[සැබෑ දේශප්‍රේමියෝ (#TRUEPATRIOTLK) මතවාදය හරහා යහපත් රටක් ගොඩනැගීමේ මුලික අරමුණ පෙරදැරිව ඒ වෙනුවෙන් වූ 'රැඩිකල් මැදමාවත' (Radical Center) අදහස ඉදිරිපත් කිරීමට පෙර මංගල සමරවීර, ප්‍රවීන දේශපාලන විශේලේෂකයකු හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන වික්ටර් අයිවන් හා ඔහුගේ 'පුනරුදය' සංවිධානය සමග ද සාකච්ජා වට කිහිපයක්ම පවත්වා තිබිණ. @ මාරවිල සාකච්ජාව ඒ අතරින් සුවිශේෂී වෙයි. එම සංවාද වලින් මතුවූ කාරණා සංශිප්ත කරමින් වික්ටර් අයිවන් විසින් සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබු සටහනක් ඔබගේ අවදානය පිණිස පහත පළකර ඇත.)
 
ලංකාව සදහා යොදා ගත හැකි පරිවර්තන වැඩ සටහනකට ඇතුලත් විය යුතු මූල ධර්ම ඇතුලත් ලියවිල්ලක් හදා ගැනීමේ ප්‍රශ්නය සිය ජීවිතයේ අවසාන කාලයේදී මංගල හා මා අතර සංවාදයක් තිබිණ.
 
මා හිතන්නේ ඔහු සිය දේශපාලන පරිනත භාවය පෙන්නුම් කල තවත් අවස්තාවක් විය. ඔහු සර්වතෝභද්‍ර නැත. ඔහු ස්වයං විවේචනයකට යමින් සිටියේය. ඒ සමග ඔහු ලංකාවේ අනාගතය ගැනද ලොකු උනන්දුවක් දැක්වීය. ලංකාව තිබෙන්නේ අති විශාල අර්බුදයක බව ඔහු දැන සිටියේය. ආණ්ඩුවට හෝ විපක්ෂයට ඊට විසදුම් නැති බවද ඔහු දැන සිටියේය.
 
එම අර්බුදය ජය ගැනීම සදහා සමාජ දේශපාලන ක්‍රමය හා ආර්ථිකය ප්‍රති නිර්මානය කරගන්නා තැනකට යායුතු බවද ඔහු දන සිටියේය. 
 
ලංකාවේ සැබෑ පරිවර්තනයකට මග පෙන්වන පරිවර්තන මූල ධර්ම ඇතුලත් ලියවිල්ලක් හදා ගැනීම අවශ්‍ය බව ඔහු කීවේය. එම ලියවිල්ල හැදීමට හැම සුදුසු කමක්ම මට තිබෙන නිසා ඊට අතගසන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
 
එම ලියවිල්ල කැබලි වී තිබෙන ජාතිය එක්සත් කිරීමට හේතු විය යුතු බව ඔහු කීවේය. 
 
ඒ සමග ලංකාව මුහුණදී තිබෙන සංකීර්න අර්බුදය සමහි සම්පන්නව එකට එකුතු වී නැගී සිටින බලවත් ජාතික උත්සහායකින් ජයගත හැකි අර්බුදයක් යන විස්වාසය මහජනයා තුල ඇතිකරන ලියවිල්ලක් විය යුතු බවද කීවේය.
 
එසේම එය නිදහසේ සිට මේ දක්වා නොසලකා හරිනු ලැබ හා කොන්කරනු ලැබ තත්වයක සිටින පීඩිත ජන කණ්ඩායම් වලට විමුක්තිය ලබා දීමට හේතු වන ලියවිල්ලක් විය යුතු බවද කීවේය.
 
පහත පළවනුයේ ඔහු ගේ එම පෙලබවීම මත මා විසින් සකස් කරන ලද එම ලියවිල්ලේ පිටපතකි. මංගල ගේ රැඩිකල් කේන්ද්‍රයේ නියෝජිත පිරිසක් වෙත සැප්තැම්බර් 08 වනදා බාර දෙන ලදී.
 
