1200 x 80 DMirror

මේක තමයි ඔරිජිනල් මාක්ස්වාදී බස් හෝල්ට් ඩිසයින් එක. තියෙන්නෙ ඉන්දියාවේ

කේරලයේ කොල්ලම් කියන ගමේ.

මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය කේරලයේ ප්‍රබලම පක්ෂ අතරින් එකක් වන අතර වර්තමානයේ පාලන බලය හිමි වාමාංශික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ශ්වකරුවෙකි. කේරලයේ ප්‍රධාන ඇමතිවරයා එම පක්ෂය නියෝජනය කරයි.

මෙම බස් නැවතුම ගැන වැඩි අවධානයක් යොමු වූයේ ඉන්දුනීසියාවේ මෙවැනි බස් නැවතුමක් ඇති බවට පළ වූ ව්‍යාජ පුවතක් වයිරල් වීමෙනි. ඒ සම්බන්ධ කරුණු පරික්ෂා කළ ඒඑෆ්පී ආයතනය විසින් මෙම බස් නැවතුම පිහිටි ස්ථානය වාර්තා කරන ලදි.

ලංකාවේ කනංකෙ සිරි පැරකුම් ජාතික පාසල අසල ඉදි කර ඇති බස් නැවතුම්පොළ සඳහා අනුකරණය කර ඇත්තේ කේරලයේ ඉහත සඳහන් කරන ලද බස් නැවතුමයි.


(praja.lk)



මේක ආතල්ජනකයි - චින්තන ධර්මදාස

szdsfd

මේක විකාරසහගතයි කියල පෝස්ට් ගොඩක් දැක්කා. ඒත් මේක ආතල්ජනකයි කියල මං හිතන්නෙ. රටේ පේමන්ට් ලෙවල් එකට ධනවාදී බස් වෙළඳපොලේ සමාජවාදී බස් හෝල්ට් එකක් තියෙන එක. මට නං ආසයි මේ බස් හෝල්ට් එකේ ඉදන් ෆොටෝ ගහන්න, මියුසික් වීඩියෝවකට වුනත් මරු. අර විමලෙගෙ කෙහෙල් කොල හෝල්ට් එකට වඩා ගතියක් තියෙනවා .

(චින්තන ධර්මදාස ගේ ෆේස්බුක් පිටුවෙන් )

 

JW

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

වායාම

නවතම පුවත්