යුද්ධයකදී එම යුද්ධයට අදාල නොවන සිවිල් ජීවිත සහ දේපල වලට වන හානි Collateral Damage ලෙස හැඳින්වේ. පාර්ශ්වයන් දෙකක් අතර ගැටුමකදී Collateral Damage එකට ලක්වන්නේ සන්නද්ධ ආරක්ෂාවක්

නොමැති දුර්වලයන්ය. මේ දුර්වලයන් සමහරවිටෙක පලිහකි. සමහරවිටෙක ආරක්ෂක වැටකි. සමහර විටෙකි ඇමකි. සමහරවිටෙක පහසුවෙන්ම පහරදී සතුරාට දැනවිය හැකි දුර්වල ඉලක්කයකි.....
ඉතින් හිතවත් නතාෂා,
බිලී කොක්කට දමන පණුවා මට අනුව මිලිටරි නොවන තත්වයකට ඌණනය වූ Collateral Damage එකකි. හේතුව ගේම ඇත්තේ මාළු බාන එකා සහ මාළුවා අතරය. පණුවා තනිකරම ඇමක්ම පමණි. ඇමට හසුවී istockphoto 172213732 612x612 removebg previewවෙව්ලන මාලුවා ගැන දුක්වන කිසිවෙකුත් ඒ බිලී කොක්කේ අග ඇමිණී දඟලන "පණුවා" ගැන කතාකරන්නේ නැත. පණුවා යනු මාළුවා ඇල්ලීමට දැමූ මාළුවා "කෑමට ආසා" යමකි. පණුවා හිතුවට මාළුවාත් මගේ පංතියේ පීඩිතයෙක් කියා ඇත්තටම මාළුවා පනින්නේ පණුවා කන්නටය.

මාළුවා මාට්ටුවෙන්නේ පණුවා කෑමට ඇති පෙරේතකම නිසාය. "පණුවා" යනු "මාළුවාගේ"ගොදුරයි......


ඔබ කොක්කේ ගැටගසා බාන්නට හැදූ මාළුවා අපිට පෙනෙන විදියටනං පැනගියේය. දැං කොක්ක පණුවා එක්ක වතුරේ දමාගෙන ඉන්නේ වෙන කරන්නට දෙයක් නැතිනිසා ලැජ්ජාවටය.

 
ඉතිං නතාෂා පණුවාට සත්ව ආරක්ෂකයන් කවි ගී ලියන්නේ නැත. මාළු නිදහස්කරන Youtuber ලා කවදාවත් පණුවන් පෙට්ටිය නිදහස් කොට පසට දමා වීඩියෝ දමන්නේද නැත...... හේතුව පණුවා, මාළුවා මෙන් ලස්සනත් නැති, කන්නත් බැරි නිසාය......

අල්ලන්නට ගිය මාළුවා පැන්න පසු "පණුවා" එහෙම්ම වතුරට විසිකර දමනවා හැර ආපහු පසට අතාරින්නට තරම් මාළු අල්ලන එවුංට පිස්සුත් නැත.... අනික උංට තව මාළුන් බෑමටත් ඇත.......
නතාෂා,
ලෝකය ආසා එයාලට වැදගත් මාළුවාටය. සමාජය මාළුවා වෙනුවෙන් කවිසිංදු ලිව්වාට "පණුවා" වෙනුවෙන් කවි සිංදු ලියන්නේ නැත්තේ ඒ නිසාය......
හේතුව පණුවා ඔය අදහසේදී " Collateral Damage" එකක් නිසාය.... 'පව් නේහ්' වලට එහා Collateral damages වලට අවදානයක් නැත....
එහෙත් බැරිවෙලාවත්,

 

natasha edirisooriya

 ඔබෙන් අපහාසවුණා යයි කියන බුදුන් නමින් හැඳින්වෙන ඒ ගැඹුරු මහා මනුෂ්‍යයා අප අතර උන්නේ නම් ගල් මුල් වලින් ඔබව රැකගෙන, ඔබේ අතෙන් අල්ලාගෙනගොස්, ජේතවනාරාමයේ ඔබව හිඳුවා ඔබත් සමඟ ඔබේ ජීවිතය ගැන, උන්වහන්සේගේ ජීවිතය ගැන, අපහාසය ගැන, වෛරය ගැන සාකච්ඡාවක් අරඹනු ඇත. ඒ සාකච්ඡාව කෙළවර පිටත්වයන්නට සැරසෙන ඔබට,
" දියණිය, කිසිවෙකුට වෛර නොකර ප්‍රවේශමෙන් යහපත් සිහියෙන් ජීවත් වන්න"
යැයි ඒ කරුණාවන්ත මිනිසා ඔබට කියනු ඇත..... 

එහෙත් අද බුදුන් නැත...... ඉතිං නතාෂා, පටාචාරාට, ඛේමාට, සුන්දරී පරිබ්‍රාජිකාවට ලැබුණ ඒ සැනසීම බුදුන් සරණ ගියායැයි කියන මේ සමාජයෙන් ඔබට ලැබෙන්නේ නැත. ඔබට ඉතිරිව ඇත්තේ ඔබට මේ මොහොතේ එරෙහිව සිටින නීතියේ පිළිසරණම පමණි...... ඔබේ සැනසීම ඇත්තේ එතැනය.
මේ තරුණිය වචන පේළියක් වෙනුවෙන් විශාල දඬුවමක් විඳ අවසන්ය.

නීතියටත්, හිරගෙදරටත් වඩා ඇයට ලැබුණ අපහාස, උපහාස ගැරහුම්, වෛරය, කුණුහර්ප වැසිවලින් ඔබ දඬුවම් දී අවසන්ය. Screenshot 2023 07 01 at 2.29.26 PM removebg preview

ඉතින් දැන්වත් ඇයට එම ඇගේ නිදහසට අවශ්‍ය නීති සහනය ලබාගන්නට හැකිනම් උපකාර කරන්න......

 පණුවා "මාළු බාන" එකාගේ වගේම, අහිංසක හැඩේට පේන  ලස්සන "මාළුවාගේත්" ගොදුරක් බව මේ කුඩා "පණුවන්ට" තේරේවා........

ප.ලි
මෙවර මේ මාළු බාන අත ඔබට නොපෙනෙයි.... මටත් මේ මොහොතේනං නොපෙනෙයි....... ලාවට චායාවක් ලෙස පෙනෙන්නේ ඒ "අපි හිතන අත" නෙවේ බව පමණක් තේරෙයි.......

 

Screenshot 2023 07 01 at 12.29.26 PM

 

  ලක්මාල් ධර්මරත්න

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්