කොමඩිය script එකක් ද?



ඔව්. Script එකක් ඒත් හුඟදෙනෙක් guess කරල තිබුන විදිහ වැරදියි...

# බෞද්ධයන්ගෙ අනුමානය මේක බුදුදහමට ගහන්න හදපු script එකක් කියල.

# වාමාංශිකයන්ගෙ අනුමානය මේක ආන්ඩුවෙ මතවාදී මෙහෙයුමක් කියල.

 

බුදුදහම කියන්නෙ ලංකාවේ වසර 2500ක ස්ථාපිතයක්, මේවගේ කොමඩි වැඩවලින් ඒ ස්ථාපිතයට අබමල් රේනුවක බලපෑමක් නෑ කියල මේ වගේ වැඩකට සල්ලි වියදම් කරන කෙනෙක්ට හෝ ආයතනයකට නොතේරෙන්න විදිහක් නෑ. ඒ නිසා මේක බුදුදහමට ගහන්න කරන වැඩක් නෙමේ.

ස්ලාම් ආගමට වගේ විරුද්ධ උනානම් ඒකෙන් ස්ලාමයට එරෙහි වීරයා වීමෙන් බෝනගේන් එකට සාම්ප්‍රදායික කතෝලිකයන් අතර යාන්තම් ප්‍රසාදයක් වගේ එකක් හදා ගන්න පුලුවන්. ලංකාවෙ නැතත් ලෝක මට්ටමෙන් හරි එහෙම ගැටුමක් තියන නිසා. ඒත් බෞද්ධයන් එක්ක එහෙම ප්‍රතිවිරෝදී පැවැත්මකුත් නැති කතෝලිකයන් අතර එවැනි ජනප්‍රියත්වයක් ලැබීමේ වාසියක්වත් මේකෙන් බෝන් එගේන් එකට නෑ. ඒ නිසා මේක ආගමික වැඩක් වෙන්න බෑ.

දේශපාලනික වැඩක් නම් ඒක ආන්ඩුවෙ වෙන්න බැරි,

මේවෙලාවෙ ආන්ඩුවට තියන ලොකුම අභියෝගෙ ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම, ඒකට විශාලම මතවාදී සහාය ලබාදෙන්නෙ රැඩිකල් දක්ෂිණාංශිකයන්, එයාලගෙ පන්සිල් පද වගේ දේවල් ...

භාෂණයේ නිදහස
ජාතික ප්‍රශ්නය
LGBT  ප්‍රශ්නය ...


ඒනිසා මේ කොමඩියෙන් හදන මතවාදී දැපැත්තෙදි මේ රැඩිකල් දක්ෂිණාංශිකයන්ට පෙනී ඉන්න වෙන්නෙ ඩෑන්ලට නානසාරලට විරුද්ධව.

අරගලය අවසාන වෙනකොට අරගලය තුල හිටපු වාමාංශිකයන් සහ ලිබරල්වාදීන් දෙකට බෙදුනෙ රනිල්ගෙ ආර්ථික වැඩපිලිවලට ලිබරල්වාදීන් පක්ෂ නිසා, ඒ බෙදීම නැතිකරල රැඩිකල් දක්ෂිණාංශිකයන් යලි අරගලයේ සිටි වාමාංශිකයන් සහ කල්ට් එක්ක එකතු කරන්න පුලුවන් තැනක් හදන්න, අවස්තාවක් දෙන්න රනිල් වික්‍රමසිංහට නරක හීනෙකින්වත් හිතෙන්නෙ නෑ. ඒනිසා මේක රනිල්ගෙ script එකක් වෙන්නම බෑ.

හැබැයි මේක script එකක්...

ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණවලට හැමදාම විරුද්ධ උන සාම්ප්‍රදායික ජාතිකවාදීන්, ඇතිවුන අර්බුදය නිසා හෝ එම ප්‍රතිසංස්කරණවලට පක්ෂ වෙලා ඉන්න තත්වයක නැවත් ඔවුන් ආර්ථික ප්‍රතිසංස්කරණ සටනෙන් ජාතිවාදී ආගම්වාදී සටනකට ගෙනිහිල්ල ලිබරල්වාදීන් සමග ඔවුන්ගෙ සංහිදියාව බිදින්න ඕනෙ කාට ද

ඒකෙන් වාසි කාට ද ?

මේ පාරදිගේ හොයාගෙන ගියොත් මේ script එක කාගෙද හොයා ගන්න පුලුවන්...

නැත්නම් මංජු නිශ්ශංක කවු ද slvlog එකේ ඉන්නෙ කවු ද , ඒ වගේම නානසාරලගෙ, ඩෑන් ආදිකතෲන්ල කවු ද , ඒ අය දැන් කොහෙද ඉන්නෙ එයාල සහ slvlog ල අතර සම්භන්දෙ මොකක් ද ? ඒ පාරෙනුත් ඕනෙනම් හොයාගන්න පුලුවන්

පලවෙනි පාර මතවාදී එකක් නිසා මම ඒකෙ යන්නෙ ,,දෙවෙනි එක intelligence  වැඩක් ඒක මට බෑ..

ඒ subject එක දන්න අය ඒපාරෙන් යන්න..


waruna rajapaksha(වරුණ රාජපක්ෂ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - ජනාධිපති මාධ්‍ය අංශය

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Waruna Rajapaksha ගේ ෆේස්බුක් පිටුවෙන්..)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්