එක දවසක් මම ග්‍රේට් ගැට්ස්බි (The Great Gatsby) උගන්න උගන්න ඉන්නකොට ළමයෙක් මගෙන් මෙහෙම ඇහුව.

ඇත්තටම අපි සම්පූර්ණයෙන් (පූර්ණ වශයෙන්) කාටහරි ආදරය කලොත් සහ ඒ කෙනා අපිව කවදාහරි දාල ගියොත් එතකොට මොකද කරන්නේ? එහෙම මම සම්පූර්ණයෙන් අනික් කෙනාට සියයට සියයක් දීලා එයා කවදාහරි අනික් පැත්ත හැරුනොත් මට මාවම නැතිවෙයි. ඒ නිසා මම සම්පුර්ණයෙන් මාව දෙන්නේ නැහැ. ඒ ආපහු හැරීමේ වේදනාව දරාගන්න බැරි නිසා...

ගැට්ස්බිගේ කතාව වෙනස් එකක්. එයා ඩේසිට පිස්සුවෙන් වගේ ආදරය කරනවා. හැබැයි අවුරුදු ගණනකට පස්සේ ඩේසි වෙනස් වෙලා වෙනත් කෙනෙක් එක්ක ජීවිතයක් පටන් අරගෙන. එහෙම උනාට ගැට්ස්බිට ආපහු හැරෙන්න බැහැ. ඒකයි ප්‍රශ්නේ. එයා එහෙම හැරෙන්න දන්නේ නැහැ. නිකම් පිස්සුවක් වගේ. ඒ උමතු ගමනෙන්ම එයා මරණය තෙක් යනවා. ඒක විශාල ශෝකාන්තයක්.

ඉතින් රෝමියෝ සහ ජුලියට් වගේම ටයිටැනික් එකේ ජැක් උනත් ආපසු හැරුණ පෙම්වත්තු නෙවෙයි. ඒ කියන්නේ එයාල ආදරේදී ගැප් එකක් (gap), දුරස්ථ බවක් (distance), පරතරයක් (space), ආපසු හැරෙන්න තරම් 'නිදහසක්' (play - ඩෙරීඩා පාවිච්චි කරන වචනය) නඩත්තු කරපු අය නෙවෙයි. ආපසු හැරෙන්න බැරි නිසා එයාල ඉතිං මරණය දක්වාම ගියා. එහෙම යන එක ගැන එයාලගේ හිතේ දෙගිඩියාවක් තිබ්බෙත් නැහැ. පසුතැවිලි වුණෙත් නැහැ. 


ඉතිං සියයට සියයක් දෙන්නේ නැති උනාම වෙන්වීමකදී පණ බේරගන්න පුළුවන් තමයි. හැබැයි ඉතාම පොඩි මොහොතකට හරි තියෙන්න පුළුවන් ඇත්තම ආදරේ නම් හැඟීම නම් කවදාවත් අත්විඳින්න වෙන්නේ නැහැ. ඒක අහිමියි. හැබැයි පණ බේරගන්න පුළුවන්. 


ආදරේ දැනිල නැතුව ඉතිං මොකටද පණ බේරිලා? 
 
dfe4e 

අනික් අතට කෙනෙක් හිතන්න පුළුවන් නැහැ ඔන්න ඔහේ පණ බේරාගෙන ඉම්මු කියලත්. හැබැයි එතකොට ඉතින් ගැට්ස්බි වගේ නවකතා, රෝමියෝ ජුලියට් වගේ නාට්‍ය, ටයිටැනික් වගේ ෆිල්ම් හැදෙන්නෙත් නැති වෙයි. මොකද එහෙම අත්දැකීමක් නැති නිසා. ඒ අත්දැකීම වෙනුවෙන් අවදානමක් ගන්නේ නැති නිසා.

ඇයි දැන් මේක මම කිව්වේ? මේක කිව්වේ දමිතා අපි දාල, අපේ පරමාදර්ශ පාවලදීල වෙනත් පැත්තක් බලාගත්ත කියල අපේ උන් නහයෙන් අඬන නිසා.
මමත් ඔය අරගලයේ හිටපු චරිත කිහිපයක් ගැන ලියල තියනවා. ඔව්...දමිතත් ඒ ගොඩෙන් එක්කෙනෙක්.

හැබැයි මම ලියපු හැම සටහනකම එයාලගේ අරගලයේ දායකත්වය ගැන, ඒ සහභාගීබව ගැන, ඒ පෙනීසිටීම ගැන සියයට සියයක් මගේ ආදරය ප්‍රකාශ කරලා ලිව්ව සටහන්. ඒ නිසා මට ආපස්සට හැරෙන්න බැහැ. හැරෙන්නත් නැහැ. 
 
 
 ඒ කිසිම සටහනක් ගැන අරගලයේ අර්ථයෙන් මම කණගාටු වෙන්නත් නැහැ. නහයෙන් අඬන්නෙත් නැහැ. කොටින්ම සමාජය මගේ සටහන් නිසා නොමඟ ගියා වගේ අදහසක්වත්, වරදකාරී බවක්වත් නැහැ. නොමඟ යන්න තරම් සමාජයක් මෙහෙ නැහැ. 
 

