අපි කාටවත් මේ රටේ නීතිය ගැන එහෙම විශ්වාසයක් නෑ කියන එක.
අපි හැවෝම ආණ්ඩුවේ ඉන්නකොට එක නීතියක් විශ්වාස කරනවා. විපක්ෂයේ ඉන්නකොට තව නීතියක් තමයි විශ්වාස කරන්නේ.
ලංකාවේ ස්වාධීන නැති පක්ෂග්‍රාහී නීතියම තමයි ඒකේ වරදකාරයා. මේක අපරාධ රාජ්‍යයක් කියලා කියන්නේ ඒකයි.
මොකක් හරි අපරාධයක් වුණාම මේ ආණ්ඩුවේ පැමිණිලිකාරයා ඊළඟ ආණ්ඩුවේ විත්තිකරුවා වෙන්න පුළුවන්. ඊටපස්සේ ආයේ ආණ්ඩු මාරු වුණාම ආයේ උඩ යට මාරු වෙනවා. ඕක ඉතිං අවුලක් නෑ. ඕවා ඔහොම තමයි.
ආ ඒක නෙවෙයි සලේගේ පස්ස තුවාල වෙන්න ඇත්තේ මිනිහට අර්සස් ඇති.
අර්සස් තියෙන අයට ස්ට්‍රෙස් ආවාම ෆුකේ තුවාල එන එක වැඩිවෙනවා.
මට උනත් කාමරේ තනියෙන් එලියට බහින්නේ නැතුව සතියක් දෙකක් යනකොට අර්සස් නඟිනවා ෆුකේ තුවාල එනවා. රෙන්න බැරිවෙනවා.
එතකොට ඉතිං මමත් කරන්නේ ටික දවසක් නොකා ඉන්න එක.
එහෙම නැත්තං දියරම බීලා ටිකක් ස්ට්‍රෙස් අඩුකරගෙන ෆුකේ අයිස් තියාගෙන වගේ ඉන්න එක.. ඒකනම් ඒ හැටි ගණන් ගන්න දෙයක් නෑ.
කොහොම වුණත් අර දිලීප පුතා කිව්වා වගේ ඔස්කාර් දෙන්න වටිනවා.
මට හිතෙන්නෙම ඕකේ පිටපත ලියලා අධ්‍යක්ෂණය කරන්න ඇත්තේ අර ත්‍රස්තවාදය හොයාගත්ත ඩෑලෙක වෙන්න ඇති.
මම නම් කියන්නේ ඒ බුජ්ජිමතාත් සීඅයිඩී එකේ සලේගේ අල්ලපු කාමරේට දාන්න ඕනෑ ඩීඕ එකක් ගහලා..
එතකොට මිනිහට ත්‍රස්තවාදය ගැන තව ටිකක් ඉගනගන්න ඇහැක් වෙයි නෙහ්..!

(සටහන | කේ සංජීව)
Digital creator
උපුටා ගැනීම - කේ සංජීව ගේ ෆේස්බුක් පිටුවෙන්...