219856730 3689699934464311 7160925631510998364 n         
 
                               
1.ජාතිය ගොඩ නැගීම:
 
(1) ලංකාවේ සියලු පුරවැසියන් වන සියලු මිනිසුන් ඔවුන් කුමන වාර්ගික, ආගමීක, කුල, සංස්කෘතික හෝ ලිංගික  කණඩායමකට අයත් වුවද, ඒ සියලු දෙනා සමාන මනුෂ්‍ය ගෞරවය හා අයිතිවාසිකම් ඇති අය ලෙස සලකා ඔවුන් ගොඩ නගන ලාංකේය ජාතියේ ගෞරවනීය කොටස් කරුවන් බවට පත් කර ගත යුතුය.
 
 
(11) වැඩ වසම් කුල ක්‍රමය පීඩාකාරි යල් පැනගිය ක්‍රමයක් ලෙස සලකා එහි පැවැත්ම මුලු මනින් අහෝසිකිරීම සදහා ක්‍රියා කල යුතුය.
 
 
(111) මානව හිමිකම් උල්ලංගනයන්ට ලක්වූ ජන කණ්ඩායම් ගැන සොයා බලා ඔවුන්ට යුක්තිය හා සාධාරණතවය  ඉටු කල යුතුය.
 
 
 
2.ආණ්ඩු ක්‍රමය හා රාජ්‍යය ගොඩ නැගීම:
 
 
(1) රාජ්‍යය නායකයා:
 
ගොඩනගන ආණ්ඩු ක්‍රමය කුමක් වුවද රාජ්‍ය නායකයා සිටිය යුත්තේ නීතියට පහලිනි. ඔහු හෝ ඇය නීතියට පටහැනිව කරන ඕනෑම ක්‍රියාවක් බල රහිත කිරීමේ බලය අධිකරණයට තිබිය යුතුය.
 
 
(11) අධිකරණය:
 
( අ) නීතිය මත පාලනයක් සදහා අවශ්‍ය කරන බලවත් කාර්යක්ෂම හා ස්වාධින අධිකරණයක් ඇති කරගැනීමේ අරමුනින් අධිකරණයද සහභාගි කරවාගනිමින් අධිකරණයේ ඇති වී තිබෙන පරිහානිය කෙරෙහි බලපා තිබෙන හේතු ගැන සොයා බලන අතර නවීන අධිකරණ ක්‍රමයක් සදහා අවශය ප්‍රතිසංස්කරන හදුනා ගනිමින් ඒවා ක්‍රියාත්මක කළ යුතුය.
 
( ආ) අධිකරණයට අධිකරණ විමර්ශන බලය ( judical Review) එනම් ව්‍යවස්ථාදායකයේ හා විධායකයේ කටයුතු  විමර්ශන කිරීමේ බලය ලබා දිය යුතුය.
 
( ඇ) ඉන්දියාවේ මෙන් අධිකරණය පාර්ලිමේන්තුවේ මුදල් වෙන් කිරීම් මත රදා නොපවතින ආයතන ක්‍රමයක් බවට පත්කල යුතුය.
 
 
(111) රජයේ උසස් නිලදාරීන්:
 
‍රාජ්‍ය නායකයා, අග විනිසුරු, නීතිපති ඇතුළු සියලු ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් වෙත පැවරෙන යුතුකම් හා වගකීම් ද, ඔවුන් නොකල යුතු මූලික වැරදිද අලුතෙන් විවරන ය කළ යුතුය. ඔවුන් ගේ දිවුරුම් ප්‍රකාශද එම අර්ත විවරනයන්ට අනුකූලව අලුතෙන් සකස් විය යුතුය.
 
 
 
(IV) ජනමාධ්‍ය:
 
ජනමාධ්‍ය ඉටු කර තිබෙන භූමිකාව ගැන කරුනු සොයා බැලීමක් කළ යුතු අතර ජනමාධ්‍ය නිදහස සහතික කරන අතර ජනමාධ්‍ය ආයතන හා ජනමාධ්‍යකරුවන් සමාජ වගකීමකින් ක්‍රියා කරන තත්වයක් සහතික කිරීමටට හේතුවන් සුදුසු ප්‍රජාතන්ත්‍රවාදී නියාමන ක්‍රමයක් ඇති කල යුතුය.
 
