දැන් ඔය කාගිල්ස් එකේ ගැහුවා කියන අම්මට සිරි වෙන තිරස්චීන නෙලිල්ල

දැන් මුළු බුකියම කතා වෙනවනේ. ඒ ගැන විශේෂඥ පොරවල් සෑහෙන පමණ ටෝක් ඉෂූ කරනවනෙ.

දැන් ඇත්තටම මේ දර්ශනය සිද්දවූනේ කොහෙද, කොයි විදියටද, මොන වගේ සන්දර්භයක් ඇතුලෙද කියල මේ ගැන අදහස් දක්වන කිසිම කෙනෙක්ට ලොකු අදහසක් නැහැ.

ඒ කියන්නේ අපි මේ සටහන් ලියන්නේ (මේ සටහනත් ඇතුළුව) සත්‍යම සත්‍යය (absolute truth) ගැන අවසන් අදහසක් නැතුව.

මේකම අදාලයි චැනල් 4, සුදු කොඩි වීඩියෝ සහ චැනල් 4 එකේ තවත් වීඩියෝ වලට වගේම ඔය දේශපාලනය ගැන කියන කට කැඩිච්චි කතා හැම එකටම වගේ.

මේ වගේම වෛරල් වෙච්ච මීට කලින් ආපු ගොඩක් දේවල් ගැනත් මිනිස්සු අදහස් පලකළා.

ඉතින් අනාගතේ ඔය සමාජ මාධ්‍ය වාරණය ගැන එන්න නියමිත පණත ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ සමාජ මාධ්‍ය යුගයේ මිනිස්සු අදහස් දක්වන්නේ මෙහෙම තමයි. ඒක සෘජු අදහස් දැක්වීමක්. ඒ වෙලාවේ එන කෝපය හරි සතුට හරි මොකක් හරි ඒ වෙලාවේම මිනිස්සු ඒක සමාජයට මුදාහරිනවා.

ඒ නිසාම ලොකු අනතුරු වෙන්නත් පුළුවන්. හැබැයි නීතිය කියන එක සෑහෙන්න නැමිල තියන යුගයක මිනිස්සුන්ගේ කේන්තිය පුපුරා යන්නෙත් මේ විදියට තමයි. මේකත් නැති උනොත් බුකිය නෙවෙයි පුපුරන්නේ මුළු සමාජයම.

ප්‍රතිචාර කියන එකත් මේ යුගයේ සත්‍යයක්. ඉස්සර වගේ නෙවෙයි. ඒක ටිකක් අලුත්. සත්‍යයට ඇතුළත් ඒකට තියන සමාජ ප්‍රතිචාරයත් (the reaction is included in the truth).

මේ නව තත්වයට වාරණය නම් කිසිසේත් උත්තරයක් වෙන එකක් නැහැ.

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)





සබැඳි ලිපි :

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්