මම සියයට සියයක් එයාලට දීලා තියෙන්නේ මගේ ආදරය. එයාල ඒ සියයට සියයෙන් කොච්චර ලකුණු කපාගන්නවද කියන එක එයාලට බාරයි.

අපේ එක අපි දීල ඉවරයි. දමිතා යමක් කරන්න හදන ගැහැණියක් වෙනවද නැත්නම් නිකම්ම නිකම් අම්මන්ඩි කෙනෙක් වෙනවද කියන එක එයාට බාරයි.  
විදර්ශන කන්නන්ගර එයාගේ දමිතා වෙනුවෙන් ලියපු සටහනක් වෙනුවෙන් නහයෙන් අඬල තිබ්බ. මම එහෙම නැහැ. ඒක පුද්ගල බවක් ද සාමුහික බවක් ද මම දන්නේ නැහැ.

විදර්ශන, මචං මාක්ස් කියවපන් හැබැයි නීට්ෂ විශ්වාස කරපන්. නීට්ෂ කියන්නේ පාවාදීම නිසාම ඇතිවෙච්ච විෂාදය නිසා ලියපු එකෙක්.

අපි මැරිල යමු. දමිතල ඔහේ ජීවිත් වෙච්චාවේ.

මේක මීට වඩා දේශපාලන නිරවද්‍ය නොවන විදියට ලියන්න පුළුවන්. හැබැයි සකබර්ගය සමාජයක් තියනවා (community standards) කියල හිතන නිසා මෙහෙම ලිව්වා.
 
 
Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 
 
 
  

 

දමිතාව නොපෙනුනේ ඇයි?

විදර්ශන කන්නන්ගර ගේ ෆේස්බුක් සටහන :

kannaදමිතා අබේරත්න තුළ කුමන හෝ දේශපාලන ගුණ දහමක් ඇතැයි සිතා ඇය පැසසූ අවස්ථා ගැන මම අතිශයින් කනගාටු වෙමි. ගෝල්ෆේස් 'අරගල' සමය තුළ ඇය විවිධ පාර්ශවයන්ගේ චෝදනාවන්ට හා පරිභවයන්ට ලක් වූ අවස්ථා වලදී ඇය ආරක්ෂා කිරීම වෙනුවෙන් 'යකඩ ගැහැණියක්' වැනි හැදින්වීම් දක්වා පවා මා දුර ගිය බව මතකය.

පසුව සමගිජන බලවේගය සමග ඇය සෘජුවම සම්බන්ධ වූ අවස්ථාවේදී, අරගලයේ සිටි අනෙකුත් අයගේ දේශපාලන තෝරාගැනීම් හා තරගයන් සම්බන්ධයෙන් සුවිශේෂීව එල්ල නොවන විවේචනයක් ඇයව පමණක් ඉලක්ක කර මතු කිරීමේ තේරුමක් නැති බව ප්‍රකාශ කර සිටියෙමි. ක්‍රමයෙන් ඇයගේ දේශපාලන පෙනී සිටීම් ඇය පෙනී සිටි 'අරගලයේ' ප්‍රතිමාන සමග පරස්පර-චපල මුහුණුවරක් ගන්නා බව නිරීක්ෂණය වෙද්දී මදක් නිහඩව බලා සිටියෙමි.

එහෙත් දමිතා මේ මොහොත වන විට 80 දශකයේ තරුණ සංහාරය හා ප්‍රේමදාස ආණ්ඩුවේ මිනීමරු මර්දනය සුජාත කරමින් සජිත් ප්‍රේමදාසගේ වේදිකා මත මොරදෙන දර්ශනයන් දකින විට මා තුළ අකුණක් සේ නැගුණු අප්‍රසන්නතාවය හා අපුල විසින් කුමක් හෝ නිද්‍රාවකින් මා අවදි කළා සේ විය. "මේ ගැහැණියගේ 'කපටි-අවස්ථාවාදය ' එදා මට (අපට) නොපෙනී ගියේ මන්ද ?" මේ මොහොතේ මට මා තුළින් නැගෙන භාවාතිශය ස්වයං පරික්ෂාවේ හඩ එවැන්නකි.

හැගීම් සහ අන්ධ වීම් යනු බරපතළ දේශපාලන කලාපයකි. අපගේ ‘රෝග ලක්ෂණය’ අප හිතනවාට වඩා දේශපාලනිකය !

1677200492 large


වසඟය වෙනයි - දේශපාලනය වෙනයි! - (සඳුන් ප්‍රියංකර විතානගේ)



දමිතාගේ වේදිකා කතාව සම්බන්ධයෙන් ප්‍රකට මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන සඳුන් ප්‍රියංකර විතානගේ මෙවැනි සටහනක් පළකර ඇත.

