ලංකාවෙ මං දැකපු ලස්සනම උපහාර දැක්වීමක් තමයි ප්‍රියා සූරියසේනට සුමති සම්මානවලදි ලැබුනෙ. 


ඒක අසිරිමත් මොහොතක්. එහෙම ජනතා ප්‍රසාදයක් ලැබෙන්නෙ ගායකයෙකුට හෝ නළුවෙකුට විතරයි. අනෙක් කිසිම කලාකාරුවෙක් ඒ විදිහට මිනිස්සුන්ගෙ ඉමෝෂනල් පද්ධතිය අරක් ගන්නෙ නෑ.

 

priya 12

ඒ වැඩේ කිසිම විදිහකින් සල්ලි ගෙවලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. කොයිතරම් මුදලක් ගෙව්වත් ඒ වැඩේ ඔය අපි දැකපු දිව්‍යමය බව ගන්න බෑ. ඒක එන්නෙ මිනිස්සු තමන්ගෙ අතින්, තමන්ගේ හදවතෙන් කොටසක් ඒකට දානකොට. ඒක අතිරික්තයක්. ඒ උපහාර දැක්වීම ඇතුලෙ ඒ මිනිස් අතිරික්තය තිබුන. 

ඕනම වැඩකදි මිනිස්සුන්ට ඒ අයගෙ අතිරික්තය එකතු කරන්න අවස්තාව දෙන එක වැදගත්. විශේෂයෙන් ලංකාව වගේ රටකදි. අවශ්‍ය මූලික කොන්දේසි ටික සපුරන අතරෙදි තමන්ගෙ අතින් දෙයක් එකතු කරන්න මිනිස්සුන්ට ඉඩක් තියෙන්න ඕන. හොඳ මුදලක ගෙවීමක් ලබලා කරන වැඩකින් කිසි දවසක බෑ නිකං කරන වැඩක සොමිය ගන්න. ගෙව්වම ඒක වැඩක් වෙනවා. නිකං කරද්දි පූජාවක් වෙනවා. 
 

 

ඒක සිද්ද වෙන්නෙ ආගමික බවක් ඇතුලෙ. මිනිස්සු ආගම් ඇතුලට එකතු කරන්නෙ ඒ අතිරික්තය. කලාව ඇතුලට එකතු කරන්නෙ ඒ අතිරික්තය. සුමති වේදිකාවෙ අපිට දැනෙන ඇගේ හිරිගඩු පිපෙන අත්දැකීම වෙන්නෙ ඒක කියලයි මං හිතන්නෙ.


(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image