 
 
(V) අල්ලස හා දූෂනය:
 
( අ) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම අහෝසි කොට හොංකොන් වල ඇති ICAC කොමිෂම ආදර්ශයට ගෙන දේශපාලන ඇගිලි ගැසීම් වලට ඉඩක් නැති ස්වාධින අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිසමක් ඇති කල යුතුය.
 
 
( ආ) අල්ලස හා දූෂනයට අදාල නීති නැවත සලකා බැලීමකට ලක් කල යුතුය.
 
 
( ඇ) වත්කම් බැරකම් නීතියේ තිබෙන සිදුරු නැති කොට එය නූතන අවශ්‍යතාවන්ට ගැලපෙන ප්‍රබල නීතියක් බවට යාවත් කාලීන කල යුතය.
 
 
 
( VI) දේශපාලන පක්ෂ:
 
දේශපාලන පකෂවල අභ්‍යන්තර ක්‍රියා කාරිත්වය ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක තබාගැනීමට හේතුවන නීති ඇති කොට දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය හා අරමුදල් පරීක්ෂා කිරීමේ බලය මැතිවරන කොමිෂමට හා විගනක කොමිෂමට ලබා දිය යුතුය.
 
 
 
( VII) මැතිවරණ අරමුදල් හා වියදම්:
 
මැතිවරණ අරමුදල් හා මැතිවරන වියදම් පාලනයට නීති තිබිය යුතුය. අපේක්ෂකයින්ට ලැබෙන ආධාර මුදල් හා ඔවුන්ගේ වියදම් පරීක්ෂා කිරීමේ බලය මැතිවරන කොමිෂමට හා විගණකාධිපති කොමිෂමටක් ලබාදිය යුතුය.
 
 
 
(VII) මහජන නියෝජිතයින්ගේ සදාචාරාත්මක පාරිශුද්ධ භාවය:
 
මහජන චන්දයෙන් තේරී පත්වන මහජන නියොජිතයින්ට රජය සමග ව්‍යාපාර කිරීමට නීතියට පටහැනිව ලැබී තිබෙන ඉඩ මුලුමනින් නැති කිරීමට හේතුවන විදිවිදාන ඇති කල යුතුය.
 
 
 
( IX) දේශපාලකයින් නඩත්තු කිරීම:
 
දේශපාලකයින් නඩත්තු කිරීමට දරන රජයේ වියදම් ගැන නැවත සලකා බලන තැනකට යායුතුය.
 
 
 
( x) අධ්‍යාපනය :
 
පාසැල් හා විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්‍රමයේ ඇතිවී තිබෙන පරිහානිය ගැන සොයා බලා දියුනු හා යහපත් පුරවැසි සමාජයක් ඇති කිරීමට හේතුවන අධ්‍යාපන  ක්‍රමයක් සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ හදුනා ගෙන ඒවා ක්‍රියාත්මක කළ යුතුය.
 
 
 
 (XI) සෞඛ්‍ය සේවය:
 
සෞඛ්‍ය සේවයද නැවත ශක්තිමත් ලෙස නගා සිටුවීම අවශ්‍ය ප්‍රතිසංස්කරණ හදුනාගෙන ඒවා ක්‍රියාත්මක කල යුතුය.
 
 
 
( XII) ජාතික ප්‍රතිපත්ති රාමුවක් හදා ගැනීම:
 
ප්‍රතිපත්ති විෂයේදී හිතුවක්කාරි ලෙස ක්‍රියා කිරීමට දේශපාලකයින්ට හා නිලධාරීන්ට ලැබී තිබෙන බලය පාලන කොට ඒ වාහි අඛන්ඩ පැවැත්ම සහතික කිරීමට හේතුවන ජාතික ප්‍රතිපත්ති රාමුවක තිබිය යුතුම ක්ෂේත්‍ර හදුනාගෙන ඒ සදහා මූලධර්ම ගොඩනගා. ගැනීමට සුදුසු ක්‍රමයක් ඇති කිරීම.
 