SANDUN'88-89 අරගලය මර්දනය කිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාසවත් කරපු නැති අලජ්ජි කතාවක් දමිතා අබේරත්න කරන්නෙ. ලංකාවෙ විචිත්‍රවත්ම ජනතා සටන වුණු ගෝල්ෆේස් අරගලයෙ ප්‍රගතිශීලි බලවේග එක්ක උරෙනුර වැඩ කරලා ප්‍රොෆයිල් එක දේශපාලන එකක් කරගත්ත දමිතාගෙ මේ කතාව සෑහෙන කතාබහට ලක්වෙනවා. ඒ ඈ සහ අරගලය අතර තිබ්බ සම්බන්ධය නිසා..  

දමිතාට අහුවුණාකියලා දුක්ප්‍රාප්ති සටහනක් කන්නා (විදර්ශන කන්නන්ගර)ත් තියලා තිබ්බා.

මුලිනුත් කිව්ව වගේ ගෝල්ෆේස් අරගලය කියන්නෙ මෙරට සිද්ද වුණ අරගලවල විචිත්‍රවත් ම අරගලය. ඒක අස්සෙ සිදුවුණු සමහර දේවල් අධ්‍යයන විෂයක මට්ටමේ තියනවා. ලංකාවෙ සාම්ප්‍රදායික සටන් පෙරමුණුවල හිටපු අය ඇත්තටම මේකට බය වුණා කිව්වොත් හරි. (මේ ගැන  මගෙ අදහස් මගේ සීමාවෙ දේශපාලන කවවලට ඒ දිනවලම සන්නිවේදනය කළා) මේ බිය වීම එක්ක ඒ සමඟ ගනුදෙනු කිරීමේ සීමාවන් අවුල් වෙලා සෑහෙන අර්බුදයට ගියා. තමන් මෙතෙක් කාලයක් නොදන්නා යමක් මේ අලුත් පැන නැගීම අස්සේ ඇති කියලා සමහරු හිතුවා. මේක කොච්චර නරකට ගියාද කියනවා නම් එක වාමාංශික පක්ෂ ක්‍රියාධරයෙක් ලියා තිබුණා, "ගෝල්ෆේස් අරගල භූමියේ කොමියුනිස්ට් ක්‍රමය ක්‍රියාත්මක වෙන" බවක්.

දේශපාලන උත්තසන්නියකදි ඇතිවෙන රැළි-සුළිවලට පොදු ජනයා වසඟ වෙන එක වරදක් නෑ. ඒත් ජීවිතයම දේශපාලනය කරගත්ත දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ ක්‍රියාධරයො වසඟ වෙන එක නම් වරදක්. ඒක විසින් එයාලගෙ දේශපාලන පදනම් සහ පරිණතභාවය ප්‍රශ්න කෙරෙනවා. පුද්ගල සාධක කේන්ද්‍ර කෙරෙන එක - ස්වරූප රාගය-  නව මාධ්‍ය තාක්ෂණයෙ පදනම් කොටසක්. ඒක දැන් සෑම තැනක්ම වෙළාගෙන. අරගල ද ජනතා සටන් ද සුබසාධන වැඩ විතරක් නෙවෙයි, සතෙක්ට කෑම දෙන එක මතින් පවා ඔසවන්නෙ ස්වරූප රාගය.

 

ප්‍රොෆයිල් අප් කරගන්න, දේශපාලන ප්‍රොෆයිල් බවට පත් කරගන්න සමහර චරිත ඉන්ස්ටන්ට් අරගලකාරයො බවට පත් වුණා. ජනතා අරගලයෙන් නැගෙන මාධ්‍ය අවකාශය ඒකට පාවිච්චි කර ගත්තා. ඒක එයාලගෙ වරදක් නෙවෙයි. ඒක තමා මේක. මේ යුගය. වරද වෙන්නෙ ඒවාට වසඟ වීම. ගිනි කණ වැටීම. පෙට්රල් ආවම, වැඩිමිලට හරි පවර් සප්ලයි වෙනකොට, ඔය බහුතරයක් චරිත කලින් නොතිබුණු අරගලකාරී දැවටුමකුත් ප්‍රොෆයිල් එකේ තවරගෙන ආයෙම තම තමන්ගෙ සුවපහසු කලාපවලට ගියා. ඔය වසඟකාරී චරිත - උදාහරණයක් හැටියට සමහර යූටියුබ්කාර චරිත පොඩි වීඩියෝ කෑල්ලක් කළා ද වසන්තයා ඇතුළෙ දවස් සිය ගාණක් ලගිද්දි? හැබැයි කකුලෙ කරගැට එනකම් බිමේ ඇවිදලා ජීවිතය ම දේශපාලනය කරපු චරිත ඔය ඉන්ස්ටන්ට් අරගල චරිතවලට උඩට නගින්න එයාලගෙ උරහිස දුන්නා!

කාරණේ මේකයි, වසඟයි වෙනයි - දේශපාලනය වෙනයි. දැන් පැන නැගිලා තියන වසඟකාරී රැල්ලට අදාළවත් කියන්න තියන්නෙ ඒක ම තමයි,
වසඟය වෙනයි - දේශපාලනය වෙනයි!


(උපුටා ගැනීම් අන්තර්ජාලයෙන් )

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්