 
 
 ( XIII ) සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්:
 
එක්සත් ජාතින්ගේ සිවිල් හා දේශපාලන. අයිතිවාසිකම් ප්‍රඥාප්තියෙන් ජනයාට ලැබී තිබෙන අයිතිවාසිකම් අවහිරයකින් තොරව බුක්ති විදීමේ අයිතිය මහජනයාට ලැබීම සහතික කිරීම සදහා ක්‍රියා කිරීම.
 
 
 
( XIV) පරමාධිපත්‍යය බලය:
 
මහා ජනයාට තිබෙන පරමාධිපත්‍යය බලය අභ්‍යාස කිරීමට මහජනයාට තිබෙන අයිතිය මැතිවරන වලදී ඡන්දය පාවිච්චි කිරීමේ අයිතියට සීමා නොකොට පොදු යහපත සදහා විශාල මහජන පිරිසකට ( එය නීතියෙන් නියම විය යුතුය) මැතිවරන කොමිෂමේ අධීක්ෂණය යටතේ නියම කළ අත්සන් සන්ක්‍රියාව ඇතිව පාරලිමේන්තුවට මහජනයාට යෝජනා ඉදිරිපත් කල හැකි ක්‍රමක් ඇති කල යුතුය.
 
එවැනි ක්‍රමයක් ස්විට්සර්ලන්තය ඇතුලු රටවල් ගනනාවක ක්‍රියාත්මක වේ. ඒ රටවල ක්‍රියාත්මක වන " ප්‍රාරම්බනය" හා" විකල්ප ජනමත විචාරන ක්‍රමය" සැලකිල්ලට ගෙන ලංකාවට සුදුසු ක්‍රමයක් ඇති කර ගත හැකිය .එවිට අන්ත දූෂිත නායකයෙකුට එරෙහිව දේශපාලන හේතු මත ව්‍යවස්ථාදායකය නිහඩව සිටින අවස්තාවක දී ඔහුට හෝ ඇයටක් එරෙහිව පාරිලිමේන්තුව ට විස්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේ අයිතිය මහා ජනයාට ලැබෙන්නේය.
 
එවැනි මහජන යෝජනාවක් පාර්ලිමේන්තුව විවාදයට ගෙන පාර්ලිමේන්තුව පරාජය කලහොත් එය ජනමත විචාරනයකට ඉදිරි පත් කරන්නට ආණ්ඩුවට සිදුවේ. එම අයිතිය විස්වාස භංග යෝජනා සදහා පමනක් නොව රටේ යහපතට හේතුවන වෙනත් පලදායි යෝජනා සදහාද යොදා ගත හැකිය.
 
 
 
 ( XV) ව්‍යවස්ථාව සංශෝධනය කිරීම:
 
මූලික අයිතිවාසිකම් සීමා කිරීමට හෝ ඉවත්කිරීමට හේතුවන නැතහොත් ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහයට හානි ඇතිකරන ව්‍යවස්ථා සංශෝධන නීති විරෝධී කල යුතුය.
 
  
 
 ( XVIII) ව්‍යවස්ථා සම්පාදනය:
 
මෙම ප්‍රතිසංස්කරණ සදහා වන ව්‍යවස්ථා සම්පානයන් හා අනෙකුත් සියලු කටයුතු සිදු විය යුත්තේ පාර්ලිමේන්තු නියෝජිතයින්ට අතිරේකව මහජන නියෝජිතයින් ගෙන් යුතු "සහබාගි ව්‍යවස්ථා සම්පාදන" ආකෘතියකටය. ඒ සදහා තෝරා ගන්නා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට අතුරු ව්‍යවස්ථාවකින් අවශ්‍ය සියලු බලතල පවරා දිය යුතුය. කරන්නට යන ප්‍රතිසංස්කරණ වැඩ සටහන හා ඊට අදාල කාල සටහනද එම ව්‍යවස්ථාවට ඇතුලත් විය යුතුය.
 
 victor ivan text 1
 
 
(''මෙම කෙටුම්පත අවසාන වූ කෙටුම්පතක් ලෙස නොසලකන්න. එය මහජන සංවාදයට ලක්කිරීම තුළ අවසාන වශයෙන් සකස් විය යුතුය.'')

 

 


 

THE LEADER TV 
 

බැසිල් විරෝධීන් මෛත්‍රී කැඳවයි! 

 
මත්පැන් පානය ජාතික යුතුකමක්